අයි.පී.එල්. කැපිලි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අයි.පී.එල්. කැපිලි

    gale.jpg

    ක්‍රිස්‌ ගේල් යනු විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ පිටියට කදිම ආයෝජනයක්‌ බඳුය. විස්‌සයි විස්‌සේ ප්‍රවේගකාරී පිති ප්‍රහාරය නැරඹීමට ප්‍රේක්‍ෂකයෝ ඇලුම් කරද්දී මෙවර අයි.පී.එල්. ලංසුවේදී ගේල්ට ඉල්ලුමක්‌ නොලැබුණි. ලොව පළමු පෙළ විස්‌සයි විස්‌ස තරගවලදී ශතක 21 ක්‌ සහ අර්ධ ශතක 69 ක්‌ ලබා ඇති ගේල්ගේ පළමු පෙළ විස්‌සයි විස්‌ස සාමාන්‍ය 41.31 කි. පළමු පෙළ විස්‌සයි විස්‌ස තරගවලදී මුළු ලකුණු 11320 ක්‌ ලබා ඇති ගේල් ඒ අතරවාරයේදී හයේ පහර 842 ක්‌ සහ හතරේ පහර 849 ක්‌ ලබා තිබේ. කිසිවකුටත් නොදැවෙනි විස්‌සයි විස්‌සේ වාර්තා ගොන්නක්‌ සතු ගේල්ට මෙවර අයි.පී.එල්. වලදී වටිනාකමක්‌ නොලැබුණි. විරාට්‌ කෝලි නායකත්වය දරන රෝයල් චැලේන්ඡ් බැංගලෝර් කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ ගේල්ට අහම්බයෙන් මෙන් කිංග්ස්‌ ඉලවන් පන්ජාබ් පිලේ අවස්‌ථාවක්‌ හිමිවිය. එහිදී ශතකයකින් කෘතගුණ සැලකූ ගේල් කෝලිගේ බැංගලෝර් රජවරුන්ට උපහාසාත්මක වාග් ප්‍රහාරයක්‌ එල්ල කළේය.

    'රෝයල් චැලේන්ඡ් කණ්‌ඩායම පසුගිය කාලයේ ඔවුන්ගේ ලොකුම ලංසුව මට දුන්නා. නමුත් මේ පාර ඔවුන්ට මාව අවශ්‍ය වුණේ නැහැ. මගේ සංඛ්‍යා දත්ත දන්නවා මම කරපු දේවල් ගැන. ඒවාට බොරු කරන්න බැහැ. සී.පී.එල්. සහ බී.පී.එල්. තරගාවලි දෙකේදී මම පසුගිය කාලයේ කරපු දේවල් පේන්න තියෙනවා. එහිදී මම ශතක දෙකක්‌ ලබා ගත්තා. විස්‌සයි විස්‌සේ ලොව වැඩිම ශතක ලබාගෙන තියෙන්නෙ මම. මම විශිෂ්ටයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මට කා සමගවත් රණ්‌ඩු කරන්න අවශ්‍ය නැහැ. දැන් ලැබුණ අවස්‌ථාව ගැන සතුටුයි. මම බලාපොරොත්තු වෙනවා රෝයල් කණ්‌ඩායම පරාජය කරන්න.' යනුවෙන් ගේල් පවසයි.

    'කිංග්ස්‌ ඉලවන් රජු වෙනුවෙන් සෙල්ලම් කිරීමට ලැබීම ලොකු දෙයක්‌. කිසිම කණ්‌ඩායමකින් මුලින්ම මාව ගත්තේ නැහැ. මේක පුදුමයක්‌. නමුත් දැන් ගේල් රජු කිංග්ස්‌ ඉලවන් රජු වෙනුවෙන් සෙල්ලම් කරනවා.'

    අයි.පී.එල්. ලංසුවෙන් ගේල් කැපී ගියද කිංග්ස්‌ ඉලවන් පන්ජාබ් කළමනාකාරීත්වය ගේල්ව මිලදී ගත්තේය. එම ආරාධනාවට කෘතගුණ සැලසූ ගේල් අයි.පී.එල්. පිටිය දෙවනත් කරමින් මොහාලි හී පැවැති තරගයකදී සන්රයිසස්‌ පිලට එරෙහිව පන්දු 63 කදී හයේ පහර 11 ක්‌ සහ එක්‌ හතරේ පහරක්‌ සමග නොදැවී ලකුණු 104 ක්‌ ලබා ගත්තේය. ඉන්දියානුවන් අයි.පී.එල්. තරගාවලිය ඕනෑවටත් වඩා පිම්බීමට ගොස්‌ ඇන ගන්නා වග පෙනෙන්නට තියෙන්නේ මෙවැනි කැපිලි වලිනි. ඔවුන් මීට පෙර අයි.පී.එල්. වැඩිම කඩුලු ලාභියා වූ ලසිත් මාලිංගව ඉවත් කළේය. විස්‌සයි විස්‌ස ඇතුළු ඕනෑම තරග රටාවකදී කදිම පිති ප්‍රහාරයක්‌ එල්ල කරන කුමාර් සංගක්‌කාරටද අයි.පී.එල්. ඉල්ලුමක්‌ නොලැබුණි.



    divaina.com
     
    • Like
    Reactions: Sara531