අයාලේ ගිය සිතක සටහන්

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අයාලේ ගිය සිතක සටහන්
    - තිස්ස අබේසේකර

    පොත් පිටු අතර හමුවුනු ආලවට්ටම් ලොබ බැඳ සිත ගල්හැසුනු අවස්ථා සොයායන්නට අත්වැල් ගයන්නට මටත් සිතුනා.

    තිස්ස අබේසේකරයන්ගේ ඉතිහාසය සංගීතය ඇතුලු නෙක විෂයන් පිලිබද බහුශ්‍රැත භාවය හා භාෂාව පිලිබද ව්‍යක්ත භාවය මැනවින් පිලිබිඹු කරන ලිපි පෙලක එකතුවක් ලෙස අයාලේ ගිය සිතක සටහන් හැදින්වුවාට වරදක් නොවේ.

    සැම වචනයක් වචනයක් පසා හදවත පසාරු කරද්දි, උධෘත පාඨ උපුටාදැක්විම තව තවත් බැරැරුම් කරයි.

    කෝට්ටේ කළාලේ නමින් දිවෙන පලමු කුලකයේ අප හොදින් හුරුපුරුදු කැලණිගං මිටියාවත ගැන සුන්දර පුර වරුණාවක්ද එයට යටිපෙලින් දිවෙන නූතනයේ අපට අත්ව ඇති ඉරණම පිලිබද විමසා බැලෙන ගැඹුරු විචාරයකින්ද සමන්විතයි.

    ඉන්පසු සත්සර සටහන්, සිවුපද සංවාද හා සිතැඟි ඔස්සේ මහා සම්ප්‍රදායක උප කුලක තුල සිදුවන්නා වු ඝට්ටනයන් පිලිබදව කියවන්නා සමග නිරන්තර සංවාදයක යෙදේ.

    කෘතිය අවසානයේ ඔබ ඔබවම ප්‍රශ්න කරනවා මට නිසැකයි.

    ප.ලි

    ඔබටත් ඔබගේ සිත්ගත් කෘතියක් පිලිබද අකුරු කරන්නට විවෘත අභියෝගයකි මේ.


    20200711-151935.jpg


    - Dr. Rosheen
     
    • Like
    Reactions: nalaka526