අම්මේ මම ආවේ ලයිට් කපන්න.

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අම්මේ මම ආවේ ලයිට් කපන්න.

    "අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න.."
    "හරි මහත්තයා... ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න..."

    29365654_1853564471380801_5957942120246655600_n.jpg


    එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ.. විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා.. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර තිබුනු බැවින්..

    මා යන විට තරමක් මහලු කාන්තාවක් කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියේ...
    ඇය මාව ගනංගන්නේවත් නැතිව

    "මහත්තයා ආපු වැඩේ කරලා යන්න"

    කී අයුරින්ම මට කෘතුහලයක් ඇති උනා මේ කාන්තාවගේ කතාව සොයා බලන්න...

    "ඇයි අම්මා එහෙම කියන්නේ.. ලයිට් කැපුවහම අම්මලාට කරදරයිනේ.. බැරිද මොකක්හරි කරලා මේ බිල ගෙවලා දාන්න"

    "වැඩක් නෑ මහත්තයා මට ඕක ගෙවන්න විදියක් නෑ"

    "ලයිට් කැපුවහම ආයේ අමුනන්නත් සල්ලි දෙන්න වෙනවා... මෙතන පොඩි ගානක් නේ ගෙවන්න තියෙන්නේ.."

    ගෙවන්න තිබුනේ රුපියල් තුන්දහස් ගානක්.. වෙන මිනිස්සු දස අතේ බොරු කියනවා ලයිට් කපන්නැතිව තියාගන්න... ඇත්තටම ඇයි මේ කාන්තාවට මේක ගෙවාගන්න බැරිඋනේ යන්න දැන ගැනීමේ උවමනාව හින්දාම මම ඇහුවා..

    "මොක උනත් ඕවට ගෙවන්න තියා මේ පොඩි එකාට කන්න දෙන්නවත් මට විදියක් නෑ"

    " ඇයි අම්මට මොකද උනේ... මේ දරුව කාගෙද.."

    "මගේ කතාව අහන එක මහත්තයට වැඩක් වෙන්නෑ.. ඒ කතාව කාටවත් වැඩක් නෑ.."

    ඇය ඉවත බලාගෙන... ඒ කියූ අයුරින්ම මගෙ හිත කීරිගැසී ගියා..
    මා ඇගෙ කතාව අසා සිටියා...

    "මහත්තයෝ මේ මගෙ දුවගේ දරුව..
    ඒකි රට ගියා දැං ආගිය අතක් නෑ...
    මං වැඩකලේ ගොවිපලේ... හැට පැන්න හින්දා පැංසන් ගියා...
    තාම මගෙ පැංසන් පඩිය එවුං හදලා දුන් නෑ මහත්තයෝ..."

    "මේ දරුවගේ ලේ වල පිලිකාවක්... "

    ඇගේ ඇස් කෙලවරේ පුංචි කඳුළු බිඳුවක්..

    "මං වැඩට යද්දි මේකගේ අම්මා.. මගේ දුව ගෙදර තනියමයි හිටියේ.."

    "මගේ මිනිහ ලෙඩවෙලා මැරුණෙ ඒකිව හම්බවෙලා අවුරුදු දෙකකට විතර පස්සේ.."
    "ටික කාලයක ගෙවල්වල වැඩ කරලා ඒ ඉඳුල්වලින් කෙල්ලව උස්මහත් කරා.." "ඒකිට හරියකට උගන්න ගන්නත් බැරිඋනා.."
    "සල්ලි තිබ්බෙ නෑ මහත්තයෝ..."
    "පස්සේ මං ගොවිපලේ වැඩට යද්දි ඒකි ගෙදර හිටියේ තනියම"

    "මේකට තාත්තෙක් නෑ ... මෙහෙ වරෙන් මයෙ දෙයියා.."

    ඇය දරුවව තුරුලට ගනිමින්... චීත්ත කෙලවරින් දෑස පිස ගත්තා...

    "මේකගෙ ලෙඩේ වැඩි වෙලා මහරගම ඉස්පිරිතාලේ හිඩපු ඩිංගට මයේ ගේ ගිනිගත්තා... මට මුකුත් ඉතුරු වෙලා නෑ.. දෙයියනේ...
    වටේපිටෙි උන්ටික එකතුවෙලා වහලෙ හෙවිල්ලා දුන්නා... ගේ හරියේ ඉඳගන්න පුටුවක්වත් නෑ මහත්තයෝ..."

    එවිටයි මා ගෙට එබී බැලුවෙ.. නිදාගන්නා පැදුරු කෑල්ල පමනයි ගෙතුල තිබුනේ...

    අහපු ටික හොඳටම ප්‍රමානවත්,

    මෙතරම් දුකක් දරාගෙන මේ කාන්තාව මෙසේ ජීවත් වෙන්න තිබෙන දෛර්ය මොනතරම්ද... මගේ හදවතට මහා බරක් දැනුනා... වාහනයට ගොඩවී කාර්යාලයට එනකම්ම මහා මූසල ප්‍රදේශයයක් පසු කරනවා වගෙයි එදා දැනුනේ

    "සර්... මේ ගෙදර ලයිට් කපන්න මට බෑ
    පුලුවන්නම් මෙන්න මේ මුදල මගේ පඩියෙං මාස හයකින් කපා ගන්න..."

    මම මගේ ප්‍රධානියා ඉදිරියේ පෙනී හිටියේ එසේ කියමින්..
    එතුමා වික්ෂිප්ත උනා

    "ඇයි සරත් මොකද්ද ප්‍රශ්නේ.. "

    එතුමාගේ පෙරෙත්තය මත මා සියල්ල පවසා සිටියා...

    "සරත් ඔයා හිතන්නේ මට හිතක් පපුවක් නෑ කියලද..."

    ඔහු එම බිල රතු පෑනෙන් කපා දැම්මා...

    --------------------------

    මාස කිහිපයකට පසුව මට පනිවිඩයක් ආවා,

    "සරත් අයියා අන්න ඔයාවද මන්දා හොයනවා, වයසක අම්මා කෙනෙක්"

    මගේ වැඩටික නිමාකර, මා පැමිණියා කාර්යාලයේ ඉදිරිපිටට.. තරමක් දැක හුරු අම්මා කෙනෙක්....
    මතක්උනා...

    "මහත්තයට මාව අඳුරගන්න පුලුවන්ද.."

    අතේ තිබුනු පාර්සලය මවෙත දික්කරමින් ඇය ඇසුවා...

    "මගේ පැංසන් එක හම්බඋනා මහත්තයෝ..."

    "මට දැං කාත් කවුරුවත් නෑ... කොලුපැටියත් නැතිඋනා.. අනේ මට ඌට හරිහමන් බෙහෙතක් හේතක් කරගන්නවත් බැරිඋනා.."

    "මගෙ ජීවිතේටම මංගැන අනුකම්පා කරපු එකම එක්කෙනා මහත්තයා විතරයි.."

    "මේං මේ අලුව පාර්සලේ මහත්තයට ගෙනාවේ..."

    "හා හා ගොඩාක් ස්තූතියි... ඔහොම්මම එන්නකො ඇතුලට.."

    මම ඇයව මගේ ප්‍රධානියා ගාවට රැගෙන ගියා...
    ඇයව අදුන්වා දුන්නා..
    ලොක්කා කී ලෙසම කාර්ය මණ්ඩලයේ සියලුදෙනාව එයාගේ කාමරයට රැස් කලා..
    කට්ටියම අලුව කාලා තේ කහට බිව්වා.. අර අම්මත් සමග...
    අපි හිනාවුනා... අම්මගේ රැලිවැටී වේලිලා තිබුනු මුහුන කොනකත් පුංචි සිනා රැල්ලක්... ඇස් දිලිසුනා...
    ------------------------

    සරත්චන්ද්‍ර සහෝදරයාගේ රැකියා ජීවිතේ මතක අත්දැකීමක් ඇසුරිනි
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අඩෝ සිරාවට, අපි fun එකට දාස් ගානක් එක දවසට වියදම් කරන කොට මේ වගේ එදා වේල හොයා ගන්න බැරි මිනිස්සු කීදාහක් මේ ලෝකෙ දුක් විඳිනවා ඇතිද. ඇත්තටම මොකක්ද මේ ජීවිතේ කියල හිතෙනව මේ කතා දකිද්දි.:no::(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    බොරුවක්ද මන්දා? මාස 6 කිං තුන්දාස් ගැන ගෙවල වැඩක් යැ ඒ මාස 6 ට තව එකතු වෙනවනේ :confused: අනික එහෙම නිකං රතු පෑනෙන් කැපුවම බිල අවලංගු වෙනවද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බොරුවක්ද මන්දා? මාස 6 කිං තුන්දාස් ගැන ගෙවල වැඩක් යැ ඒ මාස 6 ට තව එකතු වෙනවනේ :confused: අනික එහෙම නිකං රතු පෑනෙන් කැපුවම බිල අවලංගු වෙනවද?

    avatar530392_11.gif
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka mama hithanne boruth hadala danawa wenna athi, light bila kapanna awilla nam, katada hadawathak tiyenne mewage kapala yanne..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    බොරුවක්ද මන්දා? මාස 6 කිං තුන්දාස් ගැන ගෙවල වැඩක් යැ ඒ මාස 6 ට තව එකතු වෙනවනේ :confused: අනික එහෙම නිකං රතු පෑනෙන් කැපුවම බිල අවලංගු වෙනවද?

    කරන්ට් එක කපන්න වෙනම නිලධාරියෙක් සහතික කරලා යවන්න ඕනේ ...... රතු බිල ආවට පස්සේ ගිහිල්ලා කතා කරගන්න පුළුවන් එයත් එක්ක ..... ඊට පස්සේ කපන්න යන ටීම් එක දැනුවත් කරලා දවස ඉස්සරහට දානවා ..... නැත්නම් මුදල ගෙව්වොත් අයින් කරනවා

    දැන් හිග මාස තුනක් තිබ්බොත් බාගයක් ගෙවලා තිබ්බත් රතු බිල එනවා ..... ඉස්සර එහෙම තිබ්බේ නැ .... ඔෆිස් එකට ගිහින් කතා කරලා .... එහෙම නැත්නම් දැන හදුනුම්කම් මත ටික කාලයක් නොකපා තියා ගන්න පුළුවන් .... මගේ තාත්තා ඔය විදියට කතා කරලා වැඩේ කරගෙන තියෙනවා ඉස්සර .......මම ඉස්කෝලේ යන කාලේ සල්ලි ප්‍රශ්න තිබ්බා අපේ පවුලේත් කාලයක්

    මේ කතාවේ ඉන්නේ ලයිට් කපන්න යන කෙනා නේ .... එයා ගිහිල්ලා එයාගේ ලොක්කට කියන්නේ ...... ඒගොල්ලෝ එකතුවෙලා බිල ගෙව්වා හෝ වෙන දෙයක් එතන වෙන්න ඇති ... ඒ ගැන සදහනක් කරලා නැනේ ......... කතාව ඇත්ත වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා :yes:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    බොරුවක්ද මන්දා? මාස 6 කිං තුන්දාස් ගැන ගෙවල වැඩක් යැ ඒ මාස 6 ට තව එකතු වෙනවනේ :confused: අනික එහෙම නිකං රතු පෑනෙන් කැපුවම බිල අවලංගු වෙනවද?

    Airtel 99 card එකෙන් නේද internet එන්නෙ? ඔහොම හිතෙන එක සාමාන්‍යයි:P :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    ඒගොල්ලෝ එකතුවෙලා බිල ගෙව්වා හෝ වෙන දෙයක් එතන වෙන්න ඇති ... ඒ ගැන සදහනක් කරලා නැනේ .........

    hmm hmm

    Airtel 99 card එකෙන් නේද internet එන්නෙ? ඔහොම හිතෙන එක සාමාන්‍යයි:P :lol:

    උඹට SLT FTTx තියෙන හින්ද නෙට් එකේ තියෙන සේරම ඇත්ත කියල හිතෙනව ඇති ;):rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    :love: හදවත ගැබුරින්ම රිදෙව්වා. හදවත රිදුන නිසා කඳුලක් ආවා.
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    අපි යාළුවො කට්ටිය ළමා නිවාසයකට දවල් කෑමක් දුන්නා. ලස්සන පොඩි නංගිලා මල්ලිලා ටිකක් හිටියේ. අපිට ඇත්තටම උයන්න බැරි නිසා කඩේකින් අරන් තමයි කෑම දුන්නේ. එයාලා මේසෙට වාඩි වෙලා කන්න කලින් අපිට පින් දෙනවා. ස්තූති කරනවා. මට කඳුළු ආව නිසා මම නැගිටලා කිව්වා එයාලට එහෙම කියන්න ඕන නැහැ ඔයාල වාඩි වෙලා කන්න කියලා. කවදාවත් ඒ වගේ වැඩක් කරලා පින් බලාපොරොත්තු වෙන්න එපා. පින් බලාගෙන පින් කරන්න එපා. පින් බලාපොරොත්තු වෙනවා කියන්නෙත් තණ්හාවක්. වැදගත් වෙන්නෙ හිතේ සතුට. සතෙක්ට තමන්ගෙ කෑම එක දීලා ඌ බඩගින්න නිවා ගන්න ඒ කන එක දිහා බලන් සතුටු වෙන්න පුළුවන් නම් ඔයා පින් කඳක්. කවදාවත් වරදින්නෙ නැහැ. :yes::love: