අමානෝ වැහි පීලි ෆ්ලෑශින්ග් ගැන අදහස් ඕනෙ.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    amano gehuwa wage newe repair ekak awama
    eka ballek enne ne podi podi repair karanna
    ow company wala ewun ehema ennema nalu.

    අමානෝ වැහිපීලි උගත් පාඩම්

    ඔන්න කට්ටිය දුන්න උපදෙස් අහලා වැහිපීලි ටික ගහගත්තා.

    මුලින්ම ගියේ කම්පැනි එකකට. එතනින් කිව්වා අඩි 100ට වඩා දිග වැඩ විතරයි බාරගන්නෙ කියලා. කොහොමහරි එදාම මනුස්සයෙක් එව්වා කොටේශන් එකක් දෙන්න. පොර දිග මැනගෙන ගිහින් ලක්ශ 4 හමාරක විතර යනවා කිව්වා. මමත් කමක් නෑ කියලා ඇඩ්වාන්ස් කරන්නම් කිව්වා. කම්පැනියක් උනත් වොරන්ටි දෙන්නත් බෑලු. තහඩුව පිටින් ගන්න හින්දා.

    මම ඉතින් බිල එහෙම චෙක් කරන්න ගියේ නෑ. පස්සෙ ගමන යන්න ලෑස්ති වෙලා නිකමට බලද්දි තේරුනා ඩවුන් පයිප්ප වලට ලොකු දිගක් දාලා කියලා. 60 ඕනා එකට 110ක් විතර දාලා.
    ඊටපස්සෙ මම තනියම වහලේ මැනලා බලද්දි මූ හැම එකටම වැඩිපුර දිග දාලා.

    ඒක තමයි ඌ එලවා එලවා වැඩේ හදිස්සි කරේ.

    පස්සෙ ළඟ පාත මනුස්සයෙක් හොයාගෙන එවලෙම වහලෙ මැනලා එවලෙම ගණන් හැදෙව්වා. මැනපු ගානට 10% දිග ඇඩ් කරා ජොයින්ට් වලට වැඩිපුර යනවා කියලා. ලක්ශ 3ක් වගේ ආවේ.

    මිනිහට වැඩේ දුන්නා. හැබැයි ඌත් බඩු ගත්තු බිල පෙන්නුවේ නෑ මට. කොහොමහරි ගෙනාපු බඩු බලපුවම අර වැඩිපුර දාපු 10% දිග නැතුවයි ගෙනත් තිබ්බෙ. කොහොමහරි ගීනාපු බඩු මදි උනා කියලා තව පොඩි ගානක් මගෙන් ඉල්ලුවා. මම ඉතින් දීලා දැම්මා කොහොමත් මට ගාන අඩු වෙච්චි නිසා. මිනිහගෙත් වොරන්ටි නෑ අවුලක් තිබ්බොත් හදලා දෙන්නම් කිව්වා.

    කොහොමහරි කියන්නෙ තියෙන්නෙ
    -වැඩේ කරන්න කලින් කොටේශන් ගන්න.
    -ඒ වගේ උන් අඩියකට අය කරන ගාන චුට්ටක් අඩුවෙන් දාලා දිග වැඩියෙන් දාලද බලන්න.
    -හරියට වැඩේ කරනවද බලන්න.
    -මට හිතෙන හැටියට බඩු ටික කඩෙන් අරගෙන මනුස්සයෙක් දම්මලා කරව ගන්න එක තමයි ලාභම වැඩේ.


    උපදෙස් දුන්න හැමෝටම ස්තුතියි
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda