ජීවිතේ කියන්නේ එනජින් එකක්.. නිකමට හිතමුකෝ මේක බයිසිකල් එන්ජිමක් කියලා.. කොහොම හරි මේ බයිසිකලේ දුවන්න පෙට්රල් ඕනි.. ඒ වගේ තමයි ජීවිතේටත් ජීවිතේටත් මොකක් හරි ඉන්දනයක් ඕනී… මට දැනෙන හැටියට නම් ජීවීතේ ඉන්ධනය තමයි සල්ලි..
දැන් ඉතින් කට්ටිය කියාවී ඒක එහෙම නෙවෙයි කියලා.. එහෙමනම් මට කියන්න තියෙන්නේ ජීවිතේ ඉන්ධනය විදිහට වෙන හොඳ ගැලපෙන මොනා හරි කියන්න කියලා… සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි වගේ පෙට්රල් කියන්නේ එන්ජිම නෙවෙයි..
හැබැයි පෙට්රල් නැතුව එන්ජිමකින් වැඩක් නෑ.. සමහර එන්ජින් ලීටරේට කිලෝමීටර් 80 විතර දුවනවා.. සමහර එන්ජින් නම් කිලෝමීටර් 10 -15 තමා.. ඒක ඉතින් තමන්ට තියන විදිහට තමා..
වැඩියෙන් පෙට්රල් තියෙනම් ඕනි දිහාවක යන්න පුලුවන් එන්ජිම මොකක් උනත්.. එහෙම නැත්තම් ඉතින් පොඩ්ඩක් හන්දියට ගිහින් එන්න පුලුවන් තමන්ට තියෙන විදිහට..
පෙට්රල් නැතුව එන්ජිමක පවතින්න බැරිද..? අපෝ පුලුවන් හැබැයි එන්ජිම් ස්ටාට් වෙන්නේ නෑ.. ඔන්න පලවෙනි වතාවට පෙට්රල් නැතිඋනා කියමූ.. පහුවෙනිදා කික් කලොත් ජිකි ජිකි ගාලා ටෝන් එකක් ඇවිත් යන්තමට ස්ටාර්ට් වෙලා නතරවෙයි..
ඔහොම් සති දෙකක් විතර තිබ්බා කියමුකෝ.. ඔන්න එතකොට නම් ස්ටාර්ට වෙන්නේ නෑ.. ඕනිනම් පීක් පීක් කියලා හෝන් එක ගහන්න පුලුවන්.. මාස දෙකක් විතර තිබ්බ ගමන් එනජින දිරන්නත් පටන් ගන්නවා.. අවුරුද්දක් විතර තිබ්බට පස්සේ එක තවදුරටක් එන්ජිනක් නෙවේ…
ඕකයි ඇත්ත.. මේ කාලේ ජීවිතේ සියල්ල ඩිපෙනඩ් වෙන්නේ සල්ලි මත.. සල්ලි නැතුව කර්න්න පුලුවන් එකම එක දෙයක් කියන්න බලන්න… කිසිම දෙයක් නෑ.. ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවත් වෙන්න නම් සල්ලි ඕනිමයි.. සල්ලි කියන්නේ වටිනාකමේ මිනුම් ඒකකය.. හැබැයි පෙට්රල් කියන්නේ එන්ජිම නෙවෙයි
link

