අමාටා T-14 යුද ටැංකිය ගැන කෙටියෙන්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අමාටා T-14 යුද ටැංකිය ගැන කෙටියෙන්

    MU70qDX.jpg

    අමාටා T-14 යනු පසුගිය සමයේදී ලෝක අවධානය වැඩිපුරම දිනාගත් යුද ටැංකිය යැයි කියන්නේ නම් එහි වරදක් නැත.අමාටා යනු නවතම රුසියනු යුද ටැංකියේ නම නොවන බව පළමුව කියයුතුය.පසුගිය වසරේ පැවති විජයග්‍රාහී පෙළපාලියට(1945 දී නාසීන් මිත්‍ර හමුදාවට යටත් වීම සැමරීම ) අමාටා T-14 යුද ටැංකියද පළමුවරට එක් කර තිබිණි.නවතම රුසියානු සන්නාහ සන්නද්ධ රථ පවුල වන අමාටා ගැන විවිධ කටකතා තිබුණද පහත දැක්වෙන්නේ T-14 යුද ටැංකිය සම්බන්ධව හෙළිවූ කරුණු කිහිපයකි.



    අමාටා යනු යුද ටැංකියක නමක් නොවේ.එය සන්නාහ සන්නද්ධ රථ පවුලකි.ඒ සඳහා නිපදවූ චැසිය T-14 යුද ටැංකියට පමණක් නොව තවත් රථ කිහිපයකටම යොදාගෙන තිබෙන බව කියවේ.පුද්ගල ප්‍රවාහන රථ,ස්වයං බලයෙන් ක්‍රියාත්මක ජංගම කාලතුවක්කු රථ සහ ගුවන් ආරක්ෂක පද්ධති සහිත රථ ඒ ඇසුරෙන් නිපදවනු ඇති.

    mZUSkim.png






    T-14 යනු පශ්චාත් සෝවියට් යුගයේදී නිපදවු පළමු රුසියානු යුද ටැංකියයි.එය වසර හයක් තුල අවසන් කල ව්‍යාපෘතියකි.

    3JIKhP5.jpg





    T-14 යුද ටැකියේ ප්‍රධාන අවිය සහිත කොත ස්වයංක්‍රීයව මිනිසෙක් නොමැතිව වුද ක්‍රියාත්මක කල හැකිය.මෙය එහි කාර්ය මණ්ඩලයට වඩා හොඳ ආරක්ෂාවක් සැපයීම උදෙසා එහි නිර්මාණකරුවන් ගන්නා ලද තීරණයකි.

    jH4Hj1n.jpg





    T-14 යුද ටැකියේ තිබෙන නව පරම්පරාවේ කොත සහ එහි සවිකර තිබෙන සංග්‍රාම භූමිය දැකීමේ HD කැමරා සහ අනෙකුත් සංවේදක උපකරණ නිසා එය ලොව ප්‍රථම නියමුවෙක් රහිත යුද ටැංකියට බවට පත්වීමේ හැකියාවෙන් යුක්තය.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව එය නියමුවන් රහිත රථයක් එනම් ගොඩබිම් ඩ්‍රෝනයක් කිරීමට අවශ්‍ය කරන්නේ සුළු වෙනස්කම් කිහිපයක් කිරීම පමණි.

    V8GaoUO.jpg





    අනාගතයේදී T-14 යුද ටැංකියට එක් කිරීමට බලාපොරොත්තුවන අංගයක් වන්නේ 152 mm ප්‍රධාන අවියයි.මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙතරම් ප්‍රබල ප්‍රධාන අවියක් ලොව කිසිම රටක යුද ටැංකියක් සතු නොවීමයි.දැනට යුද ටැංකිය සතුව තිබෙන්නේ 125 mm අවියකි.​

    l3Bg9eD.jpg





    එය සතු Active Protection System හෙවත් යුද ටැංකි නාශක මිසයිල සහ වෙනත් සෘජු ප්‍රහාර වැළැක්වීමේ පද්ධතිය රේඩාර් යොදාගෙන ඊට එල්ලවන ප්‍රහාරයන් අනාවරණය කරගෙන ඒවා ගට්ටනයට පෙර නැවැත්වීමට ක්‍රියා කරයි.රුසියානු මුලාශ්‍රවලට අනුව ඇපාච් හෙලිකොප්ටරයකින් එල්ල කරන මිසයිලයක් නැවැත්වීමට ඊට හැකියාව තිබේ.නමුත් ඇමෙරිකානු යුද විශේෂඥයින් කියන්නේ කියන්නේ ඊට මුහුණ දිය හැක්කේ අත්බෝම්බ සහ sub-caliber උණ්ඩවලට එරෙහිව පමණක් බවයි.

    O35E9tD.jpg





    බොහෝමයක් බටහිර රටවල යුද ටැංකිවලට වඩා මෙය සැහැල්ලුය.එහි බර ටොන් 48ක් ලෙස දැක්වේ.ඊට ගමන් කල හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 90කි.රුසියානු යුද ටැංකිවල ප්‍රබලම සතුරා වන ඇමෙරිකානු M1A2 යුද ටැංකියට වඩා එය පැයට කි.මී. 20ක් වේගවත්ය.​

    ghUBkzQ.png





    තවමත් මෙම යුද ටැංකිය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම අරඹා නැත.පසුගිය වසරේදී එහි මිල ඩො.මි. 4-5 අතර ප්‍රමාණයක් විය.ඒ අනුව T-14 යුද ටැංකිය එක්සත් ජනපදයේ M1A2 යුද ටැංකියේ අපනයන මොඩලය (ඩො.මි. 8),ප්‍රංශ AMX Leclerc යුද ටැංකිය(ඩො.මි.11ක්) සහ ද.කොරියානු K2 Black Panther යුදටැංකිය(ඩො.මි.9ක්) ආදියට වඩා මිලෙන් අඩුය.

    qV6BOOa.png






    දැනට T-14 යුද ටැංකියේ මූලාකෘති 20ක් පමණ මෙහෙයුමවල යොදවා තිබේ.වසරකට යුද ටැංකි 500ක් බැගින් T-14 යුද ටැංකි 2300ක් රුසියානු හමුදාවට ලබා ගැනීමේ සැලස්මක් තිබෙන බව වාර්තා වේ.

    dNvl9n1.jpg





    T-14 යුද ටැංකිය සම්බන්ධව දැඩි උනන්දුවක් දක්වන රට වන්නේ ඉන්දියාවයි.ඉන්දියාව අමාටා T-14 යුද ටැංකියේ පළමු ගැනුම්කරුවා වීමටද ඉඩ තිබේ.ඉන්දියාව සතුව දැනට තිබෙන T-90 යුද ටැංකි 900, 2020 දක්වා සේවයේ යෙදවීමට අපේක්ෂා කරයි.ඉන්පසු ඒ වෙනුවට නවතම රුසියානු Armata T-14 යුද ටැංකිය ආදේශ කරනු ඇති.රුසියාවේ යුද අවි මිල දී ගන්නා ප්‍රධාන ගැණුම්කරුවන් වන්නේ ඉන්දියා,චීනය සහ දකුණු-නැගෙනහිර ආසියානු රටවල්ය.

    yaBcLOl.jpg




    Source:RT.com

    -HarshaLulzSec-
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේන් එකක් ගෙදර ගෙනත් තියා ගන්න බැරිද බන්... සද්දයක් දැම්මොත් නේබර්ස්ල කවුරු හරි ඒම් කලා එකක් තිබ්බා
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    +5 උඹ ආමි එකේද බං? සේරම පෝස්ට් තුවක්කු බෝම්බ ටැංකි ගැන නේ
     
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේන් එකක් ගෙදර ගෙනත් තියා ගන්න බැරිද බන්... සද්දයක් දැම්මොත් නේබර්ස්ල කවුරු හරි ඒම් කලා එකක් තිබ්බා
    සද්දේ වැඩි නැද්ද :lol:

    Thanks

    +5 උඹ ආමි එකේද බං? සේරම පෝස්ට් තුවක්කු බෝම්බ ටැංකි ගැන නේ
    :no:

    digatama lipan macahn .. liyapu hama ekama kiyewwa asawen.

    onna danuth rep denna balu..

    thanks..
    Thanks

    Thanks

    :rolleyes:

    kabooooom
    :baffled:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    good post TFS machan :D
    Thanks

    Thanks

    Thanks

    Meken denna puluwan palenna
    :yes:

    එළ මචං! රෙප් ++++++
    Thanks

    nice thred
    Thanks

    TFS machan
    Thanks

    Thanks

    Thanks
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාර භාන්ඩයක්නේ... ලංකාවට නම් සල්ලි තිබ්බත් ඕවා ගන්න ඉන්දියන් හැතිකරේ ඉඩ දෙන්නේ නෑ... :growl:

    ස්තූතියි මචං.. :)
    රෙප් දෙන්න බැහැල්ලු.. :oo: