අමුඩේ නොහොත් වස් ගීය....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අමුඩේ නොහොත් වස් ගීය....



    දුන්නු තේ එකට සීනි වෙනුවට කලපු ලුණු
    හැන්දක්ම වැටියාන්//
    ආයුබෝවන් කියන මොහොතේ බුලත්
    හෙප්පුව බිම පෙරලියාන්
    කොයිතරම් ලස්සන වුනත් ඌට මහ වස
    කැතට පෙනියාන්

    පරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට
    වචන ගිලියන්
    කැස්ස හැදිලා ආත්තම්මට වාත පිත තරඟයට
    කිපියන්
    අයියා පණ්ඩිතයා නොඑන්නට වාහනේ
    කැඩියන්
    නොකළ හින්ඳා වැරැද්දක් මට තාත්තට වෙන
    වැඩක් වැටිය

    මකුළුදැල් නැන්දම්මා දෑසට කිතුල් මල් වාගේ
    පෙනියන්
    නොහොබිනා හරුපයක් කියවී කාගෙ හරි
    හිත තදට රිදියන්
    මඟුල එහෙනම් තීන්දුයි දැන් කීවොතින්
    හොර කපුවා එසැනින්
    අළුත් නෑකම් සභා මැද්දේ අනේ ඕකගේ සරම
    කැඩියන්😂

    මොකක් හරි හේතුවක් හින්ඳා.. අමුඩේ අමතක වෙලා තිබීයන්

    දුන්නු තේ එකට සීනි වෙනුවට කලපු ලුණු
    හැන්දක්ම වැටියාන්//
    ආයුබෝවන් කියන මොහොතේ බුලත්
    හෙප්පුව බිම පෙරලියාන්
    කොයිතරම් ලස්සන වුනත් ඌට මහ වස
    කැතට පෙනියාන්


     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දෙන්න හැදු ඒ රසැති තේකට
    කලපු ලුණු හැන්දක් දාන්නම්
    ආයුබෝවන් කියන මොහොතේ
    බුලත් හෙප්පුව අත අරින්නම්
    කොයි තරම් ලස්සන වුණත් නුඹ හට
    ඌට කැතටම හිනාවෙන්නම්

    පරපුරේ පංපෝරි බොරු යැයි
    වැදූ මව් හිත පාරවන්නම්
    පිත කිපෙන්නට ආත්තම්මට
    සීත වතුරෙං නාවවන්නම්
    අයියා වේලාවට නොඑන්නට
    නෑනගේ හිත මං බිඳින්නම්
    මගේ හිත නුඹ ළඟ කියා මං
    තාත්තට තේරුම් කරන්නම්

    නැන්දම්මාට ඇහැ ගැටෙන්නට
    ලුහුඬුකම් මවලා තියන්නම්
    නොහොබිනා හරුපයක් කියලා
    කාගේ හරි හිත රිද්දවන්නම්
    මඟුල තීන්දුව කපුව කලොතින් ඌගේ අමුඩේ හරි ගලව ගන්නම්
    නු⁣ඹේ ලඟට වී ඉන්න ඇත්නම්
    හතර වරිගෙම මග අරින්නම්



    කොපි පේස්ට්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දෙනවා තේ එක බොහොම රසටම
    වැඩිපුරත් සීනී හැන්දක් දමාලා
    අත තදින් අල්ලා පරිස්සමට හෙප්පුවත්
    දෙනවා ආදරෙන්......
    මල පෙරේතයෙක් වාගේ වුනත්
    ඌ මට
    ඩිල්ෂාන් වාගේම පෙනියම්

    අම්මාගේ මුවින් පිටවෙන හැම වචනයක්
    රස කතාවක් වාගේම ඇහියම්
    කැස්ස හැදුනත් ආත්තම්මාට
    ඉක්මනින්
    එය හොද වෙයන්
    අය්යාගේ.........
    අය්යාගේ වාහනය කැඩුනොත්
    බක්කියකින් හරි වරෙම්
    ඉක්මනින් ගිය වැඩය අවසන් කර
    තාත්තා වෙලාවට ඇවිත් ඉදපම්

    අහිංසක සතුන්ගේ ගෙවල් නොකඩන
    එක අපූරුයි නැන්දම්මාට සිතියම්
    සභාවට සතුටක් ගෙනෙන්ට
    ඔහොම හරුපත් හොදැයි නොවැ
    හැමෝටම සිතියම්.....
    මගුළ තීන්දුයි කියන කොට
    නොකැඩෙන්න
    කපුවා කලිසමක් ඇදගෙනම හිටියම්
    ලෙනින්..............
    උඹ වස් කවිම කිය කියම
    ඉදහම්
    මගේ කසාදය කෙරෙනකම්.........



    කොපි පේස්ට්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්

    නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
    කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුණා පාඩුවේ
    ඒ හින්දා වැඩුනා එය මහමෙරක් වගේ
    දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ...



     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    හිතවතුනි අද සුදු ඇදන් එන්න
    මේ සුසානේ පහන් දල්වන්න
    ප්‍රථම ප්‍රේමය වල දමන්නට
    අසීරුයි මට ඔබ උදවු වෙන්න
    හිතවතුනි අද සුදු ඇදන් එන්න

    පාසැලේ අරලියා ගස් යට
    ලියු එක කවි පේලියක්
    තවම වටහා ගන්න බැරිවුණි
    ඇසුරු කෙරුවත් කාලයක්

    මතක ගොක්කොළ රැහැන් අතරින්
    යළි ලියන්නට පෙම් කවක්
    මටත් මගේ හිත හදාගන්නට
    දෙන්න අරලිය මල් මිටක් ..

    හිතවතුනි අද සුදු ඇදන් එන්න
    මේ සුසානේ පහන් දල්වන්න
    ප්‍රථම පේරේමය වල දමන්නට
    අසීරුයි මට ඔබ උදවු වෙන්න
    හිතවතුනි අද සුදු ඇදන් එන්න

    Singer:- Amarasiri Peeris
    Music:- Denister Perera
    Lyric writer:- Dhammika Bandara