අයිෆෝන් කම්හලේ සේවකයින්ගේ අඳුරු කතාව

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    අයිෆෝන් කම්හලේ සේවකයින්ගේ අඳුරු කතාව

    පොෂ් වෙන්න අයිෆෝන් පාවිච්චි කරාට එය පිටුපස සැඟවුණු අඳුරු කතාව

    apple i phone කියන්නේ ලෝකයේ තියෙන මිල අධිකම ජංගම දුරකථන මාදිලියක් . i phone එකක් ගන්න එක සමහරුන්ගේ ඒක හීනයක් මොකද එහි අධික මිලත් එක්ක එකපාරට ලොකු මුදලක් යට කරන එක ගැන හැමෝම දෙවරක් සිතෙනවා. i phone ගැන අපි නොදන්න සැගවුන කතාවක් තියෙනවා. i phone නිෂ්පානය කරන චීන සමාගමක සේවකයන්ට මුහුන දෙන සිදුවීම් මාලාවක් මේ කතාවට හේතුවනවා. අපි දකින තරම් හැදේම සුන්දර නෑ පිටින් පෙනන i phone තුල සැගවුන දුක්බර කතාවයි මේ…

    උදේ 8.10 ට කම්හලේ සේරම සේවකයො එක තැනකට එන්න ඕන. මේ අවුරුදු දහඅටට අඩු අය, ගැබිනි මාතාවන්, පාසල් ගාස්‌තු හොයා ගන්න ටික කාලයක්‌ පාසලෙන් අයින් වෙලා වැඩට එන ලාබාල තරුණ දරුවෝ පවා මේ සේවක එකතුවේ ඉන්නවා.

    අටයි දහයට එක තැනකට එකතු වුණ මේ සේවකයො -වැඩවල උසස්‌ තත්ත්වය පවත්වගෙන යන බව, මහන්සි වෙලා වැඩ කරන බව, එකමුතුව වැඩ කරන බව- වගේ තවත් ආදර්ශ පාඨ හඬ නගලා කියමින් දිවුරුම් දෙන්න ඕන. උදේම තියෙන ඒ -උදය රැස්‌වීමෙ- කාලය විනාඩි විස්‌සක්‌. ඒ විනාඩි විස්‌සට වැටුප් ලැබෙන්නෙ නෑ..

    8.30 ට හරියට වැඩ පටන් ගන්නවා. දවසේ වැඩ කරන පැය ගාණ පැය දොළහක්‌. ඒ පැය දොළහට කෑම වෙලාවක්‌ තේ වෙලාවක්‌ තියෙනවා. විනාඩි අනූවක්‌. කෑම කන්නෙ කෑම කන ශාලාවෙ ඉඳන් විතරයි. වැඩ කරන වෙලාවේ කතා කරන්න බෑ. ඉඳගෙන ඉන්න තැනින් නැගිටින්න බෑ. වැඩ කරන තැන වතුර බෝතලයක්‌වත් තියා ගන්න බෑ. ජංගම දුරකථන පාවිච්චියත් තහනම්.

    වැසිකිලියට යන්න, වතුර බොන්න යන්න වැඩ ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන. එක වතාවකට එක්‌කෙනයි. දෙන්නෙකුට එක වෙලාවක මේ අවශ්‍යතා ඇති වෙන්නත් බෑ.

    කරන්න තියෙන වැඩේ තමයි අයි ෆොන්, අයි පෑඩ් වල පසුපස කවරය ඇමුණුම් කරන එක. එක්‌කෙනෙක්‌ දවසකට අයි ෆොන් 600 ක කවර අමුනන්න ඕන.

    කවුරු හරි කතා කරනව ඇහුණොත්, කවුරු හරි තමන් ඉන්න තැන ටිකක්‌ හරි අපිරිසිදු කරල තිබුණොත්, ඒ මුළු ශාලාවෙම ඉන්න සේවකයන්ට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. දඬුවම තමයි කිසිම ගෙවීමක්‌ නැතිව පැයක්‌ අතිකාල සේවය කරන්න සිද්ධ වෙන එක.

    වැඩ බිමේදී අමුත්තන් මුණගැහීම තහනම්. ඕපාදූප කතා කිරීම තහනම්. ලැබෙන පඩිය ගැන කාත් එක්‌කවත් කතා කිරීමත් තහනම්. දුම් බීමත් තහනම්. පත්තර අත් පත්‍රිකා හුවමාරු කරගැනීමත් තහනම්. වැඩ වර්ජන උද්ඝෝෂණ සපුරා තහනම්.

    රෑ 8.30 ට වැඩ ඉවර වෙනවා. ඊට පස්‌සේ හැන්දෑවේ රැස්‌වීම. ඒ රැස්‌වීම නවය වෙනකල් තියනවා. ඊට පස්‌සේ පැයක දෙකක අතිකාල වැඩ. ලැබෙන පඩියෙ හැටියට අතිකාල වැඩ නොකර යන්තම් කාල ඇදල ඉන්නත් බැරි තරම්. සතියකට වතාවක්‌ ඇපල් සමාගමේ වැඩ පරීක්‌ෂකවරුන්ට යවන්න අතිකාල වාර්තාවක්‌ අත්සන් කරලා දෙන්නත් ඕන. ඒ වාර්තාවේ තියෙන්නෙ නම් අතිකාල පැය 10 ක්‌. ඒත් අතිකාල වැඩ කරන්න සිද්ධ වෙන පැය ගණන නම් සතියකට පැය විස්‌සකටත් වැඩියි.

    අතිකාල වැඩත් ඉවර වෙලා නවාතැනට යන්න පුළුවන් රෑ 11.00 ට විතර. නවාතැන් පහසුකම් නම් ආයතනයෙන්ම දෙනවා. ඒ නවාතැනක එක කාමරේ එකොළොස්‌ දෙනෙක්‌. එක වැසිකිලිය, එක නානකාමරය සිය ගණනක්‌ පාවිච්චි කරනවා. නවාතැනෙත් නීති රීති තියනවා. සුරතල් සතුන් ඇති කිරීම තහනම්. මත්පැන් පාවිච්චිය තහනම්. සදළුතල වල සිටගෙන සිටීම තහනම්. කාමර හෝ ඇඳවල් මාරු කරගැනීම තහනම්.

    මේ චීනයේ විශාලතම අයි ෆොන් නිපදවෙන කම්හලක සේවකයෙකුගෙ දින චර්යාව. මේ විස්‌තරය සකස්‌ කරල තියෙන්නෙ China Labor Watch කියන රාජ්‍ය නොවන සංවිධානය කරපු අධ්‍යයනයකින්. මේ අධ්‍යයනයට China Labor Watch කරුණු එකතු කරගත්තෙ Microsoft” Dell” Hp සහ Apple කියන ප්‍රකට සමාගම් වලට අයි ෆොන් නිපදවන චීනයේ ප්‍රකට කර්මාන්තශාලා තුනකින්.

    අපි අද පාවිච්චි කරන නවීන ස්‌මාට්‌ ජංගම දුරකථන, අයි ෆොන්, අයි පෑඩ් හරිම ආකර්ෂණීය වුණාට ඒවා නිපදවන මිනිසුන්ගේ කතාව නම් ඒ තරම් ලස්‌සන නෑ.

    අපි අද පාවිච්චි කරන නවීනතම අයි ෆොන්, අයි පෑඩ් ඇමරිකානු සමාගම්වල නිර්මාණ වුණත් ඒවා නිෂ්පාදනය කෙරෙන්නේ චීන කර්මාන්තශාලා වල. අයි ෆොන් ජංගම දුරකථන කොටස්‌ නිෂ්පාදනය සහ එකලස්‌ කිරීම තමයි මේ කර්මාන්ත ශාලාවල සිද්ධ වෙන්නෙ...

    මේ කර්මාන්ත ශාලාවල සේවයට එන්නෙ චීනයේ දුප්පත්ම ගම්මාන වලින් රස්‌සා හොයාගෙන එන රැකියා නැති තරුණ තරුණියෝ. මේ කර්මාන්ත ශාලාවල ඒ සේවකයන්ට වැඩ කරන්න සිද්ධ වෙන්නේ හරිම දුෂ්කරතා මැද. ජීවත් වෙන්න කොහෙත්ම සෑහෙන්නෙ නැති තරම් අඩු පඩියකට. ඒ අයගෙ මාසික වැටුප ගොඩක්‌ වෙලාවට මාසයකට ඩොලර් 250ක්‌ විතර ඇති.

    හැබැයි සතියකට දවස්‌ හයක්‌, දවසකට පැය දොළහක්‌ එක හුස්‌මට වැඩ. මේ මුදලට වඩා කීයක්‌ හරි අමතර ගාණක්‌ උපයා ගන්න මේ සේවකයෝ තවත් පැය කීපයක්‌වත් අතිකාල සේවයත් කරනවා. ඒ කියන්නෙ දවසකට පැය පහළවක්‌ විතර මේ සේවකයෝ වැඩ. චීනයේ කම්කරු නීති උල්ලංඝනය කරමින් මේ කම්හල්වල බාලවයස්‌කාර සේවකයනුත්, ගැබිනි මවුවරුත් බොහොම වෙහෙසකාරී විදිහට අතිකාල සේවයේ යොදවනවා කියලත් China Labor Watch සඳහන් කරනවා. ඒත් මේ එක කම්හලක සේවකයන් ලක්‌ෂයකට වැඩි පිරිසක්‌වත් සේවය කරන බව තමයි වාර්තා වෙන්නේ.

    මේ සේවකයන්ට නවාතැන් පහසුකම් දෙන්නෙත් ඒ ආයතන වලින්මයි. ඒ නවාතැන් වල තත්ත්වයත් කොහෙත්ම සතුටුදායක නැහැ. සේවකයන් දහස්‌ ගණනක්‌ නවාතැන් ගන්න මේ නවාතැන් වල එක කාමරයක අටදෙනෙක්‌ දොළොස්‌ දෙනෙක්‌ නිදාගන්නවා. පෞද්ගලිකත්වය රැකෙන නානකාමරයක්‌ වැසිකිලියක්‌ නෑ. ඒවාත් පොදු ස්‌ථාන. එක වතාවකට විසි දෙනෙක්‌වත් එකට නාගන්න, ශරීර කෘත්‍යය කරගන්න ඕන. තත්ත්වය එහෙම වුණත් මේ නවාතැන් පහසුකම වෙනුවෙනුත් ඔවුන්ට ලැබෙන පඩිපතෙන් ඩොලර් දාසයක්‌ අය කර ගැනෙනවා.

    මෙහෙම දුෂ්කරතාවන් විඳගෙන කරන රැකියාව වුණත් ස්‌ථිර නැහැ. අයි ෆොන්වලට ඉල්ලුම අඩු කාලයට මේ කම්හල් සේවකයන්ගෙ රැකියා අවදානමේ. ඒත් අයි ෆොන්වලට, ටැබ්වලට ඉල්ලුම වැඩි වෙන කාලයට චීනයේ පතල් කම්කරුවන්ව පවා මේ කම්හල් වල දුෂ්කර සේවයට ගෙන්නා ගැනෙන බව Wall Street Journal ඉදිරිපත් කරන නව වාර්තාවේ සඳහන් වෙනවා.

    දුප්පත්කම නිසා කොහොම හරි මේ රැකියාව කරන්නත් සිද්ධ වෙන, ඒත් රැකියාවේ තියෙන වෙහෙසත් මානසික පීඩනයත් දරාගන්න බැරි සමහර සේවකයන් සිය දිවි නසාගන්නත් පෙළඹෙනවා. පහුගිය කාලෙ Fදංජදබබ කර්මාන්ත ශාලාවත් විශාල ආන්දෝලනයකට ලක්‌ වුණේ ඒ ආයතනයේ සේවකයන්ගේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගිය නිසා.

    පීඩනය දරාගන්න බැරි තරම් නිසා සේවකයන් ආයතනයේ ඉහළ මහල්වලින් බිමට පැනලා සිය දිවි නසාගන්න පටන් ගත්තා. මේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉහළ යන්න පටන් ගත්තාම කර්මාන්ත ශාලාවෙ පරිපාලනය කළේ සේවකයන්ට සියදිවි නසාගන්න බිමට පනින්න බැරි වෙන විදිහට කර්මාන්ත ශාලාවෙ කවුළු යකඩ කම්බි වලින් ආවරණය කරපු එක.

    කොහොම වුණත් මේ Foxconn ආයතනය සේවකයන් මිලියනයකට විතර රැකියාව සපයපු තැනක්‌. මිලියන හයක විතර ජනතාවක්‌ ඉන්න ෂොන්ග්ෂොවු නගරයේ මැද්දෙ තියෙන මේ අතිවිශාල අයි ෆොන් කර්මාන්ත ශාලාවෙ ඒ පළාතෙ ඉන්න දුප්පත්ම මිනිස්‌සු මිලියනයකට විතර රස්‌සාව කරනවා. මේ නිසාම ෂොන්ග්ෂොවුවලට -අයි ෆොන් නගරය- කියලත් කියනව. මේ අයි ෆොන් නගරයෙ දවසකට අයි ෆොන් ලක්‌ෂ පහක්‌ (500,000) නිපදවෙනවා කියලයි කියන්නෙ. Foxconn”Pegatron වගේ මහා පරිමාණ අයි ෆොන් නිෂ්පාදන කර්මාන්ත ශාලා ගොඩක්‌ චීනයේ තියෙනවා. ඒ කර්මාන්ත ශාලා වල සේවකයන්ගෙ ජීවිතවල නම් ලොකු වෙනසක්‌ නෑ.

    දවසකට අයි ෆොන් සිය ගණනක්‌ හැදුවත්, තමන්ටම කියලා අයි ෆොන් එකක්‌ මිලදී ගැනීම නම් මේ කම්හල් සේවකයන්ට ජීවිතය පුරාම හැබෑ කරගන්න බැරි හීනයක්‌. ඒ තරම්ම ඔවුන්ගේ ජීවිත දුක්‌බරයි. ඒ මිනිසුන්ගේ මහන්සිය, දුක, වේදනාව, පීඩනය ඔබේ අතේ ඔය තියෙන වටිනා අයි ෆොන් එකෙත් ඇති.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔක කියහන්කො චීනෙකුට ඇහෙන්න. තිත්ත කුනු හර්පෙන් අහගත්තැකි.
    ඔව්. ඔක යුඇස් උන්ගේ ගේමක්. චයිනීස් මානව හිමිකම් අනන් මනන් කියලා යුඇස් ෆැක්ටරි ටික අපහු මේන්ලැන්ඩ් එකට ගෙන්න ගන්න හදන්නේ.. චීනා කියටවත් ෆැක්ටරි එක වහන්න දෙන්නේ නැ. ඒ ලන්කාවේ. චීනා මාර ආසයි ඔය ෆැක්ටරි තියනවට. ෆොක්ස්කොන් එක වහන්න යනවා කියලා ආරන්චියක් ගිහින් 2016දි චීන්නු පොලිමට ෆැක්ටරි එකේ උපවාස කලා. ඔයිට වඩා කටු කන්න වෙනව උන්ට ෆැක්ටරි වැහුවොත් යුඇස්. එ නිසා උන් ඔය කට්ට කට්ටක් හැටියට හිතන්නේ නැ.. චීනේ ඔය ෆැක්ටරි වැහුවොත් එකම ආදායම ගොවිතැන.
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    ඔව්. ඔක යුඇස් උන්ගේ ගේමක්. චයිනීස් මානව හිමිකම් අනන් මනන් කියලා යුඇස් ෆැක්ටරි ටික අපහු මේන්ලැන්ඩ් එකට ගෙන්න ගන්න හදන්නේ.. චීනා කියටවත් ෆැක්ටරි එක වහන්න දෙන්නේ නැ. ඒ ලන්කාවේ. චීනා මාර ආසයි ඔය ෆැක්ටරි තියනවට. ෆොක්ස්කොන් එක වහන්න යනවා කියලා ආරන්චියක් ගිහින් 2016දි චීන්නු පොලිමට ෆැක්ටරි එකේ උපවාස කලා. ඔයිට වඩා කටු කන්න වෙනව උන්ට ෆැක්ටරි වැහුවොත් යුඇස්. එ නිසා උන් ඔය කට්ට කට්ටක් හැටියට හිතන්නේ නැ.. චීනේ ඔය ෆැක්ටරි වැහුවොත් එකම ආදායම ගොවිතැන.

