අයිස් යුගයේ ජීවත්වුනු දැවැන්තයින් වඳවී ග

mic

Member
Nov 24, 2006
1,333
553
0
අයිස් යුගයේ ජීවත්වුනු දැවැන්තයින් වඳවී ග

අයිස් යුගයේ ජීවත්වුනු දැවැන්තයින් වඳවී ගියේ ඇයි?
Capture.JPG


Untitled.png

පසුගිය වසර මිලියනය තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකොට ඇත. සාමාන්‍යයෙන් වසර ලක්ශයක් පමණ පවතින එක් අයිස් යුගයකට පසු වසර 20,000ත් 30,000 අතර කාළයක් උණුසුම් යුගයක් උදාවෙයි. දැන් අප මේ පසු කරන්නේ හොලෝසීන යුගය ලෙස හැඳින්වෙන තවත් එවන් උණුසුම් යුගයකි. මෙය තවත් වසර 10,000-15,000 පමණ පැවතී යලිත් අයිස් යුගයක් එළඹෙන බව විද්‍යාඥයින් විශ්වාස කරති. පෘථිවියේ අවසාන අයිස් යුගය මීට වසර 100,000 පමණ පෙර ඇරඹී වසර 10,000කට පමණ පෙර අවසන් විය.

පසුගිය අයිස් යුගය පුරාවට උතුරු අර්ධගෝලයේ මෙගා-ෆෝනා (mega fauna - ෆෝනා යනු වනසතුන්ට යෙදෙන නාමයකි-මෙගා ෆෝනා යනු විශාල වනසතුන් යන්නයි) ලෙස විද්‍යාඥයින් හඳුන්වන විශාල ක්ශීරපායි සතුන් රාශියක් පැතිරී සිටි අතර මොවුන්ගෙන් සමහරක් අයිස් යුගය අවසාන වන විට වඳවී ගියේය. මැමත් හස්තියා (wooly mammoth), ලෝම රයිනෝසිරස් (wooly rhinoceros), වල් අශ්වයා (wild horse) මෙලෙස වඳවී ගිය විශාල ක්ශීරපායින් අතර ප්‍රධානය. අධික ශීතලෙන් යුතු, ආහාර හිඟවුනු අයිස් යුගයේ හොඳින් ජීවත්වුනු මෙම සතුන් අයිස් යුගය අවසන්වි ආහාර සුළභවන අවස්ථාවකදී වඳවී යාමට හේතු විද්‍යාඥයින් අතර විශාල විවාදයකට තුඩුදී තිබේ.

මෙම විවාදය තවත් ගැඹුරුවන්නේ මෙම වඳවී ගිය සතුන් ජීවත්වුනු කාලයේම, එම පරිසරයේම ජීවත්වුනු බයිසන් ගවයා, පිනිමුවා, මස්ක් ඔක්ස් ගවයා වැනි විශාල සතුන් වඳවී නොයාමයි. ඔවුන් අදටත් උතුරු අමෙරිකාවේ හා උතුරු යුරෝපයේ හොඳින් ජීවත්වෙයි.

පසුගිය වසර සියය පුරා විද්‍යාඥයින් මෙම තේජවන්ත සතුන් වඳවී යාමට හේතු ලෙස විවිධ තර්ක ඉදිරිපත් කල අතර එම තර්ක වලින් සමහරක් පහත දැක්වේ.


වේගයෙන් උණුසුම් වෙමින් තිබෙන දේශගුණයට හැඩ ගැසීමට නොහැකි වීම
යුරෝපීය හා උතුරු අමෙරිකානු තණබිම්වල වේගයෙන් පැතිරෙමින් සිටි නූතන මිනිසාගේ දඩයමට ගොදුරුවීමෙන් වඳවී යාම
වේගයෙන් පැතිරීගිය වෛරස් රෝගයක් හෝ වෙනත් රෝගයක්
උල්කාපාතයක් හෝ වෙනත් ව්‍යසනයක්

"අප ඉහත සියලු තර්ක ඉතා හොඳින් පර්යේශණයට බඳුන්කලා, ඉහත එක් කල්පිතයකට හෝ පසුගිය අයිස් යුගය අවසානයේ සිදුවුනු මහා වඳවීයාම සම්පූර්ණයෙන්පැහැදිලි කරන්නට බෑ"

මේ වඳවීයාම් පිලිබඳව මෙතෙක් සිදුකොට ඇති දැවැන්තම පර්යේශණ ව්‍යාපෘතියට මූලිකත්වය දුන් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්යාලයේ මහාචාර්ය එස්කී විලර්ස්ලෙෆ් පවසනවා.

වෙනස්වන දේශගුණය හා මිනිසා විසින් දඩයම්කිරීමෙන් ලෝම රයිනෝසිරස්ගේ වඳවීම සිදුවිය


rh.png



මැමත් හස්තියාගේ වඳවීම තවමත් නොවිසඳුනු අබිරහසකි

woolly_mammoth_1.jpg


මැමත් හස්තීන් හා ලෝම රයිනෝසිරසයින් හා සමකාලීනව එම ප්‍රදේශවලම ජීවත්වූ පිනිමුවා වඳවී ගියේ නැත

rdeer.png


වල් අශ්වයාගේ පූර්ණ වඳවී යාමද ගැටලු සහගතය
whorse.png



මස්ක් ඔක්ස් ගවයා දඩයක්කරුවන් සිටි ප්‍රදේශවලින් ඉතා ඈතට සංක්‍රමණය වුනු බැවින් වඳවීයාමෙන් ගැලවුනිද?

muskox80%25-218.jpg



බයිසන් ගවයින්ද මස්ක් ගවයින් මෙන්ම ඈත ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් දිවිගලවා ගත්හ
bison.jpg

උපුටාගැනීම
http://vidya-gaweshana.blogspot.com/2012/04/blog-post_20.html
 
Last edited:

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :cool:

    ඔය මැමත්ද මොකාද කියන එකා අපේ ලේන් එකේ ඉන්නේ :cool: ඊයේ හවස මාත් එක්ක ඔට්ටු දාල කැටත් ගැහුවා :cool: මං තමයි ඉතින් දින්නේ :cool:
     
    • Like
    Reactions: mic

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    :cool:

    ඔය මැමත්ද මොකාද කියන එකා අපේ ලේන් එකේ ඉන්නේ :cool: ඊයේ හවස මාත් එක්ක ඔට්ටු දාල කැටත් ගැහුවා :cool: මං තමයි ඉතින් දින්නේ :cool:

    මැමත් kiyannay Harakekta nemei.........:lol::lol::lol:
    mama dakka uba harakek ekka monawada karanawa.......:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: mic