අමිල දරුවන්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    live at 8 sucks ...anyway one's tragedy is ones fortune..nobody truly understands the pain of another..they can only pity or blame for what they see..nice what you have done with this incident.

    yes awantha, media is a business today. business community sees everything in business point of view. they don'd mind about others as far as they get money. live at 8 will recover a good ground they lost after the end of war using this incidence. at the end of the day they will have profit. but the remaining 04 children and parents are still lost...

    thanks for your comment machan...​
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කවිය ලස්සනයි කාලෝචිතයි
    මේක කවියට අදාළ නැති දෙයක් කියන්නැතුව ඉන්න හිත දෙන්නෑ

    මේ වගේ දෙවල් ලෝකෙ ඕනම රටක ඕනම තැනක වෙනවා
    අපේ මාධ්‍ය භාවිතයේ තියන දීන කම නිසා මේවා ලොකුවට පෙන්නනවා
    සමහර බෞද්ධයො වැඩි පුර ඉන්න නිසා හිත් වලට වැඩිපුර දැනනෙ නිසා මාර්කට් කරන්න පුළුවන් ඇති මේවා
    මම දන්න විදිහට සමහර බටහිර රටවල පුවත් පත් හා ප්‍රසිද්ධ මාධ්‍ය වල මෙවැනි නිව්ස් වලට සීමා පනවලා තියනවා
    මොකද මේ දේවල් නිතර ඇහීම දැකීම negative influence එකක් වෙන නිසා
    මං නම් මෙවා promote කරනවට කැමති නෑ

    ඉස්සෙල්ලම කියන්න ඕනෙ අමිල කියලා තියෙන්නෙ මේකට අදාල නැති දෙයක් නෙවෙයි. ඇත්තටම අමිල අපේ මිනිස්සු මෝඩයි. හරි ඉක්මනට අන්දන්න පුළුවන්. ඒක අපේ හුඟ දෙනෙකුගේ ලේ වලම තියෙන අඩුපාඩුවක්. සමහරවිට ඔයා කියලා තියෙනවා වගේ ආගමින්ම ආව දෙයක්ද දන්නෙත් නැහැ. ඒ ගැන දන්න අපේ බිස්නස්කාරයෝ ඔය වගේ ටිකක් සංවේදි දෙයක් හම්බ උනාම ඒකෙන් හොදට හම්බ කර ගන්නවා.
    මටත් උවමනාව තිබුනේ මේ සිද්ධිය නැවත නැවත මතක් කරන්න නෙවෙයි. ඒ අසරණයා මැරිලා ඉවරයි. අපි මොනවා කලත් ඒ පොඩි එකා ආයෙමත් නැගිටලා සෙල්ලම් කරන්නෙ නැහැ. නමුත් මේ සිද්ධිය අවස්ථාව කරගෙන තමන්ගෙ සාක්කු පුරව ගන්න වලි කන දානපතියෝtm ටික ගැන අපේ කට්ටියගෙ ඇස් ඇරවන්නයි මට උවමනාව තිබුනේ...
    ස්තූතියි අදහසට අමිල...​
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම දුක්මුසු කතාවක්. හිතට දැනෙන්න කල සාර්ථක පදකිරීමක්.

    අම්මා කෙනෙකුට මෙවන් කුරීරු පියවරක් ගන්න මොන තරම් සමාජමය හා ආර්ථික හෙතූන් නම් බලපා අද්ද?
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ සිද්ඩ උන පළවෙනි සිදුවීමවත් අවසාන සිදුවීමවත් නොවේ......අමිල සඳරුවන් වගේ කී දෙනෙක්ගෙ ජීවිත මේ විදියට නැතිකරයිද ?

    කාටද වරද කියන්නෙ කියන්න නම් තේරෙන්නෙ නෑ. ඒත් කාගේවත් ජීවිතයක් නැතිකරන්න කාටවත් බෑ. අමිලගෙ අම්ම අසරණයි
    ඒත්.උපතක් දුන්න නම්......ජීවත් වෙන්න දෙන්නත් ඕන....
    අවසානයේදි...මේ අපේම සහෝදරයෙක් නේද ?


    හොද නිර්මාණයක්

    ඔව් අක්කෙ.. කොතැනද කියලා හරියටම ඇඟිල්ල දික් කරන්න බැරි උනත් කොතැනක හරි, හැම තැනම හරි වැරැද්දක් තියෙනවා. අපිට හිත හදාගන්න තියෙන එකම විදිහ ඒ අසරණයගෙ දුක්මුසු ජීවිතයෙ දුක් වින්දෙ අවුරුදු 3 ක් විතරයි දැන් කොහේහරි හොද තැනක ඉපදිලා ඇති කියලා හිතන එකයි.

    අදහසට ගොඩක් ස්තූතියි අක්කෙ...​
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දුක්බර සිද්ධියක්
    ඒ සිදුවීම තුල දකින්න ලැබෙන
    සත්‍ය නිර්මාණයකින් අපිට පෙන්නලා තියෙනවා
    සාර්ථකයි.... මේ දවස් ටිකේ ඔය මාතෘකාව තමයි
    විකුණන්නේ අපේ මාධ්‍ය...ඇත්තටම මෙ සිදුවීම
    හරිම දුක්බරයි... ස්තුතියි මල්ලී ලස්සණ නිර්මාණයකින්
    ඔවදනක් දුන්නට... :) ඇයි මේ අසරණයන්ට පිහිටක් නැත්තේ

    මටත් මතක් කරන්න ඕනෙ වුනේ ඔය ටිකමයි අයියෙ. මෙච්චර දවසක් ඇස් කන් පියාගෙන හිටිය මීඩියා කාරයොයි, දේසපාලුවොයි මේ සිද්දියෙන් පස්සෙ ඒ අසරණයො ටික යොදාගෙන වාසි ගන්න යන එකට විරුද්ධව හඩක් නගන්නයි මට එකම උවමනාව තිබුන්...
    ස්තූතියි අයියේ අදහසට...
     

    nwnbs

    Member
    ඕක තමයි සමාජයේ පිරිහීම පෙන්වන හොදම උදාහරණය.
    අසරණ මිනිසුන්ගේ ප්‍රශ්නෙකට පිළිතුරු නොසොයා ඒ අයගේ ප්‍රශ්ණයක්, අඩුපාඩුවක් තමන්ගේ වාසියට හරවගෙන සමාජයට වැරදි ආදර්ශ ලබා දීම...
    ඔබගේ අදහස සාර්ථකව පද කරල තියෙනව යාළුවා...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා...ජීවත්වෙන්න ක්‍රමයක් නෑ කියලා විශේෂයෙන්ම තමන්ගේ බඩින් වදාපු දරුවගේ ජීවිතයේ අයිතිය මේ විදිහට ඉවර කරල දාන එක කිසිම විදිහකින් සාධාරණ නෑ..එහෙම අයිතියක් කිසිම අයුරකින්, කිසිම ලියවිල්ලකින් මොනම හේතුවක් මතවත් කවුරුවත් කාටවත් ලබා දී නැහැ..

    හැබැයි මිනිස්සු ඉන්නවා ජීවිතය හා පොරබදලා විසඳුමක් පේන තෙක් මානෙක නැති බව දැනුනම තමන්ගේ ජීවිතය වගේම තමන් ලඟින් ඉන්නා අයගේ ජිවිතත් නැති කරගන්න හා නැති කර දාන්න පුලුවන් අන්දමේ උච්ච මානසික ඒකාග්‍රතාවයකට පැමිණෙන....
    එතනදී ඉන්නේ සැබෑ මිනිසාට වඩා සහමුලින්ම වෙනස් සිහි විකල් වූ නොමිනිසාමයි...

    ඔතන බැලු බැල්මට අපි කවුරුත් දොස් නගන්නේ ඒ අපරාධය කල ගැහැණියටනේ..කවුරුත් හිතුවද දන්නේ නෑ ඇයට එහෙම කරන්න වුනේ ඇයි හා ඊට තුඩු දුන් හේතු කාරකය කුමක් වී ඇත්ද කියල....


    තව කෙනෙක් තර්ක කරන්න පුලුවන් එහෙම ප්‍රශ්ණ තිබුනා නම් ගැහැණියට තිබුනනේ ලමයව නොමරා තමන්ට මැරෙන්න කියල.. ඒ ඔක්කොම අපේ සිත්වල අපි දකින දේ හා ඇසූ දේ සාධාරණිකරනය කරගන්න දරන උත්සාහයන්වල අතුරුඵලයන් නේ..

    ඔතනදී ඇත්ත අපි කවුරුත් නොදන්න වෙනස්ම ආරක සැඟවුනු දෙයක් වෙන්න පුලුවන්නේ...ඔතන ප්‍රශ්නය තියෙන්නේ ලෝකයේ මුල් වරට මේ ගැහැණිය විතරක් නම් ඔය ක්‍රියාවට පෙලඹුනේ අන්න එතන සෙවිය යුතු හා පිලියම් යොදා මුලින් උපුටා දැමිය යුතු අපරාධයක් තියෙනවා. නමුත් මේ අන්දමේ සිදුවුනු සැහැසි ක්‍රියාවන්ගෙන් ලෝකේ කී වෙනි එක වෙන්න ඕනෙද මේ සිදුවීම.. කෝ අද වෙනතුරුත් අදින් පසුව එලැඹෙන හෙට දවසේත් මෙම ක්‍රියාවට මුල් වූ හේතුව සොයා බලා සප්පායම් විසඳුම් සොයා දෙන මාර්ගයක් පිලිසරණක් ගැන නිශ්චිත මාත්‍රාවක්වත් අප වෙසෙන සමාජය තුල අපට පැහැදිලිව පෙනෙන්නට තිබේද??


    හැබැයි මේ මොනවා නැතිවුනත් තව සුමාන ගණනක් ඔය සිද්ධිය වවාගෙන කන පිරිසක් නම් දැනටමත් ක්‍රියාකාරී වී ඇති බවට කිසිදූ සැකයක් නැහැ...

    එයිනුත් පිරිසකගේ සාක්කුව පිරෙන අතර සංසිද්ධියට පාදක වූ හේතු කාරකය තව කෙනෙක් ඔය දේම හෝ ඊටත් වඩා දරුණූ දෙයක් වුවත් ඉදිරියටත් කරනා තුරු යට ගසා උඩ මතු නොවෙන අයුරින් වග කිව යුත්තන් විසින්ම බොහෝ පරිස්සම් කරනා බව නම් ඉඳුරා පැහැදිලිය..


    මල්ලියා අගනා ඇස් පෑදීමක්..සිතන්නට ගොඩක් දේ ලබා දීමක්..

    වගකීමක් ඉටු කල හා ජනතාව දැනුවත් කල පද පෙලක්..


    ඔබට ජය...

    ඇත්තම කියන්න ඔය සිද්ධියෙ මුල් දවස්වල මමත් හිතුවේ ඔහොමයි. මම හිතුවේ ඒ අම්මා ඒ දරුවට කරන්න හදලා තියෙන්නෙ හොඳක්, නොමැරිච්චි එක ඒ දරුවගේ කාලකණ්නිකම කියලා. මුලු ජීවිත කාලය පුරාම දුක් විදින ජීවිතයකට වඩා මෙහෙම දෙයක් වෙච්චි එක හොදයි කියලයි මම හිතුවේ.
    නමුත් ඔය ගැන අපේ අම්මත් එක්ක කතා කරපුවම ඒ අදහස එහෙම් පිටින්ම වෙනස් වුනා. අම්මගෙම වචන වලින් කියනවානම් " විලි රුදාව විදලා බිහි කරලා, කිරි දීලා ලොකු කරපු ළමයෙකුට ඔහොම දෙයක් කරන්න අම්මා කෙනෙකුට බැහැ. ඒක්කො ඔය ගෑනි බීලා ඉන්න ඇති නැත්නම් කුඩු ගහලා ඉන්න ඇති"
    ඔය දුක්මුසු කතාවේ දුප්පත්කම වගේම නූගත්කමත් ලොකු චරිතයක් රගපාලා තියෙනවා. මම දකින විදිහට අපේ අම්මලගෙයි ඒ අම්මගෙයි වෙනස තියෙන්නෙ එතැනයි. පාලකයන්ගෙ යුතුකම ඒ අය පැහැර හැරලා තියෙනවා. අඩුම ගානේ ඒ අම්මව නිසි කාලෙදි පවුල් සැලසුම් ක්‍රම ගැනවත් දැනුවත් කරලා තිබුනනම් ඔය වගේ කතාවක් අපට අහන්න නොලැබෙන්න තිබුනා.
    ඒ හින්දා අපට එක්කෙනෙකුට ඇඟිල්ල දික්කරලා උඹ වැරදියි කියලා කියන්න බැහැ. නමුත් අපිත් වැරදි කාරයො වෙනවා දැන් ඔය සිද්ධිය විකුණගෙන කන්න යන පිරිසට අහුවුනොත්, අනුබල දුන්නොත්. ඒ වැරැද්ද නොවෙන්නයි මම මේ වචන ටික අකුරු කලේ...
    හැමදාමත් වගේ කරන අයියගේ දීර්ඝ විස්තරයට ගොඩාක් ස්තූතියි !​
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හොද නිර්මාණයක් මින්දද.

    මමත් ඒ අහිංසක දරුවට නිවන් සුව පතනවා.
    ඒ හැරෙන්න අපට කළ යුතු තවත් දෙයක් නැහැ.

    ඒත් සියලු මව් වරුන්ගෙන් ඉල්ලා සිටිනවා
    කවමදාවත් මෙලෙස කුරිරි වෙන්න එපා කියලා.

    (දරුවන්ගේ වටිනාකම දන්නා මවු වරුන්ට මගේ උපහාරය )
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මෙ දරුවට අත් උන ඉරනම හරිම සේචනීයයි. සමාජයට දොස් කියන්නද? දෙමාපියන්ට දොස් පවරන්නද ? හිතා ගන්න බැහැ. දරුවන් ඉන්න අම්මා කෙනෙක් හැටියට ෙම් අම්ම කොෙහාම මෙහෙම කලාද? මම දන්නෙ නැහැ. දරුවෙක් අැස් මානෙන් ඉවත්වෙලා අායිත් දකින කල් අම්මෙක් ගෙ හිතේ පත්තුවෙන ගින්දර දන්නෙ අම්මෙක්මයි. වෙනත් දරුවෙක්ගෙ දුකකදි සන්වෙදී වෙන අපෙ අම්මලට මොන කරුමයක් වෙලාද දැන්. මින්දද ගෙ අම්මගෙ වචන ටික හරියටම හරි. හරි අම්මෙකුට මෙහෙම කරන්න බැහැ. මෙ දරුවගෙ අම්ම මත් වෙලා ඉන්න අැති. මෙක විකුණන් කන ඒකයි ප්‍රශ්නෙ.හොද නිර්මානයකින් සමාජය දැනුවත් කිරීමක්. ස්තුතියි මින්දද. ඔබට ජය!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හරිම දුක්මුසු කතාවක්. හිතට දැනෙන්න කල සාර්ථක පදකිරීමක්.

    අම්මා කෙනෙකුට මෙවන් කුරීරු පියවරක් ගන්න මොන තරම් සමාජමය හා ආර්ථික හෙතූන් නම් බලපා අද්ද?

