"අයියේ . . . ඔය ගොල්ලො වලත්තද ?"

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    "අයියේ . . . ඔය ගොල්ලො වලත්තද ?"

    මේ සිද්ධිය වෙනකොට ඔන්න ඉතින් අපේ කට්ටිය දවල් සෙෂන් එක ඉවර කරල කෑමට කලින් පොඩි එකකට සෙට් වෙලා තමයි ඒ වෙනකොට හිටියෙ. ඒ කියන්නෙ පොඩ්ඩක් සප්පායම් වෙමින්. හැමෝම වගේ දන්නවනෙ, මීවිතයි ගී පොතයි අතර තියෙන්නෙ හරිම හෘදයාංගම සම්භන්ධතාවයක්නෙ.අපරාදෙ කියන්න බැහැ මගුල් ගෙදර ඈයොත් අපිට මහ ඉහලින් සැලකුවා. කොලඹ ඉඳන් ආපු සංගීත කණ්ඩයමක් කියල ඉතින් අපිට ගමේ ඈයන්ගෙනුත් රජ සැලකිළි.

    කොහොමත් ඔය තැන් තැන්වල ප්ලේ කරනකොට අපේ කණ්ඩායමේ අයට ගෑණු ළමයි බැල්ම හෙලන එක නවත්තගන්නත් බෑනේ. ගොඩක්ම ඉතින් ඔය වගෙ දේවල් සෙට් වෙන්නෙ ගොඩක්ම සිංදු කියන අයට තමයි. ඒවා ඉතින් ගොඩක් වෙලාවට වෙඩ්ඩින්ග් එක වෙලාවෙ වදින මල් හී සර පාරවල් දෙක තුනකට සීමා වෙනවා. එහෙමත් එකක් දෙකක් තමයි දිග දුර යන්නෙ. ඒත් වැඩිම මාසයක් දෙකක් වගේ තමයි. ඔන්න මම නම් බැන්ඩ් එකේ සිංදු කියුවෙ නැහැ. මම කී බෝඩ් ප්ලේ කලා විතරයි. ඉතින් ඔය තැන්වලදි ඇහැට කණට පේන ගෑණු ළමයෙක් දෙන්නෙක් දැක්කම අපේ එවුනුත් ඉතින් අරින්නෙ නෑ. පොඩ්ඩක් නග්ගල තියල ගන්නවා. ඔන්න එදත් මේ මගුල් ගෙදර ගැවසුනා ඇහැට කනට පේන ගමේ ගොඩේ නගාල කිහිප දෙනෙක්ම. අපේ එවුනුත් පුරුද්දට වගේ එහෙන් මෙගෙන් වදින මල් හී සර පහරවල් ග්‍රහණය කරමින් තමයි හිටියෙ.

    මම කිව්වනේ ඒ වෙනකොට අපි මිදුලේ කොනක හීනියට සෙට් වෙලා හිටියෙ කියලා. ඔන්න එක පාරටම අර මම කියුව ගෑණු ළමයි දෙතුන් දෙනෙක් අපි ඉන්න දිහාවට හෙමිහිට ඇවිදගෙන ආවා. අපි ඉන්න තැනට ආපු ඒ කට්ටියෙන් එක්කෙනෙක්,

    "අයියේ . . . ඔය ගොල්ලො වලත්තද ?" කියල අහපි.

    අප්පට සිරි, මේ මොකක්ද බොලේ මේ කඩං පාත් උන ගිණි ගෙඩිය කියල අපි දැන් එක එකාගෙ මූන බලනව. හැමෝගෙම උගුර හිර වෙලා වගේ . වචන පිට වෙන්නෙත් නැහැ. ටික වෙලාවක් අපි දිහා බලාගෙන හිටපු ඒ ගොල්ලො අපි මුකුත් කියන්නෙ නැති හින්ද ආපහු හැරිල යන්න ගියා.

    ඔන්න ඉතින් අපි දැන් තාම තක්කු මුක්කු වෙලා වගේ. මෙච්චර වෙලා හීනියට දැනිච්ච වැදිච්ච කරන්ට් එකත් කොහේ ගියාද දන්නෙ නැහැ. ඔන්න ඉතින් අපි අපේ ලොකුම ‘මල් කුමාරයට’ දෝස් මුරේ දානව දැන්. උඹ හින්ද තමයි බං අපිටත් මේ වගේ කතා අහන්න වෙන්නෙ කියල අපි දැන් ඌට අම්බානෙකට බනිනවා.

    "මචං මගේ මූනෙන් වලත්තයි කියල පේනවද ?" ඌත් අහනව . . .

    "යකෝ උඹ විතරක් නෙවෙයි, උඹ හින්ද අපි ඔක්කොම වලත්තයි කියල තමයි උන් හිතාගෙන ඉන්නෙ . . " කියල අපේ තව එකෙක් ඌට බනිනවා.

    "ටිකක් වලත්තයි තමයි. ඒත් ඕක එක එකාගෙන් ප්‍රසිද්ධියේ අහගන්න ඕනෙද ?" ඌත් අහනව.

    ඔන්න තව ටික වෙලාවකට පස්සෙ උන් සෙට් එක ආපහු අපි ඉන්න දිහාවට එනවා තව කොල්ලෙකුත් එක්ක. අපේ දැන් ඇඟට හීන් දාඩියත් දාල. අපි දැන් හිතුවෙ අපි ගැන කියල කොල්ලෙක්ව එක්කං එනවා තමයි කියල ගේමට.

    ආපහු අපි කිට්ටුවට ආපු ඒ ගොල්ලන්ගෙන් වෙන කෙල්ලෙක්,

    "අයියල වලත්තෙයි ?" කියල ඔය දකුණෙ භාෂාවෙන්ම ඇහුවා .....

    "ඇ . . ඇ. . ඇයි නංගි එහෙම අහන්නෙ ?" අපේ බෑන්ඩ් එකේ උන්නු වැඩිමල්ම එකා ඇහුවා.ඌටත් වචන ටැපලෙනවා

    “ඔහෙලා වලත්තෙ මේ අයියලාගේ ගෙදර වෙඩින්ග් එකක් ගැහුවා කියල මේ අයිය කියනවා.”

    හුටා . . . බලාගෙන යනකොට 'වලත්ත' කියන්නෙ ඒ පැත්තෙ තියෙන පොඩි ගමක නමක්.

    අපේ දාඩිය හිඳිල ගිහිල්ල හිනා වෙලා මැරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . . .

    කෙල්ලො සෙට් එකත් මුන්ට මොකක්ද මේ උනේ කියල ටික වෙලාවක් බලාගෙන ඉඳල ආපහු හැරිල යන්න ගියා.
     
    • Like
    Reactions: disamannar

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොපි ගැහුවෙ දුමියාගෙ බ්ලොග් එකෙන් කියලත් කියපං. නැත්තං හොද නෑ.