අඹගමුවට වර්තමානය වන විට ග්‍රාම නිලධාරී වසම් 67 ක් තිබේ. ගම්මාන 302 ක් තිබේ. කොට්‌ඨාශ තිස්‌පහකි. වතු 136 කි. මෙහි සමස්‌ත ජනගහනය 21,0000 කී. එහි සිංහල 23% ක් දෙමළ 70% ක් සහ මුස්‌ලිම් 6% පමණ ජීවත් වේ. 1980 ට ප්‍රථම මෙම බල ප්‍රදේශ අඹගමුව උතුර ගම් සභාව සහ අඹගමුව දකුණ ගම් සභාව වශයෙන් කොටස් දෙකකට වෙන් කර තිබුණි. එකල සමස්‌ත බල ප්‍රදේශයම පාරම්පරික සිංහල වැසියන්ගේ ගම්මානයන් කේන්ද්‍ර කොට ගෙන නියෝජනය වී තිබුණි. නමුත් 1987 දී ප්‍රාදේශීය සභා පනත සම්මත කරගත් පසු එයට සමගාමීව වතු දෙමළ ප්‍රජාවට පුර වැසි කම් ලැබුණි. එයින් සිදු වූයේ සමස්‌ත බල ප්‍රදේශයේ නියෝජනයේ ප්‍රධාන පාලන බලතල දෙමළ ජනතාවට ලැබීමයි. 2011 පළාත් පාලන ඡන්ද විමසීමේ දී අඹගමුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් සිංහල මන්ත්‍රීවරු හත් දෙනකු පත් වූ අතර දෙමළ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු පත්ව එහි සභාපති ධුරයද වතු දෙමළ ප්‍රජාවට හිමිව තිබුණි. නමුත් පාරම්පරික සිංහල වැසියන්ගේ සහනශීලීත්වය නිසා ගැටුම් නිර්මාණය නොවුණි. සාමාන්‍ය දෙමළ ජනතාවද සිය වතුවල පොකුරු ගම්මානයන් වශයෙන් සිටි අතර සිංහල ගම්මාන සියල්ල විසිරුණු වසම් වශයෙන් තිබේ. මෙහි ප්‍රතිඵලය වූයේ සිංහල ගම්මානයන්හි යටිතල පහසුකම් දියුණු කිරීමේදී වැඩි අවධානයක් යොමු නොවීමයි. දේශපාලනඥයන් ඡන්ද කාලයට ජනතාව රවටමින් ඇතැම් විට ජාතිවාදී ලෙස කටයුතු කරමින් සිය බලය තහවුරු කරගත් අතර තොන්ඩමන් මුත්තු, සිවලිංගම් මෙන්ම වත්මන් වතු දෙමළ ප්‍රජාව නියෝජනය කරන දිගම්බරන් වැනි අය නිතරම උත්සාහ දරන ලද්දේ සිය වතු දෙමළ ඡන්ද පදනම් ආරක්‌ෂා කරගැනීමේ ක්‍රියාදාමයක නිරත වීමයි. ඔවුන්ගේ දැඩි ඉල්ලීම වූයේ මෙම අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනක් කඩා ගැනීමයි. ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී මෙන්ම අවසාන වශයන්ම මහින්ද රාජපක්‌ෂ යුගයේදීද එම ඉල්ලීම් නැවත නැවතත් ඉදිරිපත් විය. නමුත් එම ඉල්ලීම කිසිවිටකත් ඉටු නොවුණි.
වත්මන් යහපාලන රජය පත්වීමේදී මහින්ද රාජපක්‌ෂ මහතා සහමුලින් පරාජය කරගැනීම අත්‍යවශ්‍ය විය. ඒ සඳහා ඔවුහු දෙමළ මුස්‌ලිම් දේශපාලනඥයන් සමග රහස් ගිවිසුම ඇති කර ගත්හ. අද සිංගප්පූර් සම්මුතිය වශයෙන් ඉදිරියට පැමිණෙන්නේ එයයි. දෙමළ ජාතික සංධානය සමග ඇති කරගත් ගිවිසුම ගැනද මැතිවරණ සමයේදී තිස්‌ස අත්තනායක මහතා හෙළි කර තිබුණි. කෙසේ වෙතත් වතු දෙමළ දේශපාලනඥයන්ට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ අඹගමුව මෙන්ම නුවරඑළියද නියෝජනය වන ප්‍රාදේශීය සභා කොටස් හයකට කඩා ගැනීමයි. එසේම උඩරට වතුකරයේ දෙමළ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමට ඔවුහු එකඟතා ඇති කර ගත්හ. ජනාධිපති වරණයෙන් පසුව 2016 මැතිවරණයේ දී මෙම පොරොන්දු ඉල්ලීම්වලට සහතිකයක් ලැබුණ අතර ඒ අනුව කඳුරට නව ගම්මාන අමාත්‍යංශයක් පිහිටුවන ලදහ. එසේම මෑතකදී එස්. බී. දිසානායක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද උඩරට සංවර්ධන අධිකාරියේ සඳහන් වනුයේ උඩරට ඉඩම් වෙනත් අයට ලබා දීමේදී යථොක්‌ත අමාත්‍යංශයෙන් විමසිය යුතු බවයි. මෑතක ඉදිරිපත් කරන ලද ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අතුරු වාර්තාවේ නිරීක්‌ෂණ තුළද කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් මලයහ නමින් වෙනම පාලන ඒකකයක් යෝජනා කර තිබේ.
දැන් එම සීමා නිර්ණ කමිටුවද අවසන්ය. එහෙත් පසුගියදා පක්‌ෂ නායකයන්ගේ රැස්‌වීමක් කැඳවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඹගමුව බල ප්‍රදේශ තුනකට කැඩීමේ යෝජනාවට අනුමැතිය ගෙන ඇත. එහෙත් එම රැස්‌වීමට නුවරඑළිය නියෝජනය කරන කිසිම සිංහල මන්ත්‍රීවරයෙකු සහභාගි වී නැත. මනෝ ගනේෂන්, දිගම්බරන්, රවුෆ් හකීම්, ෆයිසර් මුස්‌තාපා වැනි මෙරට සුළු ජන වර්ග නියෝජනය කරන දේශපාලනඥයන් පමණක් එයට සහභාගි වී තිබේ. අනතුරුව මෙම යෝජනාවට කැබිනට් අනුමැතියද ගෙන තිබෙන්නේ ශ්‍රී පාදය ජනාධිපතිවරයා යටතේ තිබෙන්නේ යෑයි කියමිනි. එහෙත් මේ පළාතේ ඉඩම් සීග්‍රයෙන් අන්සතු වන්නේද රජයේ අනුදැනුමෙනි. විශේෂයෙන්ම මුස්‌ලිම් ව්‍යාපාරිකයන් ශ්‍රී පාදය අවට ඉඩම් ගැන ඇස ගසාගෙන සිටිති. ඔවුහු හෝටල් සංකීර්ණ හදන මුවාවෙන් මේ වන විටත් විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙන්නේ ශ්‍රී පාද පාලනය බෞද්ධයන්ගෙන් පැහැර ගෙන තමන් යටතට පත්කර ගැනීමේ ෙච්තනාවෙන් බව පැහැදිලියි.
අඹගමුව කොටස් තුනකට කඩන ගැසට්‌ටුව නිකුත් කළ පසුව ශ්‍රී පාදයේ අවසාන ගම් වසම වන සීත ගඟුල (අංක 320 ඊ) පාලනය වනු ඇත්තේ මස්‌කෙළිය ප්‍රාදේශීය සභාවෙනි. එහි සමස්‌ත බලයම ජාතිවාදී පදනමින් (ජනගහනය පනස්‌දාහකට එක් බල ප්‍රදේශයක්) දෙමළ ජනතාවට අයත්ය. එවිට ශ්‍රී පාද ස්‌ථානයට යනෙන ගමන් මාර්ගයත් තානායම් සහ වෙළෙඳ බලපත්‍රයන් සියල්ල පාලනය කරනු ලබනුයේ ඔවුන්ය. එවිට කුමක් සිදු වනු ඇත්දැයි ජනාධිපතිවරයාට පවා දැක ගත හැකි වනුයේ පත්‍ර මාර්ගයෙනි.
එදා ඉංග්‍රීසි පාලන සමයේ පවා අඹගමුව ගම් සභාවට ශ්‍රීපාදය අත්කර දී තිබුණේ සෙල් ලිපියේ සඳහන් රාජ්‍ය භාරය මෙන්ම පුද පූජාවන්ද මේ පාරම්පරික සිංහල ගම්වලට අයත්ව තිබූ හෙයිනි. එය අන්සතු කිරීම මෙන්ම අවහිර කිරීමද බුද්ධ ශාසනය කෙළෙසීමකි.
පැරණි රජ වරුන් පැනවූ ව්‍යවස්‌ථා උල්ලංඝනය කිරීමකි. මෙම නව සීමා නිර්ණයට අප විරුද්ධ විය යුත්තේ මූලික අයිතිවාසිකම් කඩවීම ගැන පමණක් සිතා නොව එය සමස්‌ත ජාතියේම ජාතික අයිතිවාසිකම් කඩවීමක් සේ සලකමිනි. ව්‍යවස්‌ථා කඩදාසියේ අකුරු වෙනස් කරමින් කරන ජාතිවාදී බලය බෙදීම සම්පූර්ණ වනු ඇත්තේ භූමිය තුළ සැබෑ ලෙසටම ජාතිවාදී ලෙසට කොටස් කැඩීමෙනි. එය අනාගත ජාතිවාදී ගැටුම්වලට නව ප්‍රවේශයක් වනු නියතය.
link
දැන් එම සීමා නිර්ණ කමිටුවද අවසන්ය. එහෙත් පසුගියදා පක්‌ෂ නායකයන්ගේ රැස්‌වීමක් කැඳවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඹගමුව බල ප්‍රදේශ තුනකට කැඩීමේ යෝජනාවට අනුමැතිය ගෙන ඇත. එහෙත් එම රැස්‌වීමට නුවරඑළිය නියෝජනය කරන කිසිම සිංහල මන්ත්‍රීවරයෙකු සහභාගි වී නැත. මනෝ ගනේෂන්, දිගම්බරන්, රවුෆ් හකීම්, ෆයිසර් මුස්‌තාපා වැනි මෙරට සුළු ජන වර්ග නියෝජනය කරන දේශපාලනඥයන් පමණක් එයට සහභාගි වී තිබේ. අනතුරුව මෙම යෝජනාවට කැබිනට් අනුමැතියද ගෙන තිබෙන්නේ ශ්‍රී පාදය ජනාධිපතිවරයා යටතේ තිබෙන්නේ යෑයි කියමිනි. එහෙත් මේ පළාතේ ඉඩම් සීග්‍රයෙන් අන්සතු වන්නේද රජයේ අනුදැනුමෙනි. විශේෂයෙන්ම මුස්‌ලිම් ව්‍යාපාරිකයන් ශ්‍රී පාදය අවට ඉඩම් ගැන ඇස ගසාගෙන සිටිති. ඔවුහු හෝටල් සංකීර්ණ හදන මුවාවෙන් මේ වන විටත් විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙන්නේ ශ්‍රී පාද පාලනය බෞද්ධයන්ගෙන් පැහැර ගෙන තමන් යටතට පත්කර ගැනීමේ ෙච්තනාවෙන් බව පැහැදිලියි.
අඹගමුව කොටස් තුනකට කඩන ගැසට්‌ටුව නිකුත් කළ පසුව ශ්‍රී පාදයේ අවසාන ගම් වසම වන සීත ගඟුල (අංක 320 ඊ) පාලනය වනු ඇත්තේ මස්‌කෙළිය ප්‍රාදේශීය සභාවෙනි. එහි සමස්‌ත බලයම ජාතිවාදී පදනමින් (ජනගහනය පනස්‌දාහකට එක් බල ප්‍රදේශයක්) දෙමළ ජනතාවට අයත්ය. එවිට ශ්‍රී පාද ස්‌ථානයට යනෙන ගමන් මාර්ගයත් තානායම් සහ වෙළෙඳ බලපත්‍රයන් සියල්ල පාලනය කරනු ලබනුයේ ඔවුන්ය. එවිට කුමක් සිදු වනු ඇත්දැයි ජනාධිපතිවරයාට පවා දැක ගත හැකි වනුයේ පත්‍ර මාර්ගයෙනි.
එදා ඉංග්‍රීසි පාලන සමයේ පවා අඹගමුව ගම් සභාවට ශ්‍රීපාදය අත්කර දී තිබුණේ සෙල් ලිපියේ සඳහන් රාජ්‍ය භාරය මෙන්ම පුද පූජාවන්ද මේ පාරම්පරික සිංහල ගම්වලට අයත්ව තිබූ හෙයිනි. එය අන්සතු කිරීම මෙන්ම අවහිර කිරීමද බුද්ධ ශාසනය කෙළෙසීමකි.
පැරණි රජ වරුන් පැනවූ ව්‍යවස්‌ථා උල්ලංඝනය කිරීමකි. මෙම නව සීමා නිර්ණයට අප විරුද්ධ විය යුත්තේ මූලික අයිතිවාසිකම් කඩවීම ගැන පමණක් සිතා නොව එය සමස්‌ත ජාතියේම ජාතික අයිතිවාසිකම් කඩවීමක් සේ සලකමිනි. ව්‍යවස්‌ථා කඩදාසියේ අකුරු වෙනස් කරමින් කරන ජාතිවාදී බලය බෙදීම සම්පූර්ණ වනු ඇත්තේ භූමිය තුළ සැබෑ ලෙසටම ජාතිවාදී ලෙසට කොටස් කැඩීමෙනි. එය අනාගත ජාතිවාදී ගැටුම්වලට නව ප්‍රවේශයක් වනු නියතය.link

wadak nh kiyala