    ඔව් අයියේ... මට හිතාගන්න බැහැ "ශ්‍රී ලංකාව" ඇයි මේ තරම් දුක්මුසු තත්ත්වයකට පත්වුනේ කියලා..
    ස්තූතියි අයියේ අදහසට !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඕක තමයි සමාජයේ පිරිහීම පෙන්වන හොදම උදාහරණය.
    අසරණ මිනිසුන්ගේ ප්‍රශ්නෙකට පිළිතුරු නොසොයා ඒ අයගේ ප්‍රශ්ණයක්, අඩුපාඩුවක් තමන්ගේ වාසියට හරවගෙන සමාජයට වැරදි ආදර්ශ ලබා දීම...
    ඔබගේ අදහස සාර්ථකව පද කරල තියෙනව යාළුවා...

    ඔව් නුවන්... වෙලාවකට හිතෙනවා ලංකාව තරම් අවස්ථාවාදීන් ඉන්න රටක් තවත් නැතිව ඇති කියලා...
    ස්තූතියි නුවන් අදහසට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හොද නිර්මාණයක් මින්දද.

    මමත් ඒ අහිංසක දරුවට නිවන් සුව පතනවා.
    ඒ හැරෙන්න අපට කළ යුතු තවත් දෙයක් නැහැ.

    ඒත් සියලු මව් වරුන්ගෙන් ඉල්ලා සිටිනවා
    කවමදාවත් මෙලෙස කුරිරි වෙන්න එපා කියලා.

    (දරුවන්ගේ වටිනාකම දන්නා මවු වරුන්ට මගේ උපහාරය )

    ස්තූතියි සුභාෂිනි..
    ඇත්තටම ලෝකය ඔයවගේ කතාවල මුල දැනගන්නෙන් ඔය වගේ දුක්බර අවසානයකට පස්සෙයි. දැන් ඉදිරිපත් වෙලා ඉන්න සැදැවත් දානපතියෝ මීට කලින් ඉදිරිපත් උනානම් ඔය අසරණයගෙ කතාව ඔයිට වැඩිය ගොඩක් වෙනස් වෙන්න තිබුනා.​
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මෙ දරුවට අත් උන ඉරනම හරිම සේචනීයයි. සමාජයට දොස් කියන්නද? දෙමාපියන්ට දොස් පවරන්නද ? හිතා ගන්න බැහැ. දරුවන් ඉන්න අම්මා කෙනෙක් හැටියට ෙම් අම්ම කොෙහාම මෙහෙම කලාද? මම දන්නෙ නැහැ. දරුවෙක් අැස් මානෙන් ඉවත්වෙලා අායිත් දකින කල් අම්මෙක් ගෙ හිතේ පත්තුවෙන ගින්දර දන්නෙ අම්මෙක්මයි. වෙනත් දරුවෙක්ගෙ දුකකදි සන්වෙදී වෙන අපෙ අම්මලට මොන කරුමයක් වෙලාද දැන්. මින්දද ගෙ අම්මගෙ වචන ටික හරියටම හරි. හරි අම්මෙකුට මෙහෙම කරන්න බැහැ. මෙ දරුවගෙ අම්ම මත් වෙලා ඉන්න අැති. මෙක විකුණන් කන ඒකයි ප්‍රශ්නෙ.හොද නිර්මානයකින් සමාජය දැනුවත් කිරීමක්. ස්තුතියි මින්දද. ඔබට ජය!

    ඔව් චන්දි අක්කෙ... ඉදලා හිටලා එක අම්මා කෙනෙක් මේ වගේ දෙයක් කලාට අම්මා කියන චරිතයෙ වටිනාකම කවදාවත් නැතිව යන්නෙ නැහැ. නමුත් මීඩියා කාරයෝ ඔය වගේ සිද්ධි ලාබ ගන්න අවස්ථාව කරගෙන වවාගෙන කන්න ලෑස්ති උනාම ඒක මුලු සමාජයටම නරක අන්දමින් බලපානවා.

    ස්තූතියි අක්කෙ අදහසට...