අමෙරිකානු ජනාධිපති රුසියානු ජනාධිපති ට අනතුරු අඟවයි

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63

    අමෙරිකානු ජනාධිපති රුසියානු ජනාධිපති ට අනතුරු අඟවයි

    සයුරෙන් එතෙර​

    අමෙරිකානු ජනාධිපති රුසියානු ජනාධිපති ට අනතුරු අඟවයි​



    "හිංසාකාරී කටයුතු" වල යෙදුනහොත් "ප්‍රබල සහ අර්ථවත්" ප්‍රතිවිපාක අත්විඳීමට රුසියාවට සිදුවිය හැකි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇඟවීය.
    ඔහු ඒ බව පැවසුවේ ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව සිය පළමු විදෙස් සංචාරය සඳහා එක් වෙමිනි. ඔහු ඊයේ එක්සත් රාජධානියට පැමිණියේය.
    දින 8ක් පුරා යුරෝපයේ සංචාරයේ නිරත වන බයිඩන් එහිදී වින්ඩ්සර් මාලිගයේදී රැජින හමුවීමට ද නියමිතය. ඊට අමතරව ජී-07 නායක සමුළුව සහ නේටෝ සමුළුවට ද එක්වීමට නියමිතය.
    ඉන් අනතුරුව ජිනීවා නුවරදී බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර හමුව පැවැත්වේ.
    ධවල මන්දිරය පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයා, රුසියානු ජනාධිපතිවරයා සමග තීරණාත්මක ගැටලු කිහිපයක් ගැන අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවය.
    අවි පාලනය, දේශගුණික විපර්යාස, යුක්‍රේනය තුළ රුසියානු හමුදා මැදිහත්වීම, රුසියානුවන් විසින් සිදුකරනු ලබන සයිබර් ප්‍රහාරයන් සහ අනවසර ඇතුළුවීම්, සහ රුසියාවේ විපක්ෂ ක්‍රියාධර ඇලේක්සි නාවල්නි බන්ධනාගාර ගත කිරීම වැනි කරුණු ඒ අතර වේ.
    සෆෝක් ගුවන් හමුදා කඳවුරේදී අමෙරිකානු හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් අමතමින් බයිඩන් පැවසුවේ තමා රුසියානු ජනාධිපතිවරයාට පැහැදිලි පණිවුඩයක් ලබාදෙන බවය.
    "අපි රුසියාව සමග ගැටුමකට යන්නේ නෑ. අපිට අවශ්‍ය ස්ථාවර සහ පැහැදිලි මිත්‍රත්වයක්".
    මේ වනවිට අමෙරිකාව සහ රුසියාව අතර විවිධ හේතු මත පරස්පරතා මතු වී තිබේ.
    "රතු ඉර" අභිබවා නොයන ලෙස පසුගිය අප්‍රේල් මාසයේදී, රුසියානු නායකයා විසින් බටහිර බලවතුන්ට අනතුරු ඇඟවීය.