අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

djhashan

Member
Sep 8, 2006
141
30
0
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ~ Aiyandiye Song Meaning





අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතද නුඹ රජ වූ අද දවසේ

ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්‍දෝ ඝණ දුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම

අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතද නුඹ රජ වූ අද දවසේ

අම්මා එක්ක දබරව පැද ගිය වත්තේ
ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි උබ විරසක වෙන්නේ

ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්‍දෝ ඝණ දුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම

පද රචනය - නිමල් ආනන්ද
ගායනය - විශාරද ගුණදාස කපුගේ