අයවැය හා වරාය නගරය

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අයවැය හා වරාය නගරය

    අයවැය හා වරාය නගරය

    මේ ආණ්ඩුව විසිඑක්වැනි සියවසට ඔරොත්තු නොදෙන එකකි. එහි එ ජා ප නායකයෝ තවමත් රාජකීය විද්‍යාලය ආරම්භ කළ 1835 ජීවත් වෙති. මෛත්‍රිපාල සිරිසේන මහතා ජීවත්වන්නේ එයටත් වසර විස්සකට පමණ පෙර සුද්දන්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදුන් වකවානුවෙහි ය. ඔහුට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ ආදීන්ගෙන් පළිගැනීමේ චේතනාව පමණකි. ඔහුට අගමැති කම නොලැබුණු බැවින් ඔහු සියළු පාවාදීම් කරයි. ඔහු කිසි විටෙකත් බලය අත්නොහරිනු ඇත. ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇත්තේ අදාළ බලතල අගමැතිට පවරා ලබන මැතිවරණයේ දී අගමැති වීමේ බලාපොරොත්තු වෙනි. ඔහු නමින් පමණක් ශ්‍රී ල නි ප වෙයි. ඔහුට ඇති දේශපාලන පක්‍ෂයක් හෝ දර්ශනයක් හෝ නැත.

    ආණ්ඩුවේ එ ජා ප නායකයෝ හතරදෙනෙක් වෙති. හතරදෙනාම සූරයන් නොවෙතත් රාජකීය විදුහලේ ඉගෙන ගත්තෝ ය. ඒ රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, ලක්‍ෂමන් කිරිඇල්ල හා රවි කරුණානායක වෙති. මලික් සමරවික්‍රම හැරුණු විට අනෙක් තිදෙනා හමුදාවට සමච්චල් කළ අය වෙති. තෝප්පිගල කැලෑවක්, ඕනැම ගොනකුට යුද්ධ කළ හැකි ය, අලිමංකඩ යනුවෙන් පාමංකඩට කීම ආදිය ගැන සිංහලයන් කිසි දිනෙක සමාව නොදිය යුතු ය. ඔවුන්ට අවශ්‍ය දෙමළ ජාතිවාදයට රට පාවාදීම ය. පාර්ලිමේන්තුවේ නැති වුවත් ආණ්ඩුවේ අනෙක් රාජකීය නායකයා අවුරුදු කිහිපයකට පෙර මට මරණීය තර්ජන එල්ල කළ චරිත රත්වත්තේ ය. ඔහුගේ තර්ජනය ගැන එකල ශිෂ්‍ය නායකයකු වූ වත්මන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති පරණවිතාන මහතා දනියි. රත්වත්තේ ද අයවැයට වගකිව යුතු යැයි කියැවෙයි. රාජකීය විදුහල හා ඒ පිටුපසින් ඇති මෙරට අනෙක් පාසල් තවමත් වර්ධිත බටහිර නූතනත්ව අවධියටවත් පැමිණ නැත. පරිගණක අන්තර් ජාල, වයිබර් තාක්‍ෂණ ආදිය මෙරට හුදු සංකේත පමණ ය. එහි පසුපස ඇති චින්තනය මහල්ලන්ට පමණක් නොව තරුණයන්ට ද බොහෝ ඈත ය. තවමත් මෝටර් රථ පැදවීමටවත් මෙරට බොහෝ දෙනා නො දනිති. ඔවුන්ට අදාළ සංස්කෘතිය නො තේරෙයි. ඔවුන් වාහන පදවන්නේ පයින් යන්නේ ය යන සිතුවල්ල පෙරදැරි කරගෙන ය. ඊනියා මංතීරු නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට පොලීසිය මොරදුන්නේ එබැවිනි. එහෙත් මංතීරු එලෙස ම ඇත. මංතීරු ද සංකේත පමණ ය. වාහන ද සංකේත පමණ ය. අපි වාහන “ පදවමින්” සිතින් පයින් යමු. වාහන නීති නොතකා පයින් යන වාහන හේතුවෙන් මාර්ග අවහිර ඇතිවෙයි. අනතුරු සිදුවෙයි.

    මගේ වෑයම සිංහලයන් ඊනියා නූතනත්වයට ගෙන යෑමට නො වේ. මම නූතනත්වයට විරුද්ධ වෙමි. සමස්තයක් ලෙස ගත්කල ඊනියා නූතනත්වය මිනිසාට අහිතකර ය. ලෝකය මිනිසුන්ට ජීවත්වීමට නුසුදුසු තැනක් බවට පත්කෙළේ අදාළ යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. (මේ වාක්‍යය ඊනියා සංහිඳියාවක නමින් දණ්ඩ නීති සංග්‍රහයට එක් කිරීමට යන අලුත් වගන්තියට පටහැණි දැයි මම නො දනිමි. පටහැණි වුවත් ඒ බව කිව යුතු ය). පහළොස්වැනි සියවසේ අගභාගයේ ඉතාලියේ ඇති වූ යුදෙව් ක්‍රිස්තියානි පෞද්ගලික චින්තනය සියල්ල වෙන්කිරීමට උත්සාහ කරයි. එහෙත් යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ඒ නිසා ම එකක් ලෙස ක්‍රියාත්මක වෙයි. වත්මන් බටහිර කලාව පමණක් නොව බටහිර විද්‍යාව ද ධනවාදය ද ඇතිවූයේ මේ චින්තනයෙහි ය. කතෝලික සාමූහික චින්තනය වෙනුවට ඇති වූ යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් මුල දී පෞද්ගලික ධනපතියෝ ඇතිකරනු ලැබූහ. දහනවවැනි සියවසේ මුල බටහිර චින්තනය එසේ වූ අතර පෞද්ගලික ධනපතියන්ට අනුබල දෙනු ලැබිණි. එහෙත් කල් යෑමේ දී යුදෙවු ක්‍රිස්තියානි සාමුහික චින්තනයක් ඇති වී ධනපති සමාගම්, බහුජාතික සමාගම් හා එංගලන්ත කම්කරු පක්‍ෂයේ මැදිහත්වීමෙන් රාජ්‍ය ධනවාදය ද ඇති විය.

    1917 රුසියන් විප්ලවය ගැන බොහෝ දෙනා කතාකර ඇත. එය මාක්ස් ට්‍රොට්ස්කිවාදයක ප්‍රතිඵලයක් නොව රුසියානු ජාතික චින්තනයෙහි (national thought) ප්‍රතිඵලයක් බව එක්තරා සමාජ විද්‍යාඥයකු කියා ඇතැයි ගුණදාස අමරසේකර මහතා පවසා ඇත. මෙරටට ඊනියා ජාතික චින්තනය පිළිබඳ අදහස පැමිණියේ ද රුසියන් විප්ලවය ඔසසේ ය! අද ඒ ජා පක්‍ෂය ද බටහිරයෝ ද ජනවාරි අටවැනිදා විප්ලවයක් ගැන කතාකරති! ඒ ප්‍රතිවිප්ලවයක් බව විප්ලවයට විරුද්ධ එ ජා ප නායකයන් දන්නේ කෙසේ ද? ඒ කෙසේ වෙතත් මාක්ස්ගේ හා ට්‍රොට්ස්කිගේ අදහස් උච්චාරණය කරමින් රුසියාවේ ලෙනින් හා ස්ටැලින් සිදුකෙළේ රාජ්‍ය ධනවාදයක් ඇති කිරීම ය. එය අලුත් අදහසක් නොවන බව මම දනිමි. එහෙත් එහි අලුත් යමක් නැතිවා ම නො වේ. ඒ මෙසේ ය. යුදෙවු ක්‍රිස්තියානි පෞද්ගලික චින්තනයෙන් යුදෙවු ක්‍රිස්තියානි සාමූහික චින්තනයකට මාරුවීමක් අවුරුදු සියයකට පමණ පෙර සිදු විය. ආර්ථිකයේ වර්ධනයට විශාල ධනපති සමාගම් අවශ්‍ය වූයේ ය. මුල දී පෞද්ගලික ධනපතියන්ගේ ප්‍රාග්ධනය ප්‍රමාණවත් වූ නමුත් පසුව අති විශාල ප්‍රාග්ධන අවශ්‍ය විය. මාක්ස් ප්‍රාග්ධනය එකතු වී ඒකාධිකාර පැන නැගීමක් ගැන කතාකරයි. එවැනි ඒකාධිකාර ඇතිවීමට එක්කෝ සාමාන්‍ය මට්ටමක ධනපතියන් ඇති වී ඔවුන්ගේ එකතුවීම්, අනෙකුත් ධනපතියන් ගිලගැනීමක් ආදිය සිදුවිය යුතු ය. නැත්නම් රජය මැදිහත් වී රාජ්‍ය ධනපතිවාදයක් බිහිකළ යුතු ය. මේ සමග බටහිර කලාවේ ද විද්‍යාවේ ද වෙනස්කම් ඇති වූ බව අමතක නොකළ යුතු ය. තනි තනි කලාකරවන්ට තනි තනි විද්‍යාඥයන්ට ලෝකයේ දැන් ඉඩක් නැත. විශේෂයෙන් ම 1930 දශකයෙන් පසුව ඒ හේතුවෙන් ම බටහිර ලෝකයේ අලුත් අදහස්වල හිඟකමක් ද දකින්නට ඇත.

    රුසියාව, චීනය වැනි රටවල මහා ධනපතියෝ නො සිටියහ. ධනවාදී සමාජවත් ඒ රටවල ඇතිවී නො තිබිණි. ඒ රටවල් ඊනියා නූතනත්වයට ගෙන යෑමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය විය. එහි ඊනියා කොමියුනිස්ට් නායකයන් කෙළේ මේ ප්‍රාග්ධනය ඇති කිරීම ය. ඒ සඳහා ඔවුහු රාජ්‍ය ධනවාදයක් ඇති කළහ. එය ඊනියා සමාජවාදය නමින් හැඳින්වූයේ මාක්ස්ගේ නාමයෙනි. එහෙත් මාක්ස්ගේ අදහස් ලෙනින්ට, විශේෂයෙන් ම ස්ටැලින්ට බල නො පෑවේ ය. රාජ්‍ය ධනවාදය ඇතිවීමෙන් පසු දැන් අවශ්‍ය පරිදි විශාල ප්‍රාග්ධන හිමි ධනපතියන්ට ද බිහිවීමට අවස්ථාව සැලසී ඇත.

    එ ජා ප ලංගම කාබාසීනියා කර පෞද්ගලික බස් ඇතිකළ දිනවල මා සමග පේරාදෙණියේ සිට කොළඹ බලා එමින් සිටි මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයකු මා සමග පැවසුවේ වැඩිකල් නොගොස් බස් ඒකාධිකාර ඇතිවන බව ය. එකල මාක්ස්වාදියකු වූ මම ද එය අනුමත කෙළෙමි. එහෙත් එවැනි ඒකාධිකාර මෙරට ඇති නොවිණි. හිඟන ධනපතියන්ට එවැන්නක් පවා කරගත නොහැකි ය. අද බස් හිමියෝ උගසට බස් දුවති! අපට යුදෙවු ක්‍රිස්තියානි චින්තනය තව බොහෝ ඇත ය.

    මේ ආණ්ඩුවේ අයවැය දහනවවැනි සියවසේ මුල්කාලයේ වූ ධනවාදය හා එයට පදනම් වූ යුදෙවු ක්‍රිස්තියානි පෞද්ගලික චින්තනය මත සකස් වී ඇත. එංගලන්තය හා ඉන්දියාව ඇමරිකාවේ සහාය ද ඇතිව රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දමා රනිල් මෛත්‍රිපාල ආණ්ඩුවක් බිහි කළ ද ඒ රටවල් මෙරට ඊනියා සංවර්ධනයකට ආධාර නො කරයි. මේ ආණ්ඩුවට අද ඇති මූලික ම ප්‍රශ්නය ප්‍රාග්ධනය නොමැති වීම ය. රට ඊනියා සංවර්ධනයට යොමු කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය මෙරට හිඟන ධනපති පංතියට නැත. මැතිවරණ දිනවල වොක්ස්වාගන් සමාගම මල්වානට පැමිණෙන්නේ යැයි බොරු ප්‍රචාරයක් කළ ද එය තවත් රනිල්ගේ චුවිංගම් ව්‍යාපෘතියක් විය. තරුණයන්ට චුවිංගම් හපමින් මෝටර් රථවල යෑමට දැන් අවස්ථාව උදා වී ඇත! :lol::lol:

    ආණ්ඩුවේ අයවැය කවුරුන් සම්පාදනය කළත් සම්පුර්ණයෙන් ම අසාර්ථක ය. විසඑක්වැනි සියවසට ඔබින ඊනියා ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාගැනීමට පමණක් නොව දෛනික වියදම් පියවාගැනීමට ද ආණ්ඩුව අපොහොසත් වී ඇත. එබැවින් මහජනයාට මෙතෙක් දී ඇති සහන කපාදමා ආණ්ඩුවේ වියදම් අඩුකිරීමට අයවැය සම්පාදකයන්ට සිදු වී ඇත. රාජ්‍ය සේවයට හිමි අයිතිවාසිකම් කපාදැමීම හැරෙන්නට ආණ්ඩුව කර ඇත්තේ ගොවියන්ට, ශිෂ්‍යයන්ට ආදී වශයෙන් දී ඇති සහනාධාර කපා දැමීම ය. ඒ පිළිබඳ විස්තර දැක්වීම මගේ ශෛලිය නො වේ. ඒ සඳහා දක්‍ෂයෝ මෙරට එමට සිටිති. ආණ්ඩුව වියදම් කපාදැමීමට ඉදිරියේ දී රාජ්‍ය සේවය කප්පාදු කරනු ඇත.

    විදේශිකයන්ට මෙරට ඉඩම් විකිණීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ ද අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමට ය. එහෙත් විදේශිකයෝ එලෙස ප්‍රාග්ධනය රැගෙන මෙරරට නො පැමිණෙති. ඔවුන් වෙරළේ ඉඩම් ගැනීමට නම් සමහර විට විසුරුණු දෙමළ ජනතාව සමග පැමිණීමට ඉඩ ඇත. රනිල් වික්‍රමසිංහ සාඩම්බර ප්‍රකාශයක් කරමින් කියා සිටියේ හුදෙක් බලයේ රැඳී සිටීම සඳහා ජනප්‍රිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බව ය. එහෙත් එසේ කියා දින දෙකක් ගතවන විට ඔහු අයවැය සංශෝධනය කෙළේ ය. ඒ මහජන විරෝධතා හමුවේ ජනප්‍රිය ප්‍රතිපත්ති අනුගමනය කරමින් බලයේ රැඳී සිටීමට නො වේ ද?

    මේ ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කළ දෙමළ ජාතිවාදීන් ඊනියා සිවිල් සමාජ, ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිති, ජ වි පෙ වැනි පක්‍ෂ ද අද අර්බුදයට වගකිව කිවයුතු ය. මොවුහු රනිල් හා එ ජාප ගැන දැන නොසිටියෝ ද? රනිල් වික්‍රමසිංහ යනු පෙරේදා උපත ලෑබූ අයකු යැයි ඒ පක්‍ෂ හා සංවිධාන විසින් සලකනු ලැබිණි ද? 1994ට පෙර දාහත් අවුරුදු ශාපය ඔවුන්ට අමතක වී ද? ත්‍රස්තවාදය පැරදවූ රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීම හැරෙන්නට ඔවුන්ට වෙනත් අරමුණු තිබූ බවක් නො පෙනෙයි. මේ අයට සුදනන් වීමට අවස්ථාව ලබා නොදිය යුතු ය. ඔවුන් සමහරකු පසුගිය 15 වැනි දා ඇතිකිරීමට ගිය වර්ජනය පුස්වෙඩිල්ලක් පමණක් විය. එය ආණ්ඩු විරෝධය ද තමන් අතම තබාගැනීමට ආණ්ඩුවට කඩේ ගිය හෙංචයියලා දැරූ අසාර්ථක උත්සාහයක් විය. ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුව ඇතුළත මෙන් ම පිටත ද විරෝධතා ව්‍යාපාර දියත් කළ යුතු ය.

    ආණ්ඩුව අද වෙන කිසිවක් කරගත නොහැකි ව චීනය දෙසට හැරී ඇත. වරාය නගරය බිහිකිරීම නැවත ඇරඹීමට යන්නේ පරිසර දූෂණ අවම කිරීමෙන් ද? චීනය මේ දහනවවැනි සියවසේ දුර්දාන්ත ආණ්ඩුවට ප්‍රාග්ධනය ලබා දී ආණ්ඩුව රැකගනි ද?

    නලින් ද සිල්වා

    2015 දෙසැම්බර් 17
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1917 රුසියන් විප්ලවය ගැන බොහෝ දෙනා කතාකර ඇත. එය මාක්ස් ට්‍රොට්ස්කිවාදයක ප්‍රතිඵලයක් නොව රුසියානු ජාතික චින්තනයෙහි (national thought) ප්‍රතිඵලයක් බව එක්තරා සමාජ විද්‍යාඥයකු කියා ඇතැයි ගුණදාස අමරසේකර මහතා පවසා ඇත. මෙරටට ඊනියා ජාතික චින්තනය පිළිබඳ අදහස පැමිණියේ ද රුසියන් විප්ලවය ඔසසේ ය! අද ඒ ජා පක්‍ෂය ද බටහිරයෝ ද ජනවාරි අටවැනිදා විප්ලවයක් ගැන කතාකරති! ඒ ප්‍රතිවිප්ලවයක් බව විප්ලවයට විරුද්ධ එ ජා ප නායකයන් දන්නේ කෙසේ ද? ඒ කෙසේ වෙතත් මාක්ස්ගේ හා ට්‍රොට්ස්කිගේ අදහස් උච්චාරණය කරමින් රුසියාවේ ලෙනින් හා ස්ටැලින් සිදුකෙළේ රාජ්‍ය ධනවාදයක් ඇති කිරීම ය.

    මොකෙක්ද බන් මේක ලියුවේ :lol:

    රුසියානු විප්ලවේ කරේ ට්‍රොස්කි හා සිටාලින්

    මුල් බාගයෙදීම ලෙනින් මැරුණා බොල

    ට්‍රොස්කිව මරලා තමයි ස්ටාර්ලින් තනියම රුසියාව මෙහෙයවෙව්වේ

    ජනවාරි 9 වොෂින්ටනයෙන් ඉත්තෙක් දැම්මා මිසක් විප්ලව ප්ර්තිවිප්ලව කරා හීනෙන් :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    tumblr_lrs97jJHzh1r3v6f2o1_400.gif
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    දැන් පලිගැනීමේ චේතනාව ගැන කතා කරන නලින් ද සිල්වලට​, එදා සරත් ෆොන්සේකා මහත්තයව හිරේ විලංගුවේ දානකොට​, මහින්ද මහත්තයට තිබුනෙ මොන වගේ චේතනාවක් ද කියලා පේන්නෙ නැ. ලිපියේ සමහර කරුනු වලට මමත් එකගයි. අය වැය හොදද නරකද කියන එක පැත්තකට දාමු. එක දෙයක් කිව්වහැකි, මේ ආණ්ඩුව මොන තරම් හොද අයවැයක් ගෙනාවත්, නලින් ද සිල්වලා වගේ මිනිස්සු ඕක හොදයි කියලා නම් කියන්නේ නැහැ.​
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එදා චීනට බැනපු, එක්සීම් බැංකුව විවේචනය කරපු බුවාලට අද ඒවගේ පිහිට පතන්න වෙලා.. මොකද අද අපෙ ලොක්කන්ව අල්ලෙ නටවන බටහිර රටවල් ණය දෙන මුවාවෙන් කරන්නෙ අපිට තියා ඒ රටවල උන්ටවත් පිළිපදින්න බැරි, කරන්න බැරි කොන්දේසි දාල කොටු කරල ණය දීල අපි තවත් ණය උගුලක හිර කරල තියෙන එක..
    මේ වෙනකොට එක්සීම් විතරයි කොන්දේසි නැතිව ණය දෙන්නෙ...
    ඒකයි පොර ටෝක් දුන්න උන්ටත් ඒවම කරන්න වෙලා තියෙන්නෙ...
     
    Last edited:

    සරත් ෆොන්සේකා මහත්තයව හිරේ විලංගුවේ දැම්මේ මොකටද කියල මීට කලින් කියල තියෙනවා... තොත්ත බබාලට ආයිත් කියන්න බෑ... ඔන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1663189

    :(:(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සොහොන;19463768 said:
    1917 රුසියන් විප්ලවය ගැන බොහෝ දෙනා කතාකර ඇත. එය මාක්ස් ට්‍රොට්ස්කිවාදයක ප්‍රතිඵලයක් නොව රුසියානු ජාතික චින්තනයෙහි (national thought) ප්‍රතිඵලයක් බව එක්තරා සමාජ විද්‍යාඥයකු කියා ඇතැයි ගුණදාස අමරසේකර මහතා පවසා ඇත. මෙරටට ඊනියා ජාතික චින්තනය පිළිබඳ අදහස පැමිණියේ ද රුසියන් විප්ලවය ඔසසේ ය! අද ඒ ජා පක්‍ෂය ද බටහිරයෝ ද ජනවාරි අටවැනිදා විප්ලවයක් ගැන කතාකරති! ඒ ප්‍රතිවිප්ලවයක් බව විප්ලවයට විරුද්ධ එ ජා ප නායකයන් දන්නේ කෙසේ ද? ඒ කෙසේ වෙතත් මාක්ස්ගේ හා ට්‍රොට්ස්කිගේ අදහස් උච්චාරණය කරමින් රුසියාවේ ලෙනින් හා ස්ටැලින් සිදුකෙළේ රාජ්‍ය ධනවාදයක් ඇති කිරීම ය.

    මොකෙක්ද බන් මේක ලියුවේ :lol:

    රුසියානු විප්ලවේ කරේ ට්‍රොස්කි හා සිටාලින්

    මුල් බාගයෙදීම ලෙනින් මැරුණා බොල

    ට්‍රොස්කිව මරලා තමයි ස්ටාර්ලින් තනියම රුසියාව මෙහෙයවෙව්වේ

    ජනවාරි 9 වොෂින්ටනයෙන් ඉත්තෙක් දැම්මා මිසක් විප්ලව ප්ර්තිවිප්ලව කරා හීනෙන් :lol:

    දන්න පකක් කතා කරපන්.
    රුසියානු විප්ලවය කරේ ලෙනින්. ලෙනින් මැරුනෙ 1924දි යකේ විප්ලවේ කරල අවුරුදු 7ක් රටේ පාලකය වෙලා ඉඳල මැරුණෙ..

    විප්ලවයට අදාල මූලික සංකල්පය ප්‍රශින් ජාතික (අද ප්‍රශියා කියල රටක් නෑ.. ඒක දැන් ජර්මනියෙ කෑල්ලක්) කාල් මාක්ස් ගෙ, සහ මාක්ස්ගෙ සංකල්ප ඔස්සේ තමන්ගෙ සංකල්ප බිහි කළ රුසියානු ජාතික ට්‍රොට්ස්කිගෙ..

    මාක්ස් - ට්‍රොට්ස්කි සංකල්ප මත පිහිටා සාර් පාලනය පෙරළා දමා සෝවියට් දේශය නිර්මාණය කරේ ලෙනින් තමයි බොල.. ලෙනින් මැරුණහම බලයට ආවෙ ස්ටාර්ලින් කියන පකයා.. ඌ විප්ලවය කෑවා..

    නලින් කියල තියෙන කතාවෙ කිසි වැරැද්දක් නෑ
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එදා චීනට බැනපු, එක්සීම් බැංකුව විවේචනය කරපු බුවාලට අද ඒවගේ පිහිට පතන්න වෙලා.. මොකද අද අපෙ ලොක්කන්ව අල්ලෙ නටවන බටහිර රටවල් ණය දෙන මුවාවෙන් කරන්නෙ අපිට තියා ඒ රටවල උන්ටවත් පිළිපදින්න බැරි, කරන්න බැරි කොන්දේසි දාල කොටු කරල ණය දීල අපි තවත් ණය උගුලක හිර කරල තියෙන එක..
    මේ වෙනකොට එක්සීම් විතරයි කොන්දේසි නැතිව ණය දෙන්නෙ...
    ඒකයි පොර ටෝක් දුන්න උන්ටත් ඒවම කරන්න වෙලා තියෙන්නෙ...
    :yes::yes::yes: මම නම් හිතන් නැ චිනෙ ණය දෙයි කියල ,මොකද මේ ආණ්ඩුව චිනෙට කුනුහරපෙන් බැනල සුද්දගෙ පස්ස ලොවපු ජාතියක්.*නිල් කියන්නෙ සුද්දගෙ &ක හරි ලොවන ජාතියෙ සුද්දන්ගෙ ගැත්තෙක්, සිරිසේනගෙ ගෑනි අර එරොප්පෙ සුද්දි ලග බලු උන බලු විල්ලටම චිනෙ මුන්ට සතයක් දෙයි කියල මම නම් හිතන් නැ.මේ කොහෙවත් නැති සුද්දන්ගෙ කටුලොවන එවුන්ට සල්ලි දෙන්ඩ චිනෙට පිස්සුවක් ඇති කියල මම නම් හිතන් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;19463768 said:
    1917 රුසියන් විප්ලවය ගැන බොහෝ දෙනා කතාකර ඇත. එය මාක්ස් ට්‍රොට්ස්කිවාදයක ප්‍රතිඵලයක් නොව රුසියානු ජාතික චින්තනයෙහි (national thought) ප්‍රතිඵලයක් බව එක්තරා සමාජ විද්‍යාඥයකු කියා ඇතැයි ගුණදාස අමරසේකර මහතා පවසා ඇත. මෙරටට ඊනියා ජාතික චින්තනය පිළිබඳ අදහස පැමිණියේ ද රුසියන් විප්ලවය ඔසසේ ය! අද ඒ ජා පක්‍ෂය ද බටහිරයෝ ද ජනවාරි අටවැනිදා විප්ලවයක් ගැන කතාකරති! ඒ ප්‍රතිවිප්ලවයක් බව විප්ලවයට විරුද්ධ එ ජා ප නායකයන් දන්නේ කෙසේ ද? ඒ කෙසේ වෙතත් මාක්ස්ගේ හා ට්‍රොට්ස්කිගේ අදහස් උච්චාරණය කරමින් රුසියාවේ ලෙනින් හා ස්ටැලින් සිදුකෙළේ රාජ්‍ය ධනවාදයක් ඇති කිරීම ය.

    මොකෙක්ද බන් මේක ලියුවේ :lol:

    රුසියානු විප්ලවේ කරේ ට්‍රොස්කි හා සිටාලින්

    මුල් බාගයෙදීම ලෙනින් මැරුණා බොල

    ට්‍රොස්කිව මරලා තමයි ස්ටාර්ලින් තනියම රුසියාව මෙහෙයවෙව්වේ

    ජනවාරි 9 වොෂින්ටනයෙන් ඉත්තෙක් දැම්මා මිසක් විප්ලව ප්ර්තිවිප්ලව කරා හීනෙන් :lol:

    කියල තියෙන සිoහල තේරුම් ගනින් බන් මොඩය වගෙ තප්පුලන් නැතුව,ඔය කියල තියෙන එවගෙ කිසිම වර්දක් නැ, උබ සිoහල වචන වල තේරුම දන්නත් නැ,අනික රුසියාවෙ විප්ලවේ ගැන දන්නෙත් නැ.නිකන් කොහෙන් හරි හැහිද ගත්ත එවට දැනුම කියන් නැ බන්, ඔක 100%ක් හරි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න පකක් කතා කරපන්.
    රුසියානු විප්ලවය කරේ ලෙනින්. ලෙනින් මැරුනෙ 1924දි යකේ විප්ලවේ කරල අවුරුදු 7ක් රටේ පාලකය වෙලා ඉඳල මැරුණෙ..

    විප්ලවයට අදාල මූලික සංකල්පය ප්‍රශින් ජාතික (අද ප්‍රශියා කියල රටක් නෑ.. ඒක දැන් ජර්මනියෙ කෑල්ලක්) කාල් මාක්ස් ගෙ, සහ මාක්ස්ගෙ සංකල්ප ඔස්සේ තමන්ගෙ සංකල්ප බිහි කළ රුසියානු ජාතික ට්‍රොට්ස්කිගෙ..

    මාක්ස් - ට්‍රොට්ස්කි සංකල්ප මත පිහිටා සාර් පාලනය පෙරළා දමා සෝවියට් දේශය නිර්මාණය කරේ ලෙනින් තමයි බොල.. ලෙනින් මැරුණහම බලයට ආවෙ ස්ටාර්ලින් කියන පකයා.. ඌ විප්ලවය කෑවා..

    නලින් කියල තියෙන කතාවෙ කිසි වැරැද්දක් නෑ

    :yes::yes::yes: මුන් මේ කොහෙන් හරි අහුල ගත්ත කෑල්ලක් ඔලුවෙ තියන් කියොනව බන්, ඌට සිoහල වචන වල තේරුම් තේරෙන්නෙත් නැ රුසියාවෙ විප්ලවේ ගැන දන්නෙත් නැ පොර ටොක් නම් දෙයි ගමකට
     
    • Like
    Reactions: rajitha_ks

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    සරත් ෆොන්සේකා මහත්තයව හිරේ විලංගුවේ දැම්මේ මොකටද කියල මීට කලින් කියල තියෙනවා... තොත්ත බබාලට ආයිත් කියන්න බෑ... ඔන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1663189

    :)
    සරත් ෆොන්සේකා සිරගත කිරීම, එවකට සිටි පාලකයින්ගේ පළිගැනීමේ උවමනාව මත එය මූලික වෙලා සිදු වුන දෙයක් නෙමේ කියලා කියනවනම්, ඒ වගේ කුහකයෙක් එක්ක තර්ක කරලා වැඩක් නැහැ. අද කාලෙ පාලකයන්ට උනත් බලය තිබුනාට මිනිහෙකුට නිකරුනේ හිරිහැර කරන්න අමාරුයි. හැමෝම හේතු හදාගෙන ඒව සාධාරණීකරණය කරලා තමයි පලිගන්නෙ. ඒක මහින්ද මහත්තයගෙ කාලෙත් උනා, දැනුත් වෙනවා. ඒ කාලෙ ඒව දැක්කෙ නැහැ වගේ ඉදලා, දැන් බෙරිහන් දෙන​, උබලා, නලින් ද සිල්වලා සාධාරණ මිනිස්සු කියන්න කියලා පුලුවන් ද​? ඔය වගේ මිනිස්සු අය වැය (හොද හෝ නරක​) සාධාරණව විවෙචනය කරයි කියලා බලපොරොත්තු වෙන්න පුලුවන් ද​
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :)
    සරත් ෆොන්සේකා සිරගත කිරීම, එවකට සිටි පාලකයින්ගේ පළිගැනීමේ උවමනාව මත එය මූලික වෙලා සිදු වුන දෙයක් නෙමේ කියලා කියනවනම්, ඒ වගේ කුහකයෙක් එක්ක තර්ක කරලා වැඩක් නැහැ. අද කාලෙ පාලකයන්ට උනත් බලය තිබුනාට මිනිහෙකුට නිකරුනේ හිරිහැර කරන්න අමාරුයි. හැමෝම හේතු හදාගෙන ඒව සාධාරණීකරණය කරලා තමයි පලිගන්නෙ. ඒක මහින්ද මහත්තයගෙ කාලෙත් උනා, දැනුත් වෙනවා. ඒ කාලෙ ඒව දැක්කෙ නැහැ වගේ ඉදලා, දැන් බෙරිහන් දෙන​, උබලා, නලින් ද සිල්වලා සාධාරණ මිනිස්සු කියන්න කියලා පුලුවන් ද​? ඔය වගේ මිනිස්සු අය වැය (හොද හෝ නරක​) සාධාරණව විවෙචනය කරයි කියලා බලපොරොත්තු වෙන්න පුලුවන් ද​

    සුදු කොඩි ... මට නම් මතක නෑ හොදේ... :)
     
    waligamaya

    Well-known member
  • නලින් පොන්නයගේ තවත් ගොන් ආතල් එකක්.

    මචන් මිනිහගේ දේශපාලනේ ජාතීක අදහස් මොනවා උනත් මිනිහා ලංකාවේ ඉන්න හොදම භෞතික විද්ද්‍යා මහාචාර්ය වරයෙක්. ටිකක් වැදගත් විදියට කතා කරපන්. විරවන්ෂලා, මහින්දලා රනිල්ලා සහ අනිකුත් අවස්ථාවාදී දේශපාලුවෝ වගේ නෙවෙයි
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේ ආණ්ඩුව විසිඑක්වැනි සියවසට ඔරොත්තු නොදෙන එකකි. එහි එ ජා ප නායකයෝ තවමත් රාජකීය විද්‍යාලය ආරම්භ කළ 1835 ජීවත් වෙති.
    .
    .
    .
    .

    මගේ වෑයම සිංහලයන් ඊනියා නූතනත්වයට ගෙන යෑමට නො වේ. මම නූතනත්වයට විරුද්ධ වෙමි. සමස්තයක් ලෙස ගත්කල ඊනියා නූතනත්වය මිනිසාට අහිතකර ය.

    නලින් ද සිල්වා

    2015 දෙසැම්බර් 17

    මේ මනුස්සය මුලින් ආණ්ඩුවට බැනගෙන එනවා 21 සියවසට ගැලපෙන්නේ නැහැ කියල , පස්සේ මිනිහම කියනවා එයත් "ඊනියා නුතනත්වයට" කැමැති නැහැ කියල. :P . නලින්ද මහත්මය කවුරු හරි එහෙමත් නැත්තන් මොකක් හරි දෙයක් විවේචනය කර කර ස්වයන්වින්දනයේ යෙදෙනවා, අනුගාමිකයෝ යට ඉදන් කට ඇරන් බලන් ඉන්නවා වෙන්නේ මොකක්ද කියල .
     
    waligamaya

    Well-known member
  • මේ මනුස්සය මුලින් ආණ්ඩුවට බැනගෙන එනවා 21 සියවසට ගැලපෙන්නේ නැහැ කියල , පස්සේ මිනිහම කියනවා එයත් "ඊනියා නුතනත්වයට" කැමැති නැහැ කියල. :P . නලින්ද මහත්මය කවුරු හරි එහෙමත් නැත්තන් මොකක් හරි දෙයක් විවේචනය කර කර ස්වයන්වින්දනයේ යෙදෙනවා, අනුගාමිකයෝ යට ඉදන් කට ඇරන් බලන් ඉන්නවා වෙන්නේ මොකක්ද කියල .

    සර්ට දැන් වයසයි එක නිසා මොලේ කොලොප්පම් වෙලා තියෙන්නේ කලපනා කරලම:(:(