අමිහිරි යුද්දයේ මිහිරි ඵල

uditha224

Well-known member
  • අමිහිරි යුද්දයේ මිහිරි ඵල



    පළමුවෙන්ම කියන්නේ Aerosol sprayපිළිබදවයි. දැන් ඔබගේ නිවසේත් සුලභම දෙයක් වෙන්න ඇති Aerosol spray can. කෙසේවෙතත් මෙම aerosol ලෙස හදුන්වන ඉතා කුඩා අංශු වායුවක් ලෙස විසිරවීමේ සිද්දාන්තය 1790 වගේ ඈත කාලයේ සිට නිර්මානය වෙමින් පැවතියත් 1926 දී තමයි මුල්ම Aerosol spray නිපදවලා තියෙන්නේ. ඒ නෝර්වේ ජාතික රසායණ ඉංජිනේරුවෙක්වන Erik Rotheim විසින්.

    aerosol-can-2.gif

    6a00e54f0014bd883401156fbf5a30970c-800wi.jpg
    කෙසේවෙතත් මෙම සොයාගැනීමට අදාල පේටන්ට් බලපත්‍රය පසුව ඔහු ඇමරිකානු සමාගමකට විකුනනු ලබන්නේ නෝර්වේජියානු ක්‍රොනර් 100,000 කට බව පැවසේ. ‍ඉන්පසු 1939 දී ඇමරිකානු ජාතික Julian S. Kahn පේට්න්ට් බලපත්‍රය ලබාගන්නේ ප්‍රථම ඉවත දැමිය හැකි විසිරුම් බදුන (disposable spray can) වෙනුවෙනි. එහෙත් 1941 වන තුරු මෙය වැඩිදුරට සංවර්ධනය නොකෙරුන උපකරණයක් වූ අතර ඇමරිකානු ජාතිකයන් වන Lyle Goodhue සහ William Sullivan යන අය 1943 දී පේටන්ට් බලපත්‍රයට හිමිකම් කියන්නේ නූතන විසිරුම් බදුන වෙනුවෙනි. “Bug bomb”ලෙස හැදින්වූ මෙහි අන්තර්ගතවූයේ පීඩනයට ලක් කල ද්‍රවකෘත වායුවක් වන අතර එය දෙවන ලෝක යුද්දයේ පැසිෆික් කලාපයේ මෙහෙයුම්වල යෙදී සීටි සෙබළුන් භාවිතාකලේ නිවර්තන කලාපයේ සුලභව සිටින මැලේරියා මදුරුවාට එරෙහිව කෘමිනාශකයක් ලෙසයි.
    4wd40-family.gif

    එයින් ජනප්‍රියත්වය ලැබූ මෙම නිපැයුම ඉන්පසු අප නිවසේ සුවද විලවුන් බදුන් ලෙස, තීන්ත වර්ග විසිරනයන් (aerosol paint) ලෙස මෙන්ම අපගේ ‍බොහෝකාර්යයන්ගේ පහසුවට යොදාගන්න බහුකාර්ය යෙදවුමක් වන WD-40 spray can ලෙසද ලබා ගන්න හැකිවුනා.

    NEW-20L-JERRY-CAN.jpg
    ඊලඟට කියන්න යන්නේ Jerrycan පිළිබදවයි.මෙම බැරල් දැන් ඉන්ධන රැගෙන යන්න වගේම වතුර රැගෙන යන්නත් භාවිතා කරන බව ඔබ දැක ඇති.
    jerrycan.jpg
    මෙම නිෂ්පාදනය මුලින්ම සිදුකරල තියෙන්නේ දෙවන ලෝක යුද්දයට සූදානම් වෙන කාලයේ ජර්මනිය විසින්. ඔවුන් යුද්දය වෙනුවෙන් මෙයට තබපු නම තමයි "Jerry". හැබැයි ජර්මානුවන් මෙයට තබපු සැබෑ නම තමයි Wehrmachtskanister. ඒ වගේම ඔවුන් ආරම්භ කරන්න යන ලෝක මට්ටමේ යුද්දය වෙනුවෙන් තනන ලද තවත් එක් ප්‍රධාන පෙලේ නිපැයුමක් කියන්න පුළුවන් මෙය. මොකද ඔවුන් 1939 වෙද්දී දහස් ගණනක් මෙය තනා තිබුනා කියල පවසනවා සිය යුද උපකරණ සංචිතය වෙනුවෙන්. ඒවගේම අප නම් මෙම බදුන්වල පැහැය ගැන එතරම් තැකීමක් නොකර ඉන්ධන හෝ ජලය රැගෙන යාමට භාවිතා කරත් සුප්‍රසිද්ධ NATO සංවිධානය වර්ණ කේතයක් මේ බදුන් සදහා නිර්දේශකර තිබෙනවා. මේ දැක්වෙන්නේ එයයි.

    6-7-2011+8-51-03+PM.jpg

    ඔබට මතක ඇතිනේ පාසල් විද්‍යාගා‍රයේදී හමුවුන ස්ලින්කිය (Slinky).
    slinky.jpg

    mr_walker_slinky.jpg







    මෙය මුලින්ම නිර්මාණය වී තිබෙන්නේ 1943 දී.
    ඒ කියන්නේ දෙවන ලෝක යුද සමයේදී. ඒක සිදුවෙලා තියෙන්නේ අහම්බෙන්. Richard James කියන්නේ ඇමරිකානු නාවික කාර්මික ඉංජිනේරුවෙක්. ඔහු 1943 දී ෆිලඩෙල්ෆි‍යාවේ William Cramp and Sons නෞකාංගනයේ රාජකාරි කරමින් සිටි අතර ඔහුට පැවරී තිබුන කාර්යය තමයි රළු මුහුදු තත්වයටතේ නැව් යාත්‍රාකරන විට සංවේදී උපකරණ ස්ථාවරව පවත්වාගැනීම උදෙසා springs පද්දතියක් වැඩිදියුණු කිරීමයි. දිනක් මෙම ඉංජිනේරුවා අතින් වැරදීමකින් රාක්කයක තිබූ ස්ප්‍රින්ග් එකක් බිම වැටී තිබෙනවා. එවිට ඔහු දැකල තියෙනවා එම ස්ප්‍රින්ග් එක පිළිපොලමින් (flip-flopped)ගමන් කරනවා. ඉන් පසු ඔහු මෙය විවිදාකාරයේ කම්බි යොදාගනිමින් නිර්මානය කරමින් ටික කලකට පසු ඉතා සාර්ථකව ගමන් කල හැකි ස්‍ප්‍රින්ග් එකක් නිර්මාණයකර තිබෙනවා. මෙය ඔහුගේ නිවසේ අසල්වැසි කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා සුළු සෙල්ලම් බඩුවක් වී ඇති අතර මෙයට Slinky ලෙස නම තබා ඇත්තේ Richard James බිරිදයි. ඇය මෙයට Slinky ලෙස උච්චාරනය කර ඇත්තේ "sleek and graceful"

    යන යෙදුම කෙටිකරලයි.
    VintageSlinkyAd.jpg
    slidog.jpg
    එතනින් මෙය නිමා වුනේ නැහැ. මෙම ස්ලින්කිය මුල් වරට වෙලද පොලට නිකුත් කල අවස්ථාවේ පළමු පැය එකහමාර තුල පමණක් 400 ක් අලෙවිවූ බව පැවසෙනවා. ඒවගේම කිව යුතුයි මෙහි නිර්මාතෘවරයා හා ඔහුගේ බිරිද ෆිලඩෙල්ෆි‍යාවේ James Industries නමින් ස්ලින්කිය යොදා කරන සෙල්ලම් බඩු නිෂ්පාදනාගාරයක් ආරම්භකරන අතර Slinky Dog, Suzie හා Slinky Worm වැනි නිමැවුම් ප්‍රධාන වශයෙන් නිපදවා තිබෙනවා.

    ස්ලින්කිය සෙල්ලම් බඩුවක් ලෙස පමණක් භාවිතාවුනේ නැහැ. එය පංතිකාමරයේ ඉගැන්වුම් මෙවලමක් ලෙස, යුද සමයන්හිදී රේඩියෝ ඇන්ටනාවක්‍ ලෙසින් මෙන්ම NASA ආයතන‍යේ භෞතික විද්‍යා පර්යේෂනා සදහාද යොදාගනුලැබ ඇත.ස්ලින්කිය කොතරම් ඇමරිකානු ජන ජීවිතයට සමීපවී තිබුනාද කිවහොත් එය 2002 දී Pennsylvania ජනපදයේ නිල සෙල්ලම් උපකරණය ලෙස පමණක් නොව 2003 දී the Toy Industry Association මගින් "Century of Toys List" ලෙස ගෞරවයට පාත්‍රකරනු ලබනවා. ස්ලින්කිය නිපදවා එහි 60 වන උපන්දිනය සමරන අවස්ථාව වන විට ස්ලින්කි මිලියන 300 ක් අලෙවි තිබේ.

    1960 දී මෙම James Industries හි අධිපතිනිය ලෙස ස්ලින්කියේ නිර්මාතෘ Richard James ගේ බිරිද Betty James පත්වන අතර 1964 දී Pennsylvania කරා මෙම කර්මාන්ත ශාලාව රැගෙන යනු ලැබ ඇත. 1998 දී James Industries හි අධිපතිනිය මෙම ආයතනය Poof Products, Inc වෙත විකුනා තිබේ.

    Night Vision හෙවත් රාත්‍රීයේදී දැකීමේ උපකරණ නිපදවෙලා තියෙන්නෙත් දෙවන ලෝක යුද්දකාලෙදී තමයි. මේ ගැන ‍මීට පෙරත් විස්තරයක් පලකල ඔබට මතකද සුපිරි යුද ශක්තිය උදෙසා දරුණු අත්හදාබැලීම් ලිපියේ. දැන්නම් මෙම රාත්‍රීයේදී දැකීමේ උපකරණ යුදපිටියේ පමණක් නොව ප්‍රසිද්ධ අයගේ රහස් සෙවීමටද භාවිතකර ඇති බව ඔබද නොදන්නවා විය නොහැක.

    The Global Positioning System නැතහොත් අපිට හුරුපුරදු GPS උපකරණයේ මූලාරම්භකයා කරලියට පැමිණියේද අප වඩාත් කතාබහට ලක්කල දෙවන ලෝක යුද සමයේදීය. කෙසේවෙතත් ඒ අවස්ථාවේ අද අපි දකින ආකාරයේ GPS උපකරණක් නොව ground-based radio-navigation systems වන LORAN (LOng RAnge Navigation) හා The Decca Navigator System යන උපකරණ නිපදවා ඇත. මෙයින් LORAN පද්දති නෞකාවලද Decca පද්දතිය ගුවන් යානා නිවැරදිව ගොඩබැස්සවීම සදහා යොදාගෙන ඇත.
    800px-Loran_C_Navigator.jpg
    A LORAN-C receiver for use on merchant ships
    666px-Decca_Navigator_Mk_12.jpg

    Decca Navigator Mk 12
    දැන්නම් මෙම GPS පද්දති සිවිල් කටයුතු සදහා මෙන්ම ගෘහස්ථවද භාවිතාවන්නක් වුවත් 50 දශකයේ අගභාගය හෝ 60 දශකයේ මුල් කාලයේ නිපදවන ලද මෙම ස්ථානය නිර්ණය කර ගැනීමේ උපකරණ භාවිතාකර ඇත්තේ ආරක්‍ෂක අංශ පමණි.
    30.jpg
    GPS receivers come in a variety of formats,
    from devices integrated into cars,
    phones, and watches, to dedicated devices

    අපි සැවොම දන්නා Jeep රථයත් අප අතරට එන්නේ දෙවන ලෝක යුද්දය නිසයි. 1941 දී මුල්වරට දැක ගන්නට ලැබෙන මෙම රථය ඇමරිකානු හමුදාවට අවශ්‍ය වූ ටොන් කාලක් බරැති මෙන්ම Four-wheel drive, 4WD (4×4 - "four by four")ධාවනයෙන්ද යුතුවිය යුතු වූ අවශ්‍යතාව සපුරන ලද වාහනය වූවා. මෙය ඒ අවධියේ Ford, Bantam සහ Willys යන සමාගම් සිය හමුදාව වෙනුවෙන් තනනු ලැබුවා. එතැන් පටන් යුද බිමේ අමතකකල නොහැකි සේවයක් කල මෙම වාහනය පසුකලෙක සිවිල් ජනජීවිතයද ආක්‍රමණය කල බව අමුතුවෙන් කිව යුතු නැහැ.
    JeepVWM.jpg
    World War II era jeep built by Ford



    උපුටා ගැනීම :- http://sathsamudura.blogspot.com/2011/06/blog-post_08.html


    823812124595837320-2365386408656134407