අමායා ජාත්‍යන්තරයෙන් කොන් වේවිද....?
" 31 රෑ කණ්ඩලම වැව් පිටියේ මල් වෙඩි ගහන්නට බැරි උනොත් 2017 උදාවන්නේ නැත.. ඒනිසා කෙසේ හෝ එදා රෑට මල් වෙඩි ගැසිය යුතුය.. දැනට කණ්ඩලමට ඇති එකම අඩුව මේකය. වෙඩ්ඩ ගහ ගන්නට බැරි උනොත් අමායා එක ජාත්‍යන්තරයෙන් කොන් වේවිද....? "
කණ්ඩලමේ හෝටල් ඉතිහාසය ගැන ආයේ කියන්නට දෙයක් නැත.. කොයි කොයිවාත් හදද්දී ,එදා නිවැරැදි තීරණ ගත්තා නම් අද මෙවන් මුග්ධ අමන ක්‍රියා සිදුවෙන්නේ නැත.. දැං මේකට අවසර දුන් හෝ අය හෝ නීතිය ගැන සෙවීමෙන් පලක් නැත.. මොකද මේ සෞරග්‍රහ මන්ඩලයෙන්ම පරිසර නීතිය හොඳටම ක්‍රියාත්මක වන්නේ ලංකාවේ බව අපි අත්දැකීමෙන්ම දනිමු...
පරිසර ඇමතිගේ( ජනාධිපතිගේ ) විෂයට අයිති ඉඩම් අක්කර දහස් ගාණක් එළිකොට ගෙවල් හදනා රටක මේවා බීරි අලින්ට වීණා වැයීමකි.. කණ්ඩලමේ වැව් දියට විශ රසායන මුසු වීමත්,ජලජ ජීවීන්ට සිදුවන හානියත්, රාත්‍රීයේ සිදුකරන මෙම ක්‍රියාකාරකම් නිසා ජලාශ්‍රිත පක්ෂීන් ගේ නිවාස හා කැදලි වලට සිදුවන හානියත්,සංචාරක පක්ෂීන්ගේ අභිජනන සමයත් නිසා සිදුවන හානිය සුලුපටු නොවන බව #අමායා දන්නේ නැත.. දැනගත්තත් වැඩකුත් නැත. සල්ලි ඔක්කොටම වඩා ලොකුය..
අලුත් අලුත් කුණු සංස්කෘතීන් බිහි කිරීමට ලංකාවේ සමහරක්ට ඇත්තේ පුදුම දක්ෂතාවකි.. සිරීපාදේ ගියොත් කුණු ටික කන්දේය..,යාලේ ගියොත් කුණු ටික කැලේය.. වෙරළට ගියොත් බීපු බෝතල් මුහුදේය.. එවන් සුන්දර මිනිසුන් පිරි සුපිරි රටක අපි ජීවත් වෙති.කොහොමත් උනත් අන්තිමට කිවයුත්තේ මෙයය.. ලබන වසරේ කණ්ඩලම වටේම ඇති හෝටල් කාරයෝ මල් වෙඩි ගැසූ පසු, වැවේ වතුර බී අහවල් එක දියවෙලාය.. කුණු වෙලාය.. මාලු මැරිලාය, ගඳය කියා පාරවල් ගාණේ බෝඩ් උස්සං යෑමට සිදුවන්නට පෙර මේ පිළිබඳව අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීම දිසාපති ලා,ප්‍රා.ලේ,වන සංරක්ෂණ හා වාරිමාර්ග ඒවායේ ලොකු පුටු රත් කරන අයගේ වගකීමකි...