මම වැඩිය ටෙලිවිෂන් බලන කෙනෙක් නං නෙවෙයි. ඒත් මගෙ අදහස කියන්නං 

දෙවනි ඉනිම තනිකරම හීන ලෝකයක්. ඒ කථාව හීන බලන්න කැමති අයට නං හොඳයි. මාත් කොටස් කීපයක් බැලුවා හැමෝම කතා වෙන නිසා. මොකද දෙයක් අත් නොවිඳ ඒ දේ ගැන තීරණයකට එන්න බෑනෙ. ඒකත් අනික් මෙගා වගේම ඔළුව විකෘති කරන එකක්. ලමයින්ට නං සුදුසුම නෑ. මටත් ඒක බලපු ඉක්මණට එපා උණා. ඕකට කැමති අයත් ඇති එකෙ තමන්ට රසවින්දනයක් ලැබෙන දේ එක්ක. ලස්සන නළු නිලියො. රොමෑනටික් සීන්. කොමඩි සීන් වගේ දේ එක්ක. හැබියි දෙරණටත් ඉන්දියන් ඩ්‍රාමා පිස්සුව බෝවෙච්ච එක ගැන දුකයි.

අඹ යාළුවෝ නං දිගටම බලන්න මම පිං කරල නෑ. එහෙන් මෙහෙන් බලපුව තමා. ඒත් ඒකෙ අපේ ගැමි කමයි ගැමි ජීවිතයයි ඇසුරු වෙලා නිසා මේ වගේ කථාවකට ලමයි හුරුකලොත් ලමයින්ට උණත් ආසාවෙන් බලන්න පුළුවන් කියල මම හිතනවා. "මල් පිපෙයි දෙනෙත් ඇරෙයි කතා කියයි හෙමින්" සින්දුව නං ඇති තරං රූපවාහිනී චැනල් එකෙන් රසවිඳල තියෙනවා. අදටත් ඒක ඇහෙද්දි අහන්න ආසයි.

මොකක්ද බං දෙවනි ඉනිම කියන්නේ....?? සිරාවටම දන්නේ නෑ..... 