    • Like
    Reactions: BINGU_PUTHA

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් උන්ව බලෙන් ගන්නේ නැහැනේ.බැරිනම් ගෙදරට වෙලා බුදියගන්න පුළුවන්නේ සිංහලු වගේ:rofl:.අනික උන් කරන වැඩ වලට උන්ට සාධාරණ පඩියක් ගෙවනවා.ඔයිට වඩා ආමි එකේ උන් කොච්චර කටු කනවද.මේ ලංකාවේ ඉන්න අම්මගේ බත් ගෙඩිය කන කම්මැලි හැත්තට ඉතින් ඕවා මැජික්.:rofl::rofl::rofl:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඉතින් උන්ව බලෙන් ගන්නේ නැහැනේ.බැරිනම් ගෙදරට වෙලා බුදියගන්න පුළුවන්නේ සිංහලු වගේ:rofl:.අනික උන් කරන වැඩ වලට උන්ට සාධාරණ පඩියක් ගෙවනවා.ඔයිට වඩා ආමි එකේ උන් කොච්චර කටු කනවද.මේ ලංකාවේ ඉන්න අම්මගේ බත් ගෙඩිය කන කම්මැලි හැත්තට ඉතින් ඕවා මැජික්.:rofl::rofl::rofl:

    :yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    :yes::yes::yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව්. ඔක යුඇස් උන්ගේ ගේමක්. චයිනීස් මානව හිමිකම් අනන් මනන් කියලා යුඇස් ෆැක්ටරි ටික අපහු මේන්ලැන්ඩ් එකට ගෙන්න ගන්න හදන්නේ.. චීනා කියටවත් ෆැක්ටරි එක වහන්න දෙන්නේ නැ. ඒ ලන්කාවේ. චීනා මාර ආසයි ඔය ෆැක්ටරි තියනවට. ෆොක්ස්කොන් එක වහන්න යනවා කියලා ආරන්චියක් ගිහින් 2016දි චීන්නු පොලිමට ෆැක්ටරි එකේ උපවාස කලා. ඔයිට වඩා කටු කන්න වෙනව උන්ට ෆැක්ටරි වැහුවොත් යුඇස්. එ නිසා උන් ඔය කට්ට කට්ටක් හැටියට හිතන්නේ නැ.. චීනේ ඔය ෆැක්ටරි වැහුවොත් එකම ආදායම ගොවිතැන.
    අනිවාර්යෙන් මචන්.. චීන්නුන්ට නැති පුකේ අමාරුවක් ලන්කාවේ උන්ට තියෙන්නේ චීන්නු වැඩ කරන එක සම්බන්දව. මෙහේ සමුද්දියෙන් කන්න ඉන්න උන්නේ ඉන්නේ..
     
    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    කාගෙත් රැකියාවල ගැටළු තියෙන්නට පුළුවන්.ඒත් මේ වගේ තත්ත්වයක් නම් නැති වෙන තරමට හොඳයි.