අමෙරිකාවෙන් කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා දරන උත්සාහයට ඩෙල්ටා ප්‍රභේදය විශාල තර්ජනයක් වී ඇති බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆෝචි පවසයි.
ලෝක බලවතා වන අමෙරිකාව කලක් ගෝලීය කොවිඩ් වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ නමුත් දරුණු වසංගත තත්ත්වය බොහෝදුරට පාලනය කරගැනීමට සමත්විය.
එරටින් දැනට දෛනිකව හඳුනාගනිමින් පවතින්නේ දසදහසක පමණ ආසාදිතයන් පිරිසක් වන අතර දෛනික මරණ සංඛ්‍යාව 100 ත් 400 ත් අතර දක්වා අඩුවී තිබේ.
වසංගතයේ උච්ඡතම අවදියේ එරටින් ලක්ෂ 3 ඉක්මවා දෛනික ආසාදිතයන් හඳුනාගත් අතර මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවූ අගයක පැවතිනි.
එහෙත් අමෙරිකාවෙන් කොවිඩ් වෛරස වසංගතය සහමුලින් තුරන් කරගැනීම සඳහා දරන උත්සාහයට ඩෙල්ටා වෛරස ප්‍රභේදය විශාල තර්ජනයක් එල්ලකර ඇති බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆෝචි පැවසීය.
අලුතින් හඳුනාගන්නා ආසාදිතයන්ගෙන් 20% ක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් බව පැවසූ ඔහු, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් ඩෙල්ටා ප්‍රභේදය නිසා රෝගයේ බරපතළභාවයද ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය.
මේ අතර, ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය වඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස ඉන්දීය රජය විසින් නම්කර ඇති අතර මේ වනවිට ආසාදිතයන් 40 දෙනෙක් ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් වන ඩෙල්ටා ප්ලස් ව්‍යාප්තිය පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්ත බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.
ඩෙල්ටා ප්ලස් මේවන විට වෙනත් රටවල් 9කින් හමුවී තිබේ. අමෙරිකාව, පෘතුගාලය. ස්විස්ටර්ලන්තය, ජපානය, පෝලන්තය, නේපාලය, රුසියාව සහ චීනය ඒ රටවල් වේ.
දෙරණ නිව්ස්
ඒ කියන්නෙ මේ ඩෙල්ටා+ කියන ඵකට ෆයිසර් ගැහුවත් වැඩක් නැද්ද?අැමරිකාවේ ෆයිසර් ගහපු 190ක් කොරෝන හැදිල මැරිලා කියල තිබ්බ අාටිකල් ඵකක..