මන් එළකිරි එකේ ඉන්න කොට ගොඩක් දැක්ක දෙයක් තමයි අම්මලට බනින එක. ගොඩක් කණගාටුයි අපි අම්මල ගෙන තැකීමක් කරන්නේ නැති එක. අම්ම කෙනෙක්
දරුවෙක් මෙලොවට බිහි කරලා ඒ දරුවාව හොද තත්වෙකට ගන්න කොයි තරම් කෙපවීම කරනවද. අපි නොදන්නා තරමට කොච්චර දුක් විදලා ඇත්ද? මට හිතුන ඔයාලට
මේ කතාව කියල අඩුම තරමේ පොඩි පණිවිඩයක් වත් දෙන්න.
මන් දවසක් Supermarket එකට අව බඩු ගන්න. අපි හිටය තැන පොඩි දුවෙක් එක්ක අම්ම කෙනෙක් හිටය,මේ දුවට අවරුදු 6ක් ඇති. ඉතාමත් අහිංසක
දරුවෙක්. එදා හරියට වැස්ස. පාරෙන් එහා පැත්ත පෙන්නේ නැති තරමටම වැස්ස. මේ දෙන්න ගෙදර යන්නද කොහෙද එළියේ ආවරණයක් යට ඉන්නවා, එතන ගොඩක් අය
එකතු වෙලා වැස්ස අඩු වෙනකන් බලන් ඉන්නවා. අපිත් ඒ ආවරණය යටට ගිය වැස්ස අඩු උනාම යන්න. ගොඩක් අය එතනට වැස්සට බැන බැන ඉන්නවා අඩුවෙනකන්.
මාත් මගේ ලෝකේ වැස්ස ඉවර වෙනකන් බලන් හිටිය
ඔය අතරේ මේ අහිංසක චුටි කටහඩකින් අපේ මනෝ පර කැඩුන. මේ පුංචි දරුවා අම්මට කියනවා. "අම්මේ අපි වැස්සේ යමු දුවල"
අම්ම: "මොකක්ද?"
දුව: "අම්මේ අපි වැස්සේ දුවල යමු බස් එකට "
එතකොට අම්ම කියනවා "සුදු දු අපි වැස්ස අඩු වෙනකන් ඉමු යන්න" ඉතින් මේ දුව නිශ්ශබ්දව ඉන්නවා
දුව
විනාඩියකට පස්සේ) "අම්මේ අපි වැස්සේ යමු"අම්ම: " අපි වැස්සේ ගියොත් තෙමෙනවනේ බබා" කියල
දුව
අම්මගේ හයයෙන් අත අල්ලන්) "අම්ම උදේ ඔහොම නෙවි නේ කිවේ" කියලඅම්ම : "උදේ මන් මොනාද කිව්වේ? වැස්සේ ගියොත් තෙමෙන්නේ න කියල කීවද?"
දුව: "අම්මට මතක නැද්ද අපි තාත්තගේ පිළිකාව ගැන කතා කරද්දී කීව, දෙවියෝ මේ ප්‍රශ්නෙන් අපිව බෙරුවොත් අනිත් ඕනෙම ප්‍රශ්නයකට තනියෙන් මුහුණ දෙනවා කියල
."
මේ කතාව ඇහුනු ඔක්කොම වගේ නිහඩ උන මට හොදට මතකයි වැස්සේ සද්දේ විතරයි ඇහුනේ. එතන හිටය ඔක්කොම වගේ නිහඩ උන. කව්රුත් එතනින් පිට උනේ නෑ
මිනිත්තු ගානක් යනකන්. මේක අහපු අම්ම ටිකක් ගැස්සුනා. වෙන කෙනෙක්නම් ම්කට හිනා වෙයි මේ දරුවාගේ කතාවට, සමහර අය ගණන් ගන්නේ නැතුවත් ඉදියි.
එත් මේ අම්ම: "රත්තරන් දුව ඕයා හරි, අපි වැස්සේ දුවල යමු, දෙවියෝ අපිව වැස්සෙන් තෙමයි, සමහරවිට අපිට රෙදි හෝදන්නත් වෙයි. කමක් නේ"
ඉතින් මේ දෙන්න වාහන අතරින් වැස්සේ තෙමි තෙමි හිනා වේවි මද වල වල වලට පැන පැන පොඩි ළමයි දෙන්නෙක් වගේ දුවන්න ගත්ත.එත් එක්කම එයාලගේ පස්සෙන්
එතන හිටපු අනිත් අයත් ඒ විදියට කේ ගහගෙන දුවන්න ගත්ත එයාලගේ වාහන වලට.ඔවු මාත් දිව්වා මාත් තෙමුනා..\\
මේ කතාවෙන් මොනවද ගන්න පුළුවන්?
නොයෙක් ප්‍රශ්න වලට හරි මිනිස්සුන්ට අපේ තත්වය රැකියාව වත්කම් ගරුත්වය නැති කරන්න පුළුවන්, එත් එක්කම අපේ සෞක්යත් නෙටි කරන්න පුළුවන්. එත් කවදාවත්
කාටවත් අපේ අම්ම කෙනෙක් අප වෙනුවෙන් කරන කැපකිරීම, ආදරය, මතකය අපෙන් ගන්න බෑ. මොන තරම් හිතේ දුක් කන්දර තියාගෙන අපි වෙනුවෙන් සතුටෙන් ඉන්න
ඇත්ද.
ඉතින් අද හිතන්න අද වැඩ ඇරිලා යද්දී අම්මට පොඩි රට කජු පච්කෙට් එකක් වත් ගිහින් දෙන්න.මහලොකු තෑගි ඕනේ නෑ. අපි දෙන රටකජු ඇටෙත් අම්මට මහා මෙරක්
වගේ සතුටක් ගෙනේවි මගේ දුව පුතා දුන්නේ කියලා.
එහෙම කරලා මේ පොස්ට් එකට් රෙප්ල්ය් එකක් දන්නා මන් මේඑක අරන් දුන්න කියල.. මට ඒ ඇති

ela