අයිස් මතින් නිම වූ සීතල නවාතැන්

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    අයිස් මතින් නිම වූ සීතල නවාතැන්

    Exterior_Ice_Hotel_Sweden_179712.jpg


    germany-ice-hotel-m.jpg


    alaska-ice-hotel.jpg


    ‘බක්මහ අකුණු’ රැගෙන එන අන්තර් මෝසම් කාලයට අවේණික ලක්ෂණයක් තමයි, අපරභාගයේ දී සහ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීම. මේ හේතුවෙන් මාර්තු – අප්‍රේල් කාලයේ දී ශ්‍රී ලංකාවේ බොහෝමයක් ප්‍රදේශයන් හි පවතින්නේ සීතල කාලගුණයක්. එවැනි කාලගුණයක් සහිත දිනයක දී සීතල සුළං රැළි සිරුරේ නොදැවටෙන පරිදි හොඳින් ආවරණය වී ඇති උණුසුම් වාසස්ථානයක් තුළ රැඳී සිටින්න කවුරුත් කැමති බවට සැකයක් නැහැ.

    නමුත් සීතල කාලගුණයක් සහිත දිනයක දී අයිස් කුට්ටියක් මත නිදන්නට වුවහොත් එය කුමන ආකාරයේ අත්දැකීමක් වේ දැයි ඔබ කවදා හෝ සිතා තිබෙනවා ද? සමහර විටෙක එය ඔබ සිතන තරම් අපහසු නොවන අපූරු අත්දැකීමක් විය හැකි යි. එවැනි අත්දැකීමක් ලබන්න කැමති අයෙක් යා යුතු ම ස්ථාන කිහිපයක් ම ලොව පවතිනවා. මේ ලිපිය සම්පූර්ණයෙන් ම අයිස් යොදා ගනිමින් නිමවන ලද අපූරු නවාතැන්පොළවල් කිහිපයක් ගැන යි.

    (1) කර්කීන්ස් හිම හෝටලය

    Picture-117-680x431.jpg


    නෝර්වේ රාජ්‍යයේ ඊශාන දිග කෙළවරේ පිහිට ඇති කර්කීන්ස් නුවර සිට සැතපුම් පහක් පමණ දුරින් පිහිටි ‘කර්කීන්ස් හිම හෝටලය’ සැලකෙන්නේ ලොව වඩාත් උතුරු දෙසින් පිහිටි හිම හෝටලය ලෙස යි. උත්තර ධ්‍රැවයේ සොඳුරු වටපිටාවට මැදි ව බැරන්ට්ස් මුහුදට මුහුණලා ඇති එය රුසියානු-ෆින්ලන්ත දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබෙනවා. වසර පුරා ම සංචාරකයින් සඳහා විවෘත එය උත්තරාලෝකය නැරඹීම සඳහා කදිම ස්ථානයක් ලෙස ද සැලකෙනවා.

    Picture-214-680x453.jpg

    ‘කර්කීන්ස් හිම හෝටලය’ සතු සුවිශේෂී අංගයක් ලෙස සිසිර සෘතුවේ දී පමණක් විවෘත ව පවතින හිම සහ අයිස් යොදා ගනිමින් නිම වූ කාමර හැඳින්විය හැකි යි. යන්ත්‍ර උපයෝගී කර නොගනිමින් සම්පූර්ණයෙන් ම අතින් කැටයම් කරන ලද එම කාමර සැලසුම් කර ඇත්තේ උත්තර ධ්‍රැවයට ආවේණික දඩයම් කුටි හෝ මසුන් අල්ලන්නන්ගේ වාඩි සමාන වන ලෙසින්. අයිස් ප්‍රතිමා යොදා ගනිමින් සරසා ඇති මෙම කාමර තුළ සෑම විට ම -4°C ක නියත උෂ්ණත්වයක් පවතින බව සඳහන් වෙනවා.

    (2) මොන්ට්‍රියල් හි හිම ගම්මානය

    Picture-317-680x453.jpg

    කැනඩාවේ ශාන්ත හෙලන්ගේ දූපතේ පිහිටි ‘මොන්ට්‍රියල් හි හිම ගම්මානය’ සතු ව සම්පූර්ණයෙන් ම අයිස් යොදා ගනිමින් නිම වන ලද හෝටලයක්, ආපණශාලාවක් සහ බීමහලක් පවතිනවා. ශාන්ත ලෝරන්ස් නදී තීරයේ පිහිටි ‘මොන්ට්‍රියල් හි හිම ගම්මානය’ සරසා ඇත්තේ කැටයම් කරන ලද හිම ප්‍රතිමා සහ අයිස් ගෘහ භාණ්ඩ යොදාගෙන යි. උතුරු ඇමෙරිකාවේ ප්‍රථම හිම ගම්මානය ලෙස සැලකෙන එය සතු ව අමුත්තන්ගේ කාමර 15 ක් සහ පෞද්ගලික ඉග්ලූ පවතිනවා.

    (3) බුලා වැව් ඉවුරේ අයිස් හෝටලය

    Picture-416-680x401.jpg

    රොමේනියාවේ කාපේතියන් කඳුවැටියේ ෆිගාරස් කඳු මුදුනේ මුහුදු මට්ටමේ සිට අඩි 6,700 ක් ඉහළින් පිහිටි ‘බුලා වැව් ඉවුරේ අයිස් හෝටලය’ බුලා වැව ආසන්නයෙන් ලබා දන්නා ලද අඩි 4 ක දිගින් යුතු අයිස් ගඩොල් යොදා ගනිමින් සෑම වර්ෂයක දී ම යළි යළිත් ගොඩ නැංවීම සිදු කරනවා. එසේ ම සෑම වර්ෂයක දී ම ‘බුලා වැව් ඉවුරේ අයිස් හෝටලය’ ගොඩ නංවන්නේ පෙර වර්ෂයට වඩා වෙනස් සැලස්මක් යොදා ගෙන යි. සාමාන්‍යයෙන් එය සතු ව අමුත්තන්ගේ කාමර 12 ක් පවතින අතර එයට අමතර ව එහි දී දැවැන්ත අයිස් සෝෆාවක්, බීමහලක්, ආපණශාලාවක් සහ විවාහ මංගල්‍යයන් පැවැත්විය හැකි ලෙස නිර්මාණය කරන ලද අයිස් පල්ලියක් ද දැක ගැනීමට ලැබෙනවා.

    (4) කැක්ස්ලෝටනන් ඉග්ලූ ගම්මානය

    Picture-515-680x454.jpg


    එස්කිමෝවරුන් වාසය කරන ඉග්ලූ නිවෙසක සිට උත්තරාලෝකය නරඹන්නට කැමති අයෙක් යා යුතු ම ස්ථානයක් ලෙස ‘කැක්ස්ලෝටනන් ඉග්ලූ ගම්මානය’ නම් කිරීමේ වරදක් නැහැ. එය පිහිටා ඇත්තේ උත්තර ධ්‍රැවයේ සිට කිලෝමීටර් 250 ක් පමණ උතුරු දෙසින් පිහිටි ලැප්ලන්තය නම් ෆින්ලන්තයට අයත් ප්‍රාන්තයේ යි. ‘කැක්ස්ලෝටනන් ඉග්ලූ ගම්මානය’ සතු ව ඌෂ්ණතාපවිෂයක වීදුරු (thermal glass) වහල සහිත ඉග්ලූ 65 ක් පවතිනවා. එසේ ම සම්පූර්ණයෙන් ම හිම කුට්ටි යොදා ගනිමින් නිර්මාණය කරන ලද සාම්ප්‍රදායික ඉග්ලූ නිවෙස් ද ඔවුන් සතු යි.

    Picture-67-680x454.jpg


    කැක්ස්ලෝටනන් හි හිම වනාන්තරය මැද පිහිටි ‘නත්තල් සීයාගේ නිවෙස’ ද ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමි ස්ථානයක්. පටු ගංගාවක් මතින් වැටුණු දැව පාලමක් අවසානයේ පිහිටා ඇති එහි දී සංචාරකයින්ට සෘතු භේදයකින් තොර ව නත්තල් සීයා ව සහ ඔහුගේ බිරිඳ හමු විය හැකි යි.

    (5) ‘සිසිර මන්දිරය’ හෙවත් ස්වීඩනයේ අයිස් හෝටලය

    Picture-75-680x408.jpg


    1990 වර්ෂයේ දී විවෘත කරන ලද ‘සිසිර මන්දිරය’ සැලකෙන්නේ ලොව ප්‍රථම අයිස් හෝටලය ලෙස යි. උතුරු ස්වීඩනයේ ජාකස්ජාවී නම් ගම්මානයේ පිහිටා ඇති එය සෑම වර්ෂයක ම දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේ දී යළි යළිත් ගොඩ නංවන්නේ තෝන් ගංගාවෙන් ලබා ගන්නා හිම සහ අයිස් කුට්ටි භාවිතා කරමින්. -5°C ක නියත උෂ්ණත්වයක් සහිත කාමර 55 කින් සමන්විත එහි සෑම කාමරයක් ම එකිනෙකට වෙනස් ගෘහ නිර්මාණ ශිල්පයන් යොදා ගනිමින් නිර්මාණය කර තිබෙනවා.

    Picture-83-680x408.jpg


    ගෘහ භාණ්ඩ පමණක් නොව බීම වීදුරු පවා අයිස් යොදා ගනිමින් නිමවා ඇති ‘ස්වීඩනයේ අයිස් හෝටලය’ සතු ව කුඩා දෙව් මැදුරක් ද පවතින අතර මේ වන විට එහි දී විවාහ මංගල්‍යයන් 1,500 කට අධික ප්‍රමාණයක් පවත්වා ඇති බව සඳහන්.

    source-internet
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    සුපිරි... කොහොමද ඔකේ නිදියන්නේ.. ?

    ඒක තමා මටත් තියෙන ප්‍රශ්නය..මම ඉන්නෙත් සීත රටක..සීත කාලෙට හොදට හදපු ගෙවල් අතුලෙත් ඉන්න බැරි එකේ ඔවාගෙ ගිහින් නිදාගන්නෙ කොහොමද කියල..winter එකට heaters ඔරොත්තු දෙන්නෙත් නෑ සමහර දවස් වලට..