අමුඩ කතා වස්තුව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අමුඩ කතා වස්තුව

    එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ.

    " නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය.

    "රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. "

    "රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී හ.

    රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ස්ත්‍රී සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.

    ඉක්බිති රජුන් වහන්සේ " මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ . නිසැකවම මෙය අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් රට වැසියා මා හා බිඳ වන්නට කෙරූ උපායක් වෙන්නට ඇතැ 'යි" කී සේක.

    "වහාම අග්‍ර පුරෝහිතයන් මා අභියසට කැඳවණු" යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.

    අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.

    "අග්‍ර පුරෝහිත, තමුන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩටත් බද්දක් පනවා ඇති බව සැබෑවක් ද ?" ඇසූ හ.

    "එසේය.. මහ රජතුමණි" අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.

    "තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන බදු අය කරන්නේ මන්දැ " යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.

    " දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු" යි කී හ.

    එ බස් අසා කිපුනු පුලතිසි මෙත්පල් නිරිදාණන්
    " රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් සියක් වාරයක් අග්‍ර පුරෝහිතයන් තලා රජ වීදියෙහි පිස්සෙකු මෙන් ඇවිද්දවනු 'යි අණ කළා හු ය.

    ඉක්බිති මෙත්පල් නිරිදාණෝ පැණි අමුඩ බද්දත් අහෝසි කොට දමා අර්ථයෙන් ධර්මයෙන් දෙසමින් රට පාලනය කළෝ යැයි මෙයින් දත යුතු.

    පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි!

    =====================
    සොනාල ගුණවර්ධන
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    "ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ".

    පට්ට කතාව


    You must spread some Reputation around before giving it to jayanathek again.
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    කිරි පුතා;23646395 said:
    "ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ".

    පට්ට කතාව


    You must spread some Reputation around before giving it to jayanathek again.


    මොළසිංහ :rofl::rofl::rofl:

    කැ* නම ඔ්යි..

    Repped


    17+
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඉක්බිති රජුන් වහන්සේ " මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ".

    ජම්බුද්වීපයට පහලින් තියන දීපයෙත් ඔය වගේ තමයි සිද්දවෙන්නෙ
     
    • Like
    Reactions: jayanathek

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    :lol::lol::lol::lol::lol:

    You must spread some Reputation around before giving it to jayanathek again.



    මෙයින් පසු ගෝෂා කල ස්ත්‍රීහු විසිර ගියාහුය.

    අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් මෙය තමන්ට වූ මහත් මදිපුංචිකමක් ලෙස සලකා, තමාගේ මාලිගාවට ගොස් මෙත්පල් නිරිදු සහ තමන්ට හිතෙෂි මැති ඇමතිවරු එහි කැදවා ගත්තාහුය.

    අනතුරුව සිය ඇමතිමන්ඩලය හා එක්ව මෙත්පල් නිරිදුට දෝෂාරෝපණය හා මෙත්පල් නිරිදුන්ගේ අකටයුතුකම් හෙළි කරන්නෙමුයි තර්ජනය කොට මෙම අමුඩ රෙදි කඩ බද්ද සදහා මෙත්පල් නිරිදුගේ කැමැත්ත අකමැත්ත විමසීය.
    තර්ජන හා දෝෂාරෝපණ හමුවේ මහත් සේ අසරණ වී හැදසිටි වස්ත්‍රයේ සුළුදිය පහ වූ මෙත්පල් නිරිදු බද්ද අනුමත කලෝය. අනතුරුව කිසිත් නොදන්නා සේ මාලිගාවට ගියාහුය.

    මෙයින් පිනාගිය අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් තවත් හෝරා කිහිපයක් ඇවෑමෙන් පසු මෙම නව බද්ද මෙත්පල් නිරිදුගේ අවසරයද ඇතිව නැවතත් පැනවු බව අඩබෙර ගසා ජහමනයා දැනුවත් කළාහුය.

    මෙයින් නැවතත් කම්පනයට පත් ස්ත්‍රීහු "තුක් නොදකින් " කියා කෙල පිඩක් ගසා නැවතත් මනාප යුද්ධයක් පැමිණි පසු මේ කැනහිලුන් නැවතත් පත් කරනොගන්නා බව ශපත කරගත්හ.
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් ඔය සීන් එක එක තැනක දැම්ම බද්ද ගහල කියල ඒක ආයෙ අකුලගෙනද??
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මාත් ඔය සීන් එක එක තැනක දැම්ම බද්ද ගහල කියල ඒක ආයෙ අකුලගෙනද??

    මහඑකා කටින් තමයි අකුලන්නේ...... අනේ උන්දැගේ ඇකිලිල්ල.....
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    " දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු" යි කී හ.

    :lol::lol::lol::lol:

    REP...6+

     
    • Like
    Reactions: jayanathek

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු" යි කී හ.

    ඒක නම් පට්ට ඕයි. රජ කාලෙත් ලොල්ලො ඉඳලා එහෙනම්
    :P:P
     
    • Like
    Reactions: jayanathek