ගෙදරට බඩු ටිකක් ගන්න ලිඩ්ල් පැත්තේ ගියා. බඩු ටික අරන් ටිල් එක ළඟ ඉද්දී හොඳටම වයසක ආච්ච් කෙනෙක් අමාරුවෙන් ළඟට ඇවිත් හිනාවෙලා පත්තර කෑල්ලක් පෙන්නලා වෙව්ලන හඬින් හෙමිහිට මොනවද කිව්වා.
මම වයිෆ්ට කිව්වා පොඩ්ඩක් බලන්න මම බඩු ටික ට්‍රොලි එකට දානගමන් ඉන්නේ කියල.
එවෙලේ හිතුවේ නත්තලට පොඩි ආදාරයක් ඉල්ලනව කියලා.
මට ඇහෙනවා වයිෆ්ට කියනවා "නෝනා කරදරයක් නං සමාවෙන්න, මගේ ළඟ £10යේ වව්චරයක් තියෙනවා මම කැමතියි ඒක ඔයාළගේ පවුලට දෙන්න" කියලා. වයිෆුත් පුදුමවෙලා ඒක සතුටින් ගත්තා.
බලනකොට එයාළඟ ඒ වගේ කපන් ආපු පත්තර කෑලි හත අටක්ම තිබුනා. අපිට වගේම එතන හිටිය පවුල් කිහිපයකටම එයා ඒවා දිලා නත්තලට සුභපතනවා දැක්කා.

මම හිතන්නේ එයා බලපු පත්තරවල තිබුන කූපන් වගයක් කපාගෙන ඇවිත් තියෙන්නේ නත්තලට මිනිස්සුන්ට පුලුවන් විදියට උදව් කරන්න.
ඒ වගේ වයසක, පිටරට කෙනෙක්ගෙන් ජීවිතේට බලාපොරොත්තු නොවුන දෙයක්.
කැමති අය පුලුවන් විදියට මේ වගේ ලස්සන දේවල් කරන්න.
සැමට සුභ නත්තලක්

කූපන් එක සම්භන්ද විස්තර අවශ්‍ය අයට:
https://www.savethestudent.org/student-deals/food-and-drink/10-off-40-lidl-spend.html

Last edited: