අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී

    අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී. අනාගතය ගැන මැලේසියානු සමාගම විමතියෙන්

    නව රජයේ අතුරු අයවැයෙන් හඳුන්වාදී තිබෙන බදු යෝජනා හේතුවෙන් මෙරට විශාලතම සෘජු විදේශීය ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමාගමට පැති කිහිපයකින් පහර පිට පහර වැදීම නිසා සමාගම දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

    මෙරට ජංගම දුරකතන සම්බන්ධතා ලබාදීමේ වෙළඳ පොළ ඉතාමත් තරගකාරී එකක් වන අතර සමාගම් රැසක් වෙළඳ පොළ තුළ ක්‍රියාත්මකවීම නිසා සමාගම්වල ලාභ පරාස තිබෙන්නේ අඩු මට්ටමකයි.
    මෙවැනි තත්ත්වයකදී, අතුරු අයවැය මගින් හඳුන්වා දුන් පෙරගෙවුම් පත් සඳහා තිබෙන සියයට 25 ක බද්ද අදාළ සමාගම් විසින් දරාගත යුතුය යන යෝජනාව නිසා මෙරට සියළුම ජංගම දුරකතන සමාගම් අසීරුතාවයකට පත්වීම වැලැක්විය නොහැකිය. මෙම බදු යෝජනාවේ සඳහන් වන්නේ රීලෝඩ් සඳහා පාරිභෝගිකයින්ගෙන් අයකර රජයට ගෙවන සියයට 25 ක බද්ද ජංගම දුරකතන පහසුකම් සපයන්නන් විසින් පාරිභෝගිකයින්ගෙන් අය නොකළ යුතුය යන්නයි.

    මෙම බදු යෝජනාවෙන් පහර වැදී තිබෙන ඩයලොග් සමාගමට දෙවැනි ප්‍රහාරය එල්ල වන්නේ සුපිරි වාසි බද්ද මගිනි. පසුගිය මුදල් වසරේදී රුපියල් බිලියන 05 ක් ඉක්මවන ලාභයක් ලබා තිබෙන සමාගම මෙම සුපිරි වාසි බද්දට යටත් වේ. සුපිරි වාසි බද්ද මගින් සඳහන් කර තිබෙන්නේ 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ශුද්ධ ලාභයක් ලබා තිබෙන සමාගමක් එම ලාභයෙන් සියයට 25 ක් බදු වශයෙන් ගෙවිය යුතුය යන්නයි.

    මේ ආකාරයෙන් අතීතය සඳහා බදු අයකිරීම සාධාරණ නොවන බවත් බදු අයකළ යුත්තේ අනාගතය වෙනුවෙන් බවත් මේ වනවිට වර්ධනය වෙමින් තිබෙන මතයකි.

    මීට අමතරව, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා වලින් රුපියල් බිලියනයක එක් වරක් ගෙවන බද්දක් අයකර ගැනීමට කර තිබෙන යෝජනාවෙන් බොහෝ දුරට ඩයලොග් මිදීමට ඉඩක් තිබුණද තවමත් එය තිබෙන්නේ අවිනිශ්චිත මට්ටමකයි. එම ප්‍රහාරයත් ඩයලොග් වෙතට එල්ල වුවහොත් අතුරු අයවැය මගින් ඩයලොග් වෙත එල්ලවන ප්‍රහාර ගණන තවදුරටත් ඉහළ යයි.

    මෙම අයවැය යෝජනාව මගින් සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සේවා ලාභීන් 50,000 කට වඩා සිටින චන්ද්‍රිකා මගින් සෘජුවමට නිවාස වලට සේවා සපයන වාණිජ ක්‍රියාකරුවන් වසර ගණනාවක් තිස්සේ රජයට ගෙවීමකින් තොරව කටයුතු කරන බවයි. ඩයලොග් රූපවාහිනිය විසින් පසුගිය කාලයේදී රජයට මිලියන ගණනක බදු ගෙවා තිබේ. මේ නිසා, මෙම බදු යෝජනාව බොහෝ දුරට අදාළ වනු ඇත්තේ ඉන්දියාවේ සිට චන්ද්‍රිකා තාක්ෂණය යටතේ විකාශ කටයුතු කරන රූපවාහිනී ක්‍රියාකරුවන්ට විය හැකිය. ඉන්දියාවේ සිට විකාශ කටයුතු කරන මෙවැනි නාලිකාවන්ට මෙරට 400,000 කට ආසන්න ග්‍රාහකයින් පිරිසක් සිටින අතර එම නාලිකා රජයට කිසිදු ගෙවීමක් සිදුකර නොමැත.

    කෙසේවෙතත්, මෙම බදු යෝජනාවේ සඳහන් කර තිබෙන සේවා ලාභීන් 50,000 ක් වන සීමාව නිසා LBN නාලිකාව මේ යටතට නොවැටෙන අතර චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා යන අර්ථ දැක්වීම නිසා PEO TV යන නාලිකාවද මෙම බදු යෝජනාව යටතට අයත් නොවේ.
    මෙම බදු යෝජනාව මගින් රුපියල් බිලියන 02 ක ආදායමක් රැස්කර ගැනීමට අපේක්ෂිත යැයි දක්වා තිබෙන නිසා රජයට බදු ගෙවා තිබුණත් කුමන හෝ ක්‍රමයකින් ඩයලොග් රූපවාහිනිය මෙම යෝජනාවට ඇතුළත් කිරීමේ ඉඩකඩක් තිබෙනවාද යන්න සැක සහිතය.
    මේ අනුව, මෙරටට ඩොලර් බිලියන 1.7 ක පමණ සෘජු විදේශීය ආයෝජන රැගෙනවිත් ඇති මෙරට ප්‍රමුඛතම සෘජු විදේශ ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙම අතුරු අයවැය නිසා විශාල අසීරුතාවයකට පත්ව ඇත.

    ඩයලොග් ආසිආටා යනු මැලේසියානු Axiata Group Berhad සමාගමට අනුබද්ධ සමාගමක් වන අතර මේ පිළිබඳව මව් සමාගමේ අවධානය යොමුව තිබෙන බවද අප වෙත අනාවරණය වේ.
    ඩයලොග් ආසිආටා සතුව ආසන්න වශයෙන් මෙරට සිටින කොටස්කරුවන් ප්‍රමාණය 25,000 කට ආසන්නය.

    ඩයලොග් ආසිආටා සමාගමට මෙරට ජංගම දුරකතන ග්‍රාහකයින් මිලියන 9.3 ක් පමණ සිටින අතර ඩයලොග් රූපවාහිනියට 400,000 ක් ඉක්මවන ග්‍රාහකයින් ප්‍රමාණයක් සිටී.

    පසුගිය ජනාධිපතිවරණය සමයේදී ඩයලොග් රූපවාහිනිය විසින් ඇතැම් විකාශ කටයුතු වාරණය කළ බවට සමාගමට එරෙහිව දැඩි චෝදනා එල්ලවී තිබුණි.

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    dialog ekata gahana ekada ban yahapanaya kiyanne? oya badda gahala thiyenne dialog target karan neme wenna ethi ban. ehema kala nam eka weradi.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඩයලොග් හුට්ටලා මරාට ක‍ඩේ ගියා මුන් තමයි සැටලයිට් වලට ලංකාවේ මොනොපොලි එකක් හදාගෙන අපිව ගසා කෑව හැත්ත.ඒ මදිවට මොකක් හරි ක්‍රමයකින් ෆොන් එකට දාන තුට්ටු දෙකත් මන්කොල්ල කාපු හැත්ත මුන්ගේ කලුකඩ වෙලදාමට බදු පිට බදු ගහන්න ඔනේ අනිත් එක සී ඒස් එන් එක උන්ටත් කෝටී සීයක බද්දක් ගහලා මේ වගේ මාෆියා කාරයන්ගෙන් බදු ගහන එක හොදයි.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    නව රජයේ අතුරු අයවැය මගින් දැවැන්ත සමාගම් වෙත ගසා තිබෙන සුපිරි බද්ද (super gains tax) පිළිබඳව විරෝධතාවයක් මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාව තුළින් ඇතිවී තිබේ.
    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අතීතයේ ලාභ වෙනුවෙන් අයකර තිබීම ප්‍රශ්නයක් බවයි. 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අය කිරීමට මෙයින් යෝජනා කර තිබේ.
    අප වෙත අනාවරණය වන ආකාරයට මෙම බද්ද නිසා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගම් 20 කට වැඩි ප්‍රමාණයකට ප්‍රබල බලපෑමක් සිදුවන අතර දුරකතන සමාගම් වලට මෙහිදී දෙපැත්තකින් බදු වැටෙන තත්ත්වයක් ඇතිවී ඇත.
    මේ අනුව, මෙම සුපිරි වාසි බද්දට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඩිස්ටිලරීස්, සිලෝන් ටුබැකෝ, කාර්සන්ස්, බුකිට් ඩාරා, එයිට්කන් ස්පෙන්ස්, නෙස්ලේ, ඕවර්සී රියල්ටි, ඇක්සස් ඉංජිනියරිං, ලංකා ඉන්දීය තෙල් සමාගම, ලංකා ලුබ්රිකන්ට්, AHPL, HHL, සහ ටෝකියෝ සිමෙන්ති යන සමාගම් යටත්වීමේ වැඩි ඉඩකඩක් තිබෙන අතර මූල්‍ය අංශය නියෝජනය කරන කොමර්ෂල්, හැටන් නැෂනල්, සම්පත්,ඩී.එෆ්.සී.සී, සෙලාන්, NTB, NDB, යන බැංකු සහ සෙලින්කෝ රක්ෂණ සමාගම, සෙන්ට්‍රල් ෆයිනෑන්ස්, පීපල්ස් ලීසිං යන සමාගම්ද මෙම බද්ද යටතට වැටීමේ ඉඩකඩක් ඇත.
    මෙම බදු බිය නිසා කොළඹ කොටස් වෙළඳ පොළ අද දිනයේදී සියයට 2.7 කින් පමණ පහළ වැටුණු අතර අද පස්වරුවේ කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ පැවති පසු අයවැය සම්මන්ත්‍රණයේදී මෙම සුපිරි වාසි බද්ද ගැන විශේෂ අවධානයක් යොමුකර තිබුණි.
    මෙහිදී, නැගුණු පැනයකට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපති අර්ජුන මහේද්‍රන් මහතා පැවසුවේ දිගු කාලීනව ආයෝජන විශ්වාසය පළුදුවීමට මෙම බද්ද හේතුවනු ඇතැයි තමන් නොසිතන බවත් රජයේ කෙටි කාලීන ආදායම් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පමණක් මෙම බද්ද හඳුන්වා දී තිබෙන බවයි.
    මෙය එක් වරක් පමණක් අයකරන අනාගතයේදී ක්‍රියාත්මක නොවන බද්දක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.
    ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අයකරන ආකාරය පිළිබඳව රජය විසින් ඉදිරියේදී දැනුවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රශ්න රැසක් තිබෙන බවයි.
    මෙම සමාගම් වලින් ඇතැම් ඒවා පසුගිය කාලයේදී සියයට 28 ක් බදු ගෙවා තිබෙන බවත් සියයට 25 ක් වන මෙම බද්ද එකතු වූ පසුව එය සියයට 53 ක් දක්වා ඉහළ යන නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය වනබවත් හෙතෙම සඳහන් කළේය.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොඩ කතා කියන්න එපා බන්. උබ දන්නවද හාන්ස් විජේසූරිය තෙල් සන්ස්තාවේ හිටපු බව. ඌත් නිකන් එකෙක් නෙමෙයි, ආන්ඩුවට ලොවලා ආන්ඩුවේ ටැක්ස් මග හැරියා. අනික මේ බඩු වන් ටයිම් ගහන එවා. ඒවා ඩයලොග් වලට විතරක් නෙමෙයි, ඔනැ එකකට පොඩුයි. 25% ජනතාවගෙන් අය කරන්න එපා කිව්වම ඒක ඩයලොග් මොබිටෙල්, හච් බච් ඔක්කොටම එකයි. පිනට ටැක්ස් කැමා කරපු යුගේ ඉවරයි මල්ලි.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    නව රජය විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු අයවැය මගින් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 4.4 ක් දක්වා අඩුකිරීමට සැලසුම් කර තිබුණත් ආදායම් හිඟය (revenue deficit) රුපියල් බිලියන 149 කින් වැඩිකර තිබීම කැපී පෙනෙන කරුණකි.
    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ 2015 වෙනුවෙන් අයකර ගැනීමට බලාපොරොත්තු වන සමස්ත ආදායම පසුගිය රජය විසින් ඇස්තමේන්තු කර තිබූ රුපියල් බිලියන 1,689 ක් වන ආදායමට සාපේක්ෂව රුපියල් බිලියන 1,622 ක් දක්වා අඩුවනු ඇති බවත් පාරිභෝගික භාණ්ඩ රැසක් වෙත බදු සහන ලබාදීම මෙයට හේතුව බවයි.
    රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා විශ්‍රාම වැටුප් වැඩිකිරීම හේතුවෙන් මෙම අතුරු අයවැය මගින් වර්තන වියදම් (Current spending) රුපියල් බිලියන 1,525 ක සිට රුපියල් බිලියන 1,612 ක් දක්වා වර්ධනය වී ඇති අතර මුදල් අමාත්‍යවරයා පැවසුවේ රජයේ සේවකයින්ගේ වැටුප ඉතිහාසයේ වැඩිම වැඩි කිරීම මෙය බවයි.
    මෙම අයවැය මගින් ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 521 ක සිට රුපියල් බිලියන 499 ක් දක්වා අඩුකර තිබෙන අතර මේ ආකාරයෙන් පසුගිය ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ සියයට 4.4 ක අයවැය හිඟය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ඇත.
    මාසික මුදල් ගෙවීම් වලට අදාළ වන ආදායම් හිඟය වැඩිවීම (revenue deficit) ආර්ථික ස්ථායිතාවයට සහ විනිමය අනුපාතයට අහිතකර ලෙස බලපෑමේ වැඩි ඉඩකඩක් තිබෙන බව මෙහිදී පෙනෙන කරුණකි.
    විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉතාමත් ඉක්මනින් පොලී අනුපාතය වැඩි නොකර මෙම ආදායම් හිඟය බැංකු ණය මගින් පියවා ගන්නේ නම් විනිමය අනුපාතය දුර්වල වීමටත් විදේශ සංචිතය අඩුවීමටත් එය හේතුවක් විය හැකි බවයි.
    රුපියල් බිලියන 2000 කට වැඩියෙන් ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අයකිරීම, දුරකතන සමාගම් සහ කැසිනෝ මත විශාල බදු අය කිරීම වැනි ආදායම් යෝජනා මගින් වැඩි බදු මුදලක් රැස්කර ගැනීමේ හැකියාව තිබුණත් පසුගිය රජයට සම්බන්ධ ක්‍රීඩා නාලිකාව මත පනවා තිබෙන රුපියල් බිලියනයක බදු මුදල එකතු කර ගැනීම අපහසු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන තවත් කාරණාවකි.
    මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවගෙන් අයකර ගන්නා බදු දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14.4 ක සිට සියයට 14.1 ක් දක්වා මෙවර අඩුකර තිබෙන බවයි.
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ඩයලොග් හුට්ටලා මරාට ක‍ඩේ ගියා මුන් තමයි සැටලයිට් වලට ලංකාවේ මොනොපොලි එකක් හදාගෙන අපිව ගසා කෑව හැත්ත.ඒ මදිවට මොකක් හරි ක්‍රමයකින් ෆොන් එකට දාන තුට්ටු දෙකත් මන්කොල්ල කාපු හැත්ත මුන්ගේ කලුකඩ වෙලදාමට බදු පිට බදු ගහන්න ඔනේ අනිත් එක සී ඒස් එන් එක උන්ටත් කෝටී සීයක බද්දක් ගහලා මේ වගේ මාෆියා කාරයන්ගෙන් බදු ගහන එක හොදයි.

    Hariyata hari machan...mata ela parata awa msg ekak mage fone eka MYTV platinam Package activate kara kiyala...rupiyal 100+tax kapuwa kiyala..
    mata e katha wadeyta asuu haradahata nagga....mama eeta passe katha karala hodata banala...eeta passe e gani kiyagena awa, mata waradiala activate wenna athi kiyala...mama eeta basse bannama kiyanawa complain dannam lu....

    so guys be careful...dialog does these kind of shitty things now...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නව රජයේ අතුරු අයවැය මගින් දැවැන්ත සමාගම් වෙත ගසා තිබෙන සුපිරි බද්ද (super gains tax) පිළිබඳව විරෝධතාවයක් මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාව තුළින් ඇතිවී තිබේ.
    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අතීතයේ ලාභ වෙනුවෙන් අයකර තිබීම ප්‍රශ්නයක් බවයි. 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අය කිරීමට මෙයින් යෝජනා කර තිබේ.
    අප වෙත අනාවරණය වන ආකාරයට මෙම බද්ද නිසා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගම් 20 කට වැඩි ප්‍රමාණයකට ප්‍රබල බලපෑමක් සිදුවන අතර දුරකතන සමාගම් වලට මෙහිදී දෙපැත්තකින් බදු වැටෙන තත්ත්වයක් ඇතිවී ඇත.
    මේ අනුව, මෙම සුපිරි වාසි බද්දට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඩිස්ටිලරීස්, සිලෝන් ටුබැකෝ, කාර්සන්ස්, බුකිට් ඩාරා, එයිට්කන් ස්පෙන්ස්, නෙස්ලේ, ඕවර්සී රියල්ටි, ඇක්සස් ඉංජිනියරිං, ලංකා ඉන්දීය තෙල් සමාගම, ලංකා ලුබ්රිකන්ට්, AHPL, HHL, සහ ටෝකියෝ සිමෙන්ති යන සමාගම් යටත්වීමේ වැඩි ඉඩකඩක් තිබෙන අතර මූල්‍ය අංශය නියෝජනය කරන කොමර්ෂල්, හැටන් නැෂනල්, සම්පත්,ඩී.එෆ්.සී.සී, සෙලාන්, NTB, NDB, යන බැංකු සහ සෙලින්කෝ රක්ෂණ සමාගම, සෙන්ට්‍රල් ෆයිනෑන්ස්, පීපල්ස් ලීසිං යන සමාගම්ද මෙම බද්ද යටතට වැටීමේ ඉඩකඩක් ඇත.
    මෙම බදු බිය නිසා කොළඹ කොටස් වෙළඳ පොළ අද දිනයේදී සියයට 2.7 කින් පමණ පහළ වැටුණු අතර අද පස්වරුවේ කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ පැවති පසු අයවැය සම්මන්ත්‍රණයේදී මෙම සුපිරි වාසි බද්ද ගැන විශේෂ අවධානයක් යොමුකර තිබුණි.
    මෙහිදී, නැගුණු පැනයකට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපති අර්ජුන මහේද්‍රන් මහතා පැවසුවේ දිගු කාලීනව ආයෝජන විශ්වාසය පළුදුවීමට මෙම බද්ද හේතුවනු ඇතැයි තමන් නොසිතන බවත් රජයේ කෙටි කාලීන ආදායම් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පමණක් මෙම බද්ද හඳුන්වා දී තිබෙන බවයි.
    මෙය එක් වරක් පමණක් අයකරන අනාගතයේදී ක්‍රියාත්මක නොවන බද්දක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.
    ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අයකරන ආකාරය පිළිබඳව රජය විසින් ඉදිරියේදී දැනුවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රශ්න රැසක් තිබෙන බවයි.
    මෙම සමාගම් වලින් ඇතැම් ඒවා පසුගිය කාලයේදී සියයට 28 ක් බදු ගෙවා තිබෙන බවත් සියයට 25 ක් වන මෙම බද්ද එකතු වූ පසුව එය සියයට 53 ක් දක්වා ඉහළ යන නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය වනබවත් හෙතෙම සඳහන් කළේය.
    මේක ගැටලුවක් නැ මචන්. මේක ගහන්නේ වන් ටයිම් නේ. මුන්ට මේ ගාන සිම්පල් ගානක්. මරාට වගේ මේ කොම්පැනි කාරයන්ට ආන්ඩුව ඇතුලට රින්ගන්න නම් දෙන්න හොද නැ. මම කියන්නේ මේ බද්ද අත්යාවශ්ශයි. මුන් කැත හම්බ කිරීමක් කරනවා, ඒ මදිවට රජයේ බදු කියලා මුන් ගහන බද්ද අපි කොහොමද කියන්නේ මුන් රජයට ගෙවනවාමයි කියලා. ඩයලොග් එක කලේ ඒක. උන් ගෙව්වේ නැ බදු රීලොඩ් වල හරි ගානට.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මොඩ කතා කියන්න එපා බන්. උබ දන්නවද හාන්ස් විජේසූරිය තෙල් සන්ස්තාවේ හිටපු බව. ඌත් නිකන් එකෙක් නෙමෙයි, ආන්ඩුවට ලොවලා ආන්ඩුවේ ටැක්ස් මග හැරියා. අනික මේ බඩු වන් ටයිම් ගහන එවා. ඒවා ඩයලොග් වලට විතරක් නෙමෙයි, ඔනැ එකකට පොඩුයි. 25% ජනතාවගෙන් අය කරන්න එපා කිව්වම ඒක ඩයලොග් මොබිටෙල්, හච් බච් ඔක්කොටම එකයි. පිනට ටැක්ස් කැමා කරපු යුගේ ඉවරයි මල්ලි.

    ඔප්පු කරපන් , ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරපන්..ඔහොම ටැකස් ගෙවන්නේ නැතුව ඉන්න පුලුවන් නම්.. ඒකයි යහපාලනේ.

    නිකන් මෝඩ කතා නොකියා.... කාටත් චෝදනා කරන්න පුලුවන් බොරුවට හෝ ඇත්තට..
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔප්පු කරපන් , ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරපන්..ඔහොම ටැකස් ගෙවන්නේ නැතුව ඉන්න පුලුවන් නම්.. ඒකයි යහපාලනේ.

    නිකන් මෝඩ කතා නොකියා.... කාටත් චෝදනා කරන්න පුලුවන් බොරුවට හෝ ඇත්තට..
    ඔක තමයි කේස් එක බන්. මරාගේ ගොලයො ගහපු එක ගේමක්වත් ඔප්පු කරන්න බැ. උබ දන්නවනේ ඒ කාලේ ඇස්.බී කියන චරිතේ සමෘද්දි සල්ලි ගහපු කතාව. ඒ සල්ලි ගහලා ඌ ගෙයක් හැදුවා. ඒක මුලු රටම දන්නවා, නමුත් ඔප්පු කරන්න බැ. ඒ ඇයි. ඌ සල්ලි මාටියා ගැහුවේ අපූඋ ක්‍රමේකට. ඌ සමෘට්දි සල්ලි 1% වැඩි පොලියට පෞද්ගලික බැන්කුවක ආයොජනය කලා. අවුරුද්ද අන්තිමේ සල්ලි ආපහු ආන්ඩුවෙ බැන්කුවට දාලා ආන්ඩුවේ බැන්කුවේ නියම පොලියට ඔඩිට් කලා. වර්ශ අවසානේ රජයේ විගනන වල නැ ඌ සල්ලි ගහපු බවක්. ඇත්තටම ඌ ගහලා නැ. ඌ කලේ ආන්ඩුවේ සල්ලි වලින් ඌ ලාබයක් හොයපු එක. ඔය වගේ ගේම් තමා හාන්ස්ලා ගැහුවේ. තෙල් සන්ස්තාවේ වෙච්ච දේවල්, කො තාමත් කවුරුත් කතා කරන්නේ නැනේ. උබ කිව්වා හරි. මට ඔප්පු කරන්න බැ. නමුත් උන බව දන්නවා.
     
    ඔප්පු කරන්න බැරි නම්.. බොරුවට ලොකු ටෝක් නොදී හිටපන්.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔප්පු කරන්න බැරි නම්.. බොරුවට ලොකු ටෝක් නොදී හිටපන්.

    ඒක තමයි. රටේ මිනිස්සුම පිලිගන්නවා නම් මුන් හොරු නෙමෙයි කියලා මම මක් කරන්නද? ඇට බොලා ගගහා හිටපු බේබිලා ටිවී ස්ටේශන් ගහන්න තරම් සල්ලි කාරයො උනේ මැද්මුලනෙන් ගෙනත් වෙන්න ඇති. මේ එකක්වත් ඔප්පු කරන්න බැ. එහෙමයි කියලා උන් හොරු නෙමෙයි කියලා රටේ ජනතාවම කියනවා නම් මොන යහපාලනේ ගෙනාවත් වැඩක් නැ.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    රුපියල් බිලියන 2000 කට වැඩියෙන් ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අයකිරීම sadarana nadda
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    එහෙම කොහොමද බන් කරන්නෙ. හරි මුන් ගෙව්ව කියමුකො ඔය බද්ද, ඊගාව අයවැයට කියනව එකපාරක් ගෙවන තව බද්දක් ගෙවන්න කියල.
    එහෙම කරන්න බැනෙ බන් ඒක සාධාරණද බලපන්.
    අලුතෙන් පටන් ගන්න සමාගමක් නන් තමා ඔය බදු ගෙවන්න වෙන්නෙ. මන්දිර බද්දත් එහෙමයි. අලුතෙන් හදන එකක් නන් තමා ඔය බද්ද ගෙවන්න ඕනි. නැත්තන් සාධාරණ නෑ පරණ ඒවගෙන් ඉල්ලන එක.
    වාර්ෂික බද්දක් වගේ දෙයක් නන් අවුලක්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,246
    113
    Ohio, USA
    Lankawe Neethiyata Company Eka Innawada Company Eke neethiyata Lankawe neethiya Hada gannawada Kiyana Ekai Dan thiyenne..