අයවැය බොරු ගොඩක්
අයවැය බොරු ගොඩක් - මාර්ග කිලෝ මීටරයක් ප්‍රතිසංස්කරණයට වෙන් කරන්නේ රුපියල් 100යි
මෙවර අයවැය ලේඛනය කිසිදු වගකීමකින් තොරව අසත්‍ය සංඛ්‍යා සහ දත්ත සහිතව ඉදිරිපත් කළ එකක් බව එය පරීක්ෂා කරන විට පෙනී යයි. එහි ඇති සංඛ්‍ය ලේඛන එකිනෙක සමඟ පරස්පරය.
අයවැය ලේඛනයේ 32වන වගන්තියේ මෙසේ සදහන් වේ. "ඇමරිකානු ඩොලර් 2000ක වියදමින් තවත් කිලෝමීටර් 2600ක මාර්ග වැඩිදියුණු කිරීමක් සහ ප්‍රතිසංස්කරණය කිරීමට හදුනාගෙන තිබෙනවා." මෙම වාක්‍යයට අනුව මාර්ග කිලෝමීටර් 2600ක් දියුණු කිරීමට වෙන්කර ඇත්තේ ඩොලර් 2000කි. එනම් එක් කිලෝ මීටරයක් ප්‍රතිසංස්කරණය කිරීමට වෙන්ව ඇත්තේ එක් ඩොලරයකට ආසන්න මුදලකි. මෙය රුපියල් සියයක් පමණ වේ. එතරම් කුඩා මුදලකින් මහා මාර්ග සංවර්ධනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්ණයක් පවතී.
එම වගන්තියේම තවත් තැනක මෙසේ සදහන් වේ. " තවද පළාත් මාර්ග කිලෝ මීටර් 4700ක් ඩොලර් මිලියන 945ක වියදමින් ඉදිරි පස් වසර තුළ වැඩිදියුනු කිරීම සදහා හදුනාගෙන තිබෙනවා." මේ අනුව කිලෝමීටර් 4700ක් ප්‍රතිසංස්කරණය කිරීමට ඩොලර් මිලියන 945ක් වෙන්කර තිබේ. එනම් එක් කිලෝමීටරයකට ඩොලර් ලක්ෂ 2ක් හෙවත් රුපියල් ලක්ෂ 200ක පමණ මුදලක් වෙන්කර තිබේ. පළාත් මාර්ග පටු ඒවා වන අතර එම මාර්ගවල කිලෝමීටරයක් අලුත්වැඩියා කිරීමට මෙතරම් මුදලක් වැයවීම පිළිගත නොහැකිය.
මෙවර අයවැය ලේඛනය ජනතාව මුලා කිරීමේ අරමුණින් රජය ඉදිරිපත් කළ වංචා කාරී ලේඛනයක් බව මේ අනුව පැහැදිලිවේ.
gilmart aya wayak

: