ඒක තමා best option එක. හැබයි කවදහරි වාහන දෙකක් ගත්තාම කොහෙ හරි ගිහින් එද්දි අනික ගරාජ් එකේ තියෙනව දකිද්දි මල පනිනව. කලින් එන කෙනා ලග තැනට දානවනෙ. අපේ ගෙදර තාත්ත මූන රවන් එන්නෙ එයාට දුර පාක් එක සෙට් උන දාට. ඔය ගාර්ජ් සීන් එකට මන් එච්චර කැමති නෑ. ඕව තුන් පැත්තකින් වහපුවාම මීයො බෝවෙනව වාහනේ අස්සෙ. ඒ නිසා ඕපන් තැනක් හදාගන්න තෙමෙන්නෙ නැති වෙන්න. හිරිකඩ ආවට මහලොකු ඩැමේජ් එකක් නෑ. පින්නෙන් බේරගත්තාම ඇති.
කනු දාල වහලයක් ගහල තිබ්බාම වාහනෙත් ලස්සනට පේනව. අපි නම් කාර්පෝච් එකේ දාන්නෙ. ගරාජ් දාන්නෙ නෑ. ඒකෙ පරණ බඩු දාල තියෙන්නෙ. මතක ඇතුව වහල ගහද්දි කුරුල්ලන්ට ඉන්න බැරි වෙන්න ඔක්කොම හරස් බාර් වහන්න. නැත්නම් උන් බෙටි ගහනව.
මේ කතාව ඇත්ත. ඒ නිසා තමා KDH සයිස් කිව්වේ. ප්‍රාඩෝ එකක දොර අරින පළල ඕනා. නැති නම් වැඩක් නෑ වහිනකොට තෙමෙනවා. වහලක් ගහලත් තෙමෙනවා නම් වැඩක් නෑ නේ. උසත් High roof වෑන් එකකට තමා මම හැදුවේ. කවදාවත් වෑන් එකක් ගන්න බලපුරෝත්තුවක් නැති උනත්.
මල පනින එක නම් ඇත්ත. මටත් ගෙදර එනකොට වෙන ගෙදර ආපු උන් නවත්තපුවාම එක්කෝ උන්ව පස්සට දම්මන්න වෙනවා. එත් නති නම් උන් යනකොට ගන්න වෙනවා. නමුත් එක වෙන දවස් ගාන අඩු නිසා අවුලක් නෑ
දෙපැත්තක් වත් ඕපන් තිබ්බේ නැති නම් මල කරදරයක් තමා. මීයෝ. සත්තු, දුවිලි, ආලෝකය වැඩක් කරන්න ගියහම නැති එක මල කරදරයක්
උඹ කියන්නෙ උඹ සිංගල් ගරාජ් එකක් අඩි 20ට හදලා එකක් පස්සෙ එකක් ගහන්න පුලුවන් වෙන්න හැදුවා කියලා නේද? ඕකේ අවුල බන් එකක් ගන්නකොට අනිත් එක අයින් කරගන්න එපැයි. උඹ කියන කතාව ඇත්ත ඉඩ අපරාදේ වෙන එක ගන.
ඔව් එක වාහනයක් දාන්න ඒ උනාට දිග වැඩියෙන් හැදුවම, ඕනා නම් 2ක් යන්තම් දාගන්න පුළුවන්
කව්රුහරි නවතින්න වගේ අවොත් තමා ඉතින් එක එහෙම ඕනා වෙන්නේ...
එහෙම වෙන දවස් ගාන අවුරුද්දට පොඩි ප්‍රමානයක් නිසා අවුලක් නෑ
පැයකට දෙකකට එන කට්ටිය ගේට්ටුවයි, ගරාජ් එකයි අතර මාර්ගය / passage පාර්ක් කරලා යනකොට රිවස් කරලා පාරට අරන් යන්න තියෙන්නේ. එක්කෝ රිවස් එකට ඇතුලට දාන්න කියනවා