අම්මේ................

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මහමෙව්නාවේ සමාධි රුව ලෙස
    පාලු පැලේ හිද තනිකම තුරුලු කරන්.....
    නොසැලෙන දෑසින් බවුන් වඩන නුඹෙ
    මව් සෙනෙහස සිත හැඩෙන තරම්........

    කිරට හැරී ගිය උණු ලේ දහරක,
    දයාව පුතු මත හෙලූ පිනින්........
    උරය පලා ගිය රුහිරු මිනිස් කම,
    ඒ පුතු දෙරණට පිදුව සැනින්.......
    අම්මේ නුඹෙ ණය ගෙවා දමන්නට,
    පුතු නෑ ඇවිදින් පුරුදු ලෙසින්......
    ලද සෙනෙහස ගැන ලොවට කියනු ඇත
    නිහඬ මුවින් නොව, අවසන වියැලුනු කඳුලු බිදින්.....

    දෙරණ හලාහල විස දිය කරගෙන,
    මුනින් තලා වැද මා බිම සිප ගත්
    ඒ දෙතොලඟ රැඳි මදහස කීවද
    නුඹෙන් උරා බිවු එඩිතර තෙද බව
    සෙනේහයේ සුව, ජාතියෙ කැක්කුම
    අතින් දරා ණය ගෙවූ බවක්........
    තදින් පියා ගත් දෙනෙත් කෙවෙනි අග
    දුටුවද බියගුලු නිවට බවක්..........
    සිoහ කොඩිය යට නිදා උන්නෙ අද
    අම්මේ නුඹ හැදු වීර පුතෙක්...........

    මා මුහුණදුන් සත්‍ය සිදුවීමක් වෙනුවෙන්
    මුලු හදවතින්ම අකුරු කල සිත්තමකි.............

    sumudusp2005

    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    2008%5C254%5C2008-09-10T133214Z_01_RAG10_RTRIDSP_0_SRILANKA.jpg

    20081012_MjgenJanaka1.jpg
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    it's beautiful bro, this creation.

    you are a capable poet I would say who can translate emotions into meaningful words.

    Please keep posting more poems.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    it's beautiful bro, this creation.

    you are a capable poet I would say who can translate emotions into meaningful words.

    Please keep posting more poems.

    thanks for your compliments and your encouraging words. And i'm sure i will be inspired to send you more poems.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    හිතට වැදුනා මචන්.... තව තවත් කවි ලියන්න..

    Thanks මචන්.
    ඒත් .....................
    views කීයද.... ? comments කීයද......?
    මොකටද මචන් තවත්..........:no:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මල්ලි මේක පොස්ට් කරන්න නිසදැස් section එකේ. මම දැක්කෙත් නැහැ මේ නිර්මාණය,මොකද මම නිර්මාණ බලන්නේ නිසදැස් section එකේ. ඔයාට ලස්සනට ලියන්න පුළුවන්. රසවත් සහ සංවේදී නිර්මාණයක්. එළකිරියේ නිර්මාණ රස විඳින පිරිසක් ඉන්නවා. එක නිර්මාණයක් දාල views නැහැ කියල පසුබට වෙන්න එපා. දිගටම නිර්මාණ කරන්න. ලියන දේ නැවත කපා කොටා මුලින්ම ඔයා විඳින්න. ඔයාට ඒකෙන් යම් කිසි රසයක් දැනෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ නිර්මාණ විඳින පිරිසක් බිහි වෙයි. like, views හෝ comments වෙනුවෙන් පමණක් නිර්මාණ කරන්න හිතන්න එපා. නිර්මාණයක් ඔයාගේ ආත්ම තෘප්තිය හරහා අනිත් අයගේ හදවත් වලට කතා කරන්න යොදා ගන්න. ඔයාට හැකියාවක් තියනවා. දිගටම ලියන්න.
     
    ගොඩක් දැනුනා අක්කේ..... thanks a lot:D

    මේක මම ලිව්වෙ 2001දි. මුල් පද පේලි ඇරුනම අනිත් ටික සම්පූර්නයෙන්ම වෙනස්. ඒදවස් වල මගෙ යාලුවෙක් මේක දැකල එයා පත්තරේට යවල තිබුනා.

    ඒත් දැන් මට ඒක හොයාගන්න නැහැ. මගෙ මතකයෙ තිබ්බ මුල් පද ටිකට ඉතුරුටික එකතුකරලා දැම්මෙ.

    මුලින්ම ලිව්වෙ ඒ අය්ය army එකේ ඉන්න කාලෙ එයා ගෙදර එනකම් අම්ම බලන් ඉන්න විදිහ දැකල.

    ඒත් එයා යුද්ධෙදි නැතිඋනා.:(

    ඒනිසා දැන් අලුතින් ලියද්දි මගෙ ඔලුවෙ ඒක තිබුන නිසා ඉතුරුටික හිතපු නැති පැත්තකට ලියවුනේ.........

    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගොඩක් දැනුනා අක්කේ..... thanks a lot:D

    මේක මම ලිව්වෙ 2001දි. මුල් පද පේලි ඇරුනම අනිත් ටික සම්පූර්නයෙන්ම වෙනස්. ඒදවස් වල මගෙ යාලුවෙක් මේක දැකල එයා පත්තරේට යවල තිබුනා.

    ඒත් දැන් මට ඒක හොයාගන්න නැහැ. මගෙ මතකයෙ තිබ්බ මුල් පද ටිකට ඉතුරුටික එකතුකරලා දැම්මෙ.

    මුලින්ම ලිව්වෙ ඒ අය්ය army එකේ ඉන්න කාලෙ එයා ගෙදර එනකම් අම්ම බලන් ඉන්න විදිහ දැකල.

    ඒත් එයා යුද්ධෙදි නැතිඋනා.:(

    ඒනිසා දැන් අලුතින් ලියද්දි මගෙ ඔලුවෙ ඒක තිබුන නිසා ඉතුරුටික හිතපු නැති පැත්තකට ලියවුනේ.........

    කවිය වගේම නිධාන කතාවත් ගොඩක් සංවේදියි සුමුදු අයියේ..
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කවිය වගේම නිධාන කතාවත් ගොඩක් සංවේදියි සුමුදු අයියේ..

    එයා එක කුසේ උපන්නෙ නැතත් මට මගෙම අයිය කෙනෙක්.
    මට ඒක සෑහෙන්න දැනුනා.:(