ජනාධිපතිතුමණි, බොරු කියන්න එපා.
යුද්ධය නිසා ලංකාවට බලපෑමක් තියෙනවා. ඒක ඇත්ත.
යුද්ධය නිසා ලංකාවට පෙට්‍රල් , ඩීසල් හිඟ වෙන්න පුලුවන්.
ඔබතුමාගේ ඇමති මණ්ඩලය, සභාපතිවරු ලංකාවට තෙල් ගේන්නේ සිංගප්පූරුවෙන්ය, ඒ නිසා තෙල් හිඟ වෙන්නෑ කියලා ගොන් පාර්ට් දැම්මට, යුද්ධය නිසා තෙල් හිඟ වෙන බව අපි දැනන් හිටියා.
සිංගප්පූරුව තෙල් ලිං තියෙන රටක් නෙවෙයි. ට්‍රේඩ් හබ් එකක් විතරයි.
සිංගප්පූරුවටත් තෙල් ගේන්නේ ඔපෙක් රටවල් වලින්. අපි නම් ඒක දැනන් හිටියා. (ඔබේ ආණ්ඩුව නොදැන හිටියට)
යුද්ධය නිසා ලංකාවට ගෑස් හිඟ වෙන්නත් පුලුවන්.
ඔක්කොම ඇත්ත.
හැබැයි යුද්ධය හින්දා ලංකාවට ගල් අඟුරු හිඟ වෙන්න බැහැ.
ශ්‍රී ලංකාවට ගල් අඟුරු ගේන්නේ දකුණු අප්‍රිකාවෙන් හෝ ඉන්දුනීසියාවෙන්
දකුණු අප්‍රිකාවට යුද්ධයක් නැහැ. ඉන්දුනීසියාවට යුද්ධයක් නැහැ.
ලංකාවේ පිහිටීම නිසා දෙයියනේ කියලා දකුණු අප්‍රිකාවෙන්, ඉන්දුනීසියාවෙන් කිසිම ප්‍රශ්නයක් නැති, නිදහස්, වේගවත් මුහුදු මාර්ගයක ලංකාවට ගල් අඟුරු ගේන්න පුලුවන්.
ඒ මුහුදු මාර්ග හෝමූස් සමුද්‍ර සන්ධියෙන් හෝ යුද්ධය පවතින කලාප වලින් වැටිලා නෑ.
පිරිසිදු, නිදහස්, වෙළඳ මාර්ග.
ලංකාවේ ගල් අඟුරු අර්බුධයක් ඇතිවුණේ මාලිමා ආණ්ඩුවේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් කාර්යාලයේ බුවාලා ඇතුළු පිරිසක් කරපු හොරකම නිසා.
ඒ කට්ටිය ප්‍රීමියම් මිලට බාල ගල් අඟුරු ගෙනාවා.
විදුලි ජනනය අඩු වෙලා.
දැන් ස්පොට් ටෙන්ඩර් එකත් ආණ්ඩුවේ නොහැකියාව නිසා ෆේල් වෙලා තියෙනවා.
ලංකාවට ගල් අඟුරු හිඟයක් එනවා.
හැබැයි ඒ එන්නේ මාලිමා ආණ්ඩුවේ හොරකම නිසා මිසෙක යුද්ධයක් නෙවෙයි
මෙතෙක් ගල් අඟුරු වෙළදාමේ සිටි සමාගම් වෙනුවට, ඉන්දියාවෙ බෙහෙත් විකුණපු කොම්පැනියකට ගල් අඟුරු ටෙන්ඩරය දීපු නිසා ලංකාවට ගල් අඟුරු ප්‍රශ්නයක් එනවා.
මිනිස්සු රවට්ටන්න උත්සාහ කරන්න එපා.