අයියේ... මම අද මේක ලියන්නේ පුදුම හිතේ අමාරුවෙන්.... ඔයා ම්ට කියපු දේ මම කවදාවත් ඔයාගෙන් බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි..... කවදාවත්ම....
මම කවදවත් දෝණි, එයාගෙ පවුලෙ අය කියන විදියට ඉදල නෑ අයියේ... ඔයා ඉස්සර ඉදල ඔයා එයාල දිහා වපර ඇහින් බලපු නිසා ඔයා අදත් බලන්නේ එහෙමයි.... එයලට මගෙන් ගන්න දෙයක් නෑ අයියේ.... ඔයා හිතන පැත්ත මම දන්නේ නෑ... මම දන්න එක දෙයයි තියෙන්නෙ, එයලගේ පවුල ඔයාට ගොඩක් ආදරෙයි, ඒ ආදරේ ඔයාලගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි කියල මම හොදාකාරවම දන්නවා.....
ඔයා ඕන විදියකට හිතා ගන්න....මම කවදාවත් ඔයා ඉන්න රටකට එන්නේ නෑ අයියේ.... කවදාවත්ම... මොකද අපි ආවොත් අපි දෙන්නටත් සහෝදරකම නමටවත් තියා ගන්න බැරි වෙයි අයියේ....
මට අද එක දෙයක් හිතෙනවා අයියේ.... අපිට ලගදිම වෙන් වෙන්න වෙයි අයියේ.... මොකද අපි දෙන්න ගොඩාක් වෙනස් දෙන්නෙක්.... අපි දෙන්නට කවදාවත් එකට මැරෙනකන් සහෝදරකම තියාගන්න බැරි වෙයි...
මම අද තැනක ඉන්නවනම් ඒ අම්මයි,ඔයයි, මේ ජොබ් එක අරගෙන දීපු මගෙ අක්කයි නිසා කියල මම බය නැතුව, ඕන තැනක, ඕන කෙනෙකුට, මගේ ජීවිතේ තියෙන හැමදාම කියනව අයියේ.... නමුත් ඔයාටයි මටයි ලගදිම වෙන් වෙන්න වෙනවා අයියේ... එක වැඩි ඇතක නෑ අයියේ....
ඔයා මම ගැන, දෝණි ගැන, එයාගේ පවුල ගැන හිතාගෙන ඉන්න විදියට, අපිට එක පවුලක් වගේ ඉන්න බැරි වෙයි අයියේ.....
ඔයා උගත්, බුද්දිමත් කෙනෙක් විදියට හැමදාම ඉන්න අයියේ... මම ගොනෙක්, මෝඩයෙක්, මීහරකෙක් වගේ ඉන්නම් හැමදාම අපි දෙන්න දෙපැත්තකට වෙලා.....
මම අද වෙද්දී ගොඩාක් හීන මැවුවා, ඒ හීන වල ඔයා උඩින්ම ඉන්නවා අයියේ... අද ඔයා ඒ හීන වලින් මම අයින් කරා අයියේ... මොකද ඒ හීන හින්ද මට බෑ අපි දෙන්න තරහ වෙන්නත්, මගේ පවුල මට නැති කරගන්නත්....
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, මට සමාවෙන්න අයියේ.....
මගේ අම්ම හිටියනම්, අද අයියේ ඔයාට කියාවි ඔයා අද කියපු දේ වැරදියි කියල, මගේ කරුමෙකට අම්මත් නෑ, අක්ක හිටියනම් කියාවි ඔයා අද කියපු දේ වැරදියි කියල, මගේ කරුමෙට එයත් අද මාත් එක්ක නෑ....
මම දන්නේ නෑ ඔයා දන්නවද කියල... අම්ම ලෙඩ වෙලා ඉන්න කාලේ සහ ඊට ඉස්සෙල්ල ඉදල එයාල අම්ම එක්ක අක්ක එක්ක කොච්චර හොදින් හිටියද කියල.. ඔයා දන්නේ නෑනේ අයියේ... මොකද එතකොට ඔයා ලංකාවේ නෑ අයියේ... ඒකට මට දුක නෑ.. මොකද ඔයා උගත් නේ....
අනික මම ඔයාව උගසට තියල දෝණි එක්ක යාලු උනේවත්, ඔයාව උගසට තියල වෙඩින් ගත්තේවත් නෑ අයියේ වෙන අය වගෙ...මොකද අපි වෙඩින් එක ගන්න ලෝන් එක ගත්තේ, දැනට දෝණිල පදිංචි වෙලා ඉන්න ගෙදර මගේ නමට හරවල, ඒක බැංකුවට තියල අයියේ... මම ඔයාගෙන් එක සතයක් ඉල්ලුවෙත් නෑ, ගත්තෙත් නෑ අයියේ..... මොකද මම දන්නව ඔයත් ඒ කාලේ හිටියෙ බොහොම අමාරුකම් මැද නිසා....
අනික අයියේ ඔයා ඔය හැමදේම කියන්නේ ඔයට තාත්ත ඔලුවට දාන දේවල් නිසානේ.... ඌ කියන දේවල් මම දන්නව අයියේ.. මම ගන්න පඩිය විනාස කරනව කියනව ඇති.. ගෑනිගේ පවුලට හැමදේම කරනවා කියනව ඇති, එයාට මුකුත් කරන්නේ නෑ කියනවා ඇති, මම ගෑනිට ඉඩම් කඩම් අරගෙන දෙනවා කියනවා ඇති... ඔයා දන්නවානේ ලගදි දවසකත් ඔය මිනිහ කිවුවේ මම ජා ඇල පැත්තෙන් ඉඩම් ගත්ත කියල...අයියේ ඔයා එකක් හොදට මතක තියා ගන්න, මම ඒ මිනිහ එක්ක තරහෙන් ඉන්නේ මම 5 වසරෙ ඉදල කියල ඔයා හොදාකාරවම දන්නව අයියේ...
ඔයා ඕන දෙයක් හිතා ගන්න.... ඔවු මම ලක්ශ ගනන් පඩි ගන්නවා තමයි, මම ඒව වියදම් කරනවා, ලෝන් ගෙවනවා, දැනට මාස 03 ඉදල පඩි නෑ... ඒව ඔයා දන්නේ නෑ අයියේ.. මොකද මම ඔයාට ඕප දූප කියල ඔලුව නරක් කරන්න ඕනේ නෑනේ...
ඔයා අද ගොඩාක් ලොකු වැරැද්දක් කර ගත්තා අයියේ.... ඒකට ඔයාට ගොඩාක් විදවන්න වෙයි අයියේ.. ගොඩාක්.... එදාට ඔයා ගොඩාක් පරක්කු වැඩි වෙයි... ඔවු මම ඉක්මන් තීරණ ගන්නවා තමයි... මම මෝඩයි, හැබැයි ලගදිම දවසක ඔයාට ඔයා ගැනම කලකිරෙන දවසක් එනව අයියේ... එදාට මම ඔයා ලග නැති වෙයි....
ඒ වෙන්නෙ ඔයා දන්නේ නැති දේවල්, වෙන කෙනෙක් කියපු දේවල් අහල ඔයා මගේ හිත අද ගොඩාක් රිද්දපු නිසා....
මම අම්ම, අක්ක නැති උනාහම ගොඩාක් ඇඩුවා, ඒ වගේම මම අදත් ඇඩුවා... ඊට වඩා... මොකද මට අද ඉන්නේ ඔයා විතරක් නිසා.... ඒ වගේම ඔයාගෙන් මට ඈතට යන්න සිද්දවෙන නිසා....මොකද මම ඔයාගෙන් ඈතට යන්නේ ඔයාට ලස්සනට ඔයාගේ පවුල රැකගෙන යන්න ඕන නිසා...
මම මගේ පවුල රැක ගන්නම් අයියේ.. ඔයා කියපු විදියටම මම ඉන්නම්... කමක් නෑ.... ඔයා හිතාගෙන ඉන්න විදියටම ඉන්න....පස්සෙ දවසක් ඔයාටම තේරේවි ඔයා වැරදි දෙයක් තමා මට කිවූවේ කියල....
මම ඔයා,ඔයාගේ පුතාල දෙන්න බලන්න ගොඩාක් ආසාවෙන් හිටියේ අයියේ... ගොඩාක් හීන මැවුව උන් දෙන්න එක්ක ඉන්න විදිය ගැන... නමුත් අද මම තීරණය කරා මම එන්නේ නෑ කියල අයියේ.... එන්නේ නෑ අයියේ.... මම ඔයා ඉන්න රටට එන්නෙත් නෑ අයියේ.... කවදාවත්ම අපි දෙන්න ආපහු හමු වෙන එකක් නෑ අයියේ.... කවදාවත්ම.....