අරගලයට එකතු වුණු ගුවන් නියමුවෝ ...
(මව්බිම ආර්ථික අගාදයට ඇද දමා ජන පැවැත්ම විනාශ කළ ඔවුහු, තමන්ට විරුද්ධව නැගෙන ජන අරගලයේ සවිය , ඝෝෂාව දරා ගත නොහැකිව යම් රහස් මොහොතක රටින් පලා ගියහ . ඔවුන් රැගත් පෞද්ගලික ගුවන් යානයේ නියමුවා වූයේ කපිතාන් නුවන් බණ්ඩාර ඒකනායකයි. මේ ලියා ඇත්තේ ඔහුගේ කතාවයි . යතාර්ථය, දෛනික ජීවිතය දරා ගත නොහැකි තරමට කටුක, කර්කෂ තලයකට වැටී ඇති මොහොතේ මේ ලියා ඇත්තේ ෆැන්ටසියකි . සැබෑ වේවායි පතන සිහිනයකි.)
.......
"කොයි වෙලාවක හරි කෝල් එක එනවා. දවස කවදද කියලා කියන්න බැහැ..කෝල් එක ආවම කරන්න තියෙන්නේ කළබල වෙන්නේ නැතුව , ගෙදර අනෙක් අයව නැගිට්ටවන්නේ නැතුව ලෑස්ති වෙලා කිසිම ඇඳුම් බෑග් එකක් නැතුව එළියට බහින්න. කෝල් එක එන්නේ රෑට . ඒ වෙලාවට ලයිට් කපලා තියෙයි. මතක ඇතුව ෆෝන් එක චාර්ජ් කරළා තියා ගන්නවා.."
"සර්.. මට ගෙදර කට්ටියව කවදා වගේ බලන්න ලැබෙයිද..?"
"ඒක දන්නේ නැහැ නුවන්. වයිෆ් දන්නේ නැහැ නේ මොකද වෙන්නේ කියලා..? ඔයා කිසි දෙයක් කියලා නැහැනේ..? "
"නැහැ සර් ඒත් .. හුග දෙනෙක් දන්නවා මම සර් ලාට වැඩ කරනවා කියලා. ලොකු කට්ටිය යන්න ගිහින් මමත් අතුරුදහන් වුණාම වට පිටේ ඉන්න හැමෝම සැක කරන්න ගන්නවා. ගෙදර වයිෆුයි පුතයි විතරක් නෙමෙයි අම්මත් ඉන්නවා නේ සර්..."
"මම ඔයාට කිව්වනේ .. ඔයා ගෙදරින් පිට වෙලා පැය තුනක් යනකොට, ඒ කියන්නේ ලොක්ක ලා රටින් පිටවුණාට පස්සේ ඔයාගේ ෆැමිලි එකත් අපි ගෙදරින් පිට කරනවා. තාම දන්නේ නැහැ කොයි රටට ද යන්නේ කියලා..නමුත් සතියක් ඇතුළත ඔයාට පුළුවන් ෆැමලි එක ළගට යන්න..බය වෙන්න එපා.. මාව විශ්වාස නැද්ද...? "
- මට උඹලා කිසිම කෙනෙක් විශ්වාස නැහැ - යැයි කියන්නට සිතුණත් එසේ නොකීමි . ගෙවුණු සති කීපය පුරා රටේ පැන නැගුණු මිනිස් අරගලය , විරෝධතාවයට මුහුණ දී ගත නොහැකි අවස්ථාවක් පැමිණි විට පාලකයෝ පස් හය දෙනාම රටින් පැන යන බව මම දැන සිටියෙමි. ගුවන් හමුදාපති තුමා සහ මුල් පෙළේ නිලධාරීන්ගේ හැසිරීම් , කතාබහ සැකයට තුඩු දෙන විට, මෙතෙක් කාලයක් නොපැවැත්වුණු ආකාරයේ රහස් සාකච්ඡා පැවැත්වෙන විට , ඔවුහු මෙසේ සූදානම් වