අයි. පී. එල්. අවසන් වටයේ තරග අද ඇරඹෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වටයේ පළමු තරගය අද (24 දා) මුම්බායිහි වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වේ.
අදාළ අවසන් තරග වටය සඳහා කණ්ඩායම් 4 ක් සුදුසුකම් ලබා සිටින අතර එහිදී සාම්ප්‍රදායික තරග සැලසුමෙන් පරිබාහිරව අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු කණ්ඩායම තේරීම සඳහා මෙම තරග වටය සැලසුම් කර තිබීම විශේෂත්වයක් වේ.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අද පැවැත්වෙන තරගයේදී තරග වදිනු ලබන අතර එහිදී ජය හිමිකරගන්නා කණ්ඩායම ලබන 28 වැනිදා චෙන්නායිහි චිsදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.
එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන මුම්බායි ඉන්ඩියන්ස් සහ සිව්වැනි ස්ථානයේ පසුවන කල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් හෙට දිනයේදී තරග වැදීමට නියමිත වන අතර අදාළ අවසන් මහ තරග අවස්ථාව උදා කර ගැනීමට නම් එම තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායම නැවතත් අද පැවැත්වෙන තරගයෙන් පරාජිත කණ්ඩායම සමඟ වන තරගය ජයගත යුතු වේ.
පළමු වටයේදී වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරගෙන සිටින කණ්ඩායම් වලට වඩා සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් මෙම තරග සැලසුම ක්‍රියාත්මක කිරීමට අයි. පී. එල්. බලධාරීහු කටයුතු යොදා තිබේ.
මැයි 24 - චෙන්නායි සුපර් කිංග්ස් සහ බැංගලෝර් රෝයල් දැලේන්ජර්ස් අතර වෙන්කඩේ ක්‍රීඩාංගනයේදී
මැයි 25 - මුම්බායි ඉන්ඩියන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී
මැයි 27 - පළමු තරගයේ පරාජිත කණ්ඩායම සහ දෙවැනි තරගයේ ජයග්‍රාහී කණ්ඩායම අතර තරගය චිදම්බරම් ක්‍රීඩාංගණයේදී
මැයි 28 - අවසන් මහ තරගය චෙන්නායිහි චිsදම්බරම් ක්‍රීඩාංගණයේදී