අයහපත් කිරණ පරාවර්තනය කරන මැණික් සිරුරේ ස
කුමන හෝ හේතුවක් නිසා මැණිකක් පළඳින්න යයි පැවසූ විට බොහෝ අය අතින් සිදුවන්නේ නිර්දේශ කළ ආකාරයේ මැණික් ගලක් මිලදීගෙන එය තමන් කැමති ආභරණයකට ඔබ්බවා පැළඳීමය. එහෙත් මැණික් පැළඳීම තුළ ඊට එහා ගිය තව බොහෝ දේ ඇති බවත් ඉන් ලැබිය හැකි යහපත වඩා ප්‍රබල වන බවත් දන්නේ අතළොස්සකි. ඒ අනුව අපල උපද්‍රවයකට හෝ ආරක්ෂාවට නැතිනම් වෙනත් හේතුවක් මත පළඳින මැණිකකින් ලැබෙතැයි බලාපොරොත්තු වන යහපත් කිරණ ශක්තියේ බලමහිමය දෙගුණ තෙගුණ කර ගැනීමට කළ හැකි තවත් දෑ තිබේ.
යමක් සෝදා පිරිසිදු කර ගැනීමට අවශ්‍ය වූ විට නිකම්ම ජලයෙන් සෝදා ගැනීමට මෙන්ම ඊට වඩා පිරිසිදු බවක් ලබා ගැනීමට සබන් හෝ ඊටත් වඩා ප්‍රබල සේදුම්කාරකයකින් සේදීමෙන් ලබාගත හැකි ප්‍රතිඵලය වැඩිය. ඒ අනුව ඇසට නොපෙනෙන විෂබිජ පවා විනාශවීම නිසා අති පිරිසිදු තත්ත්වයක් ඇතිවේ.
පළඳින මැණික තුළින්ද යහපත් කිරණ ආකර්ෂණය කර ගැනීම කිසියම් ආභරණයකට ඔබ්බවා පැළඳීමෙන් ද යම් තාක් දුරකට ලබාගත හැකිය. බොහෝ අය අතින් සිදු නොවුණත් එම මැණික් ගල් ස්තෝත්ර කිරීමෙන් හා ගණ පිහිටුවීමෙන් පසුව පැළඳීම තුළ ඉන් ලැබෙන යහපත දෙතුන් ගුණයකින් වර්ධනය කරගත හැකිය.
ඒ අනුව එක් එක් ගල් වර්ගයට යෝග්‍ය යැයි සම්මත ස්තේරා්ත්ර පංති තිබේ. නිලයට, කුලයට සුදුසු ආකාරයෙන් ගණ පිහිටුවා කරනු ලබන යම් යම් වතාවත් ද වේ.
මැණික් පළඳවන අයගේ ග්‍රහචාරයන්ට අනුව සැකසූ සුබ මූර්තියකට මැණික පැළඳීම තුළද ලැබෙන යහපත වඩා තීව්ර වන බව පිළිගැනීම වේ. මෙම සියලු දේ තුළින් මැණික් ගලකින් ලබාගත හැකි යහපත් කිරණ ශක්තියේ බලය වඩා වර්ධනය කර ගත හැකි බව පිළිගැනේ.
ආභරණ සඳහා යොදන මැණික් සුබ සංකේත ආකාරගත් රාමු තුළට එබ්බවීම මහින්ද මැණිකකින් ලබාගත හැකි අධ්‍යාත්මික ශක්තිය වැඩි කර ගත හැකි යැයි පිළිගැනේ. ඒ අනුව ස්වස්තිකය වැනි සංකේතයන් ඇතුළත් රටාවන් පිළිබිඹුවන ආකාරයට තැනූ ආභරණ තුළට යෙදූ මැණික්වලින් බලාපොරොත්තු වන යහපත තව තවත් වැඩියෙන් ලබා ගත හැකිය. එලෙස මැණික් එබ්බවීමට සාදන ආභරණය ද රනින් තනනවාට වඩා රිදීයෙන් තැනීමෙන් යහපත් කිරණ වඩා වැඩිපුර ආකර්ෂණය කරගත හැකි බව මීට පෙරද සඳහන් කර ඇත.
මැණික් තුළින් යහපත් කිරණ ආකර්ෂණය කර ගත හැකි සේම අයහපත් කිරණ පරාවර්තනය කිරීම ද සිදුවේ. අයහපත් කිරණ පරාවර්තනය කරගැනීම අරමුණු කර ගනිමින් මැණික් පැළඳීමේදී එම මැණික් බාහිරින් සිරුරේ ස්පර්ශ නොවන ආකාරයට පැළඳීමටද ප්‍රවේශම් විය යුතුවේ. එවිට මැණික් ගලේ සිරුරට ස්පර්ශ වන තුඩ මොට කිරීම නැතිනම් එම තුඩ කපා සිරුරේ ස්පර්ශ නොවන ආකාරයෙන් තනා එය ආභරණයකට යොදා පැළඳිය යුතු වේ. සුරයක් තුළ මැණික් අන්තර්ගත කර පැළඳීම මගින්ද සෘජුවම මැණක් බාහිරින් සිරුරේ ස්පර්ශවීම වැළකී අසුබ කිරණ පරාවර්තනය වීමකට ලක් වේ. ඒ අනුව මැණික් මගින් සුබ කිරණ
ආකර්ෂණය කරමින් යහපතක් සලසනවා මෙන්ම අසුබ කිරණ වළකාලමින් ලැබිය හැකි අනිටු ඵලවිපාක ද මගහරිනු ලබයි.
ජ්‍යොතිෂය ගැන නොතකා මැණික් පැළඳීමට යමෙකුට කැමැත්තක් ඇති විට තද බවින් අඩු, විකිරණශීලී බවින් අඩු කහ පළිඟු, ඇමතීස් වැනි මැණික් වර්ග පැළඳුවාට ඉන් සිදුවන අයහපත නැති බව ද පැවසේ. රත්නපුර ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හුවමාරු මධ්‍යස්ථානයේ මිණිපුර මිණි මියුසියම්හි කළමනාකාර අධ්යක්ෂ කපිල අතුරලියගම අවධාරණය කරයි