අයවැයෙන් වාහන

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙනවා..

මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවීමට අමතරව ත්‍රී රෝද ලියා පදිංචිය 54%කින්ද, යතුරුපැදි ලියාපදිංචිය 46%කින්ද අඩුවී ඇති අතර මේ අනුව සමස්ථ වාහන ලියාපදිංචියේ අඩුවීම 46%ක් බවයි එයින් කියවුනේ.

මසුගිය මාර්තු මාසයේ වූ බදු වැඩිකිරීම අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්‍රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද, ටොයෝටා ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද , ටොයෝටා විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද, වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්ද , යතුරුපැදියක් රුපියල් 50,000 කින්ද ඉහළ ගියා

පෙට්‍රල් කාර් 120% සිට 200% දක්වාද, ඩීසල් කාර් 180% සිට 250% දක්වාද, ත්‍රීවීල් 51% සිට 100% දක්වාද, මෝටර්සයිකල් 61% සිට 100% දක්වාද බදු වැඩි වීම නිසා වාහන විකිණීම අඩුවීම නිසා වාහන විකිණුම් සමාගම් බලවත් අපහසුතාවයට පත්වී සිටිනවා. එබැවින් ගෙන්වූ වාහන නැවත එම රටවලට යැවීමටයි ඔවුන් පෙළඹී තිබෙන්නේ.

වාහන ප‍්‍රතිඅපනයනය කිරීමේදී වාහන අනායනයකරුවන් විසින් වාහන ගෙන්වීමේදී තීරු බදු වශයෙන් ගෙවූ මුදල් නැවත ලබාගැනීමට මේ වනවිට ඉල්ලිම් කර තිබෙන අතර එම ඉල්ලීම මේ වනවිට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කර ඇති බවයි රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතා පවසන්නේ.

ප‍්‍රති අපනයනය කිරීමේදී කලින් ආනයනය සඳහා පැනවූ රේගු බදු සියයට 90 ක් නැවත ලබාදිය හැකි වුවත් ආනයනයේදී පැනවූ සියළු බදු ඔවුන්ට නැවත ලබා දීමේ හැකියාවක් දැනට නැති බවද ඔහු පවසනවා.

වාහන ආපහු පටවා යැවීමෙ මෙම ගැටළුවට ස්ථිර පිළියමක් නොවන නිසා ස්ථිර පිළියමක් ලෙස වාහන ආනයනය කරුවන් විසින් ලබන මාසයේ පැවැත්වෙන අයවැයෙන් හෝ රජයෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා


 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
11lluti.jpg


මෙහෙම අවජාතකයෝ නිසා තමා මචන්ලා එලකිරි එක එපා වෙන්නෙ