අරක්කු බිව්වාම පව් සිද්ද වෙනවද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අරක්කු බිව්වාම පව් සිද්ද වෙනවද?

    අරක්කු සිගරට් ,බියර් ,විස්කි ,බ්‍රැන්ඩි ,වයින් ,ඡින් ,වොඩ්කා ,ගංඡා ,කංසා ,අබින්,කුඩු බිව්වම පවි සිද්ද වෙනවද? ඒ ඇයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,987
    2
    116,134
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුද මෙම්බර් කෙනෙක් කියල තිබ්බ ඕව බිව්වම සිහිය අඩුවෙල විකාර වෙන ගතිය හිටිනව මරණෙන් පස්සෙ ඒ සමාන හරි හැටි සිහියක් නොපිහි‍ටුවන පෙරේත ආත්ම වගේ ඒවටලු ඒ අය යන්නෙ කියල..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අරක්කු සිගරට් ,බියර් ,විස්කි ,බ්‍රැන්ඩි ,වයින් ,ඡින් ,වොඩ්කා ,ගංඡා ,කංසා ,අබින්,කුඩු බිව්වම පවි සිද්ද වෙනවද? ඒ ඇයි.
    විට ,බාබුල්, ටැබා,ඇසිඩ්,පැනි,
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පවක් පිනක් නොදනී

    නමුත් බිව්වයින් පසුව සිදු වන වාහන අනතුරුවලින් මනුෂ ගාතන නම් වෙනවා

    හොදම දේ බිව්වයින් පස්සේ නොබොන එකෙකුට සුක්කානම දෙන එක හරි පොදු ප්‍රවාහන මාර්ග යොදා ගැනීම තමා
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ මම ඔය ගැන වෙන thread එකක දාපු උත්තරයක්. මේකට ගැලපෙයි.

    amasin, උඹට මේක කිව්වට වැඩක් නැති බව දන්නව. ඒත් title එක දැකල මේකට එන අයට දැනගන්න මේක කියන්නම්. මොකද ඕක ප්‍රධාන පස් පවෙන් එකක් උනාට ගොඩක් අය හරියට දන්නේ නෑ බොන එක එච්චර ලොකු පවක් වෙන්නේ කොහොමද කියල. මොකද, උඹ කිව්ව වගේ, කරටි කැඩෙන්න බීල, සිහිනැති උනාම වැරදි කරන්න බෑනෙ?


    පාපයක් කියන්නෙ, අපේ ඊළඟ භවය දුගතියක් කරා යන්න හේතු වන හේතු කාරක.
    මත් වෙන එක පාපයක් වෙන්නෙ මෙහෙමයි.
    අපේ සිතට අරමුණු ගන්න උදවු වෙන දොරටු 6ක් තියනව.
    1.ඇස්
    2.දිව
    3.කන්
    4.නාසය
    5.සම ඇතුළු ශරීරයේ ස්නායු පද්ධතිය
    6.මනස

    අපි මත් උනාම, එහෙම නැත්නම් මත් වෙනව කියන්නෙ මේ දොරටු 6ම අඩපණ කරන එක. ඉතින් කවුරු හරි මේ දොරටු 6 අඩපන කිරීමට ආසාවක් ඇති කරගෙන මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන කොට, අපේ භවාංග සිත, එහෙමත් නැත්නම් අපේ හිතේ මූලය, ඒ දොරටු 6 අඩපණ කරගැනීමට ආසාවක් ඇති කරගන්නව. මේක හේතු කරගෙන අපේ ඊළඟ භවය අර දොරටු 6 ප්‍රභල නැති සත්වයෙක් වෙලා ඉපදෙන්න තියන සම්භාවිතාව වැඩි වෙනව. එහෙම සත්තු ඉන්නෙ ගොඩක් වෙලාවට සතර අපායෙ. මොකක් හරි පිනක් වැඩ කරල මිනිස් ආත්මයක් ලැබුවත්, මන්දබුද්ධික වෙන්න, අන්ධ වෙන්න තියන අවස්ථාව වැඩියි.

    මෙන්න මේක නිසයි මත් වීම පස් පවෙන් එකක් වෙන්නෙ.

    මේ මට පුළුවන් උපරිමයට සරල කරල කිව්වෙ.;)