අයියෝ බලපන් මට වෙච්ච දේ
අපේ ගෙවල් පැත්තට පොඩ්ඩ ඇත්තන් වතුර ගලනවා බන්. උඩහ කන්දෙන් එන වතුර කෙලින්ම වත්තට පිරිලා අඩි තුන හතර යටක් පටස් ගාල අපේ වත්ත යටවෙනවා. ඉතින් මම ඊයේ හවස උදැල්ලක් අරගෙන ලොකුවට කාණුවක් කැපුවා ගේ පිටිපස්සෙන් වතුර බහින්න. කොහොමහරි බං ඊයේ රෑ එක පාරටම හෙන කෑගැහිල්ලක් ඇහුනා ගේ පිටිපස්ස පැත්තෙන්. පස්සේ බං අපි දඩිබිඩි ගාල එලියට බැහැල බැලුව මොකද්ද සද්දේ කියල. බැලින්නං බං මං කපපු කාණුවේ වතුර පාර අල්ලපු ගෙදෙට්ට ගිහිල්ල උන්ගේ බිත්තියක් කඩන් වැටිලා වතුර පාරේ සැරට.. ගෙදර කාටවත් අනතුරක් නෑ එත් බඩු මුට්ටු වලට සෑහෙන්න අලාභ වෙලා.. දැන් බං මුන් මගෙන් ගේම ඉල්ලනවා සල්ලිම ඉල්ල ඉල්ල. මම අළුතෙන් ප්රාඩෝ එකක් ගෙනාව බං පෙරේදා ඒ හින්ද අතේ සල්ලිත් නෑ මේ දවස් දෙක තුනේ.. මම සතියක් ඉල්ලුව අලාභෙ ගෙවන්න මුන් බෑම කියනවා. දැන් බං මුන් අලාභේ කවර කරගන්න මගේ ගෙදර තියෙන අඟල් 65 Samsung 4K Curved Smart Tv එකයි, මං අපේ අක්කගේ බබාට සෙල්ලං කර කර ඉන්න මේ ලඟදි අරන් දීපු Iphone 6s plus එකයි, සීයට කම්මැලි කමට පැද පැද ඉන්නේ ගිය සතියේ england වලින් ගෙනාපු අශ්වයයි ඉල්ලනවා බං.. ගෙදර පාඩුව එච්චර වෙන්නේ නෑ බං ඔතනින් දෙකෙන් පංගුවක් වත් නෑ.. මොකද ඔය ස්මාර්ට් ටීවී එකම මම ගෙනාවේ ලක්ෂ 8කට. මේ වෙලාවේ මං මොකද්ද බං කරන්න ඕනේ.. මෙතන මට වඩා දැනුම් තේරුම් තියෙන කට්ටිය ඉන්න හින්ද මට පොඩි advice එකක් දෙනවද මොකද්ද මම දැන් කරන්න ඕනේ කියල..




