බින්දු;15114830 said:
ලිස්සුවේ නෑ. ඊට වඩා ඉම්පෝර්ටන්ට් දේවල් වලට උත්තර දුන්නා.
බබාලා ඇවිදින්න පටන් ගන්න විදි 3ක් තියෙනවා
1.crawling
2. commando crawling
3. straight away walking
මේ මොන ක්‍රමේටද දණ ගාන්න පටන් ගන්නේ කියන එක තීරණය වෙන්නේ ලමයගේ ජානවල ස්ට්‍රෙන්ත් එකේ හැටියට. උදාහරණයක් ගත්තොත් උඹේ පරම්පරාවේ අය ඇව්දින්න පටන් ගන්නේ crawling වලින් නම්, තවත් කෙනෙක්ගේ පරම්පරාවේ අය පටන් ගන්නේ commando crawling වලින් වෙන්න පුලුවන්. මේ අතරම, උඹේ පුතා කෙලින්ම ඇවිදින්න පටන් ගන්න පුලුවන්. එහෙම වෙන්නේ උඹේ පුතාගේ ජානමය සංයුතිය වෙනස් වෙච්ච නිසා. (මොනම විදියකින් හරි)
ඊලගට ඇවිදින්නේ මොන වයසෙන් ද?? මේකටත් නිශ්චිත වයසක් නෑ. ඇවිදිනවා කියන්නේ gross motor action එකක්. මිනිසුන්ගේ gross motor development එක පටන් ගන්නේ ඉපදුන ගමන්මයි. මේකේ වේගේ වැඩි ලමයි ඉක්මනට ඇවිදිනවා. අඩු ලමයි පරක්කු වෙලා ඇවිදිනවා. ( උදා - cerebral palsy ලමයි ඇවිදින්න පරක්කුයි ග්‍රොස් මෝටර් ඩිවෙලොප්මන්ට් එක අවුල් නිසා ) සාමාන්‍ය බබෙක් නම් මාස 6-8න් වගේ ඇවිදින්න පටන් ගන්නවා. ඒ වුනාට ඊට කලින් ඇවිදපු බබාල ගැන, ඊට කලින් කතා කරපු බබාලා ගැන ඕන තරම් කේස් රිපෝර්ට්ස් තියෙනවා.
extraordinary gene composition එකක් තියෙන කෙනෙක් ඉපදුන ගමන් ඇවිදින එක පුදුමයක් නෙවෙයි. බුදු හාමුදුරුවෝ අවුරුදු 2600කට කලින් ඉපදිලා, ඒ කාලෙට වඩා ගොඩක් ඇඩ්වාන්ස්ඩ්, අදටත් ගැලපෙන ධර්මයක් දේශනා කරා කියන්නේ ඒ මනුස්සයගේ ජාන සංයුතිය ඉතාම දියුණු සිරා mixture එකක්.අදටත් ලෝකේ හොදම IQ තිබුන කිහිප දෙනා අතර එතුමා ඉන්නේ ඒ නිසයි. මම දන්න විද්‍යාවේ හැටියට සිදුහත් කුමාරයා ඉපදුන ගමන් ඇවිදපු එක වෙන්න බැරි දෙයක් නෙවෙයි.
ඒක මැජික් එකක් කියලා උඹ හිතනවා නම්, ලෝකේ ප්‍රසිද්ද සයන්ටිස්ට්ලා, දාර්ශනිකයෝ, සංගීතවේදියෝ තමංගේ හැකියාව පෙන්නන්න පටන් ගත්තේ කොච්චර අඩු වයසකින් ද කියලා හිතලා බලන්න
උදා 2 - අපි මොන්ටිසෝරි යන වයසෙදි මොසාර්ට්, බීතෝවන් සිම්ෆනි හැදුවා
හරියටම හරි, මෙතනදි උඹ හරියටම ගැටේට අහුවුනා, උඹ එහෙනම් ඔය විද්‍යාවෙන් ඔප්පු කරන්න හදපු විදියට නිවනත් ඔප්පු කරපන් බලන්න, බොරුවට උඹ මහන්සි ගන්න ඕන නෑ, විද්‍යාවෙන් ආගම මනිනව වගේ, අර සෙට් එකක් අලියා ගැන කිව්වා වගේ, එකෙක් කියයි, අලියා ගැන විස්තර කලා වගේ, මෙහෙමයි විද්‍යාව කියන්නෙ වෙනස්වෙන දෙයක්, ඒකියන්නෙ අද විද්‍යාවෙන් පිලිගන්න දෙයක් හෙට බොරුවෙන්න පුලුවන්, ආයෙ හෙට ඒක වෙනස්වෙන්න පුලුවන්, ආගමක් එහෙම නෑ, සදහටම එමමයි, ඒ නිසා ආගමක් තියෙන දේවල් විවේචන කරන්න හෝ සුද්ධකරන්න විද්‍යාව පාවිච්චි කරන්න එපා, මම මේ කිව්වෙ උඹ මුල ඉඳලම විද්‍යාව පටලගෙන දඟලපු නිසා. මෙතන තමයි එන්න ඕන වුනේ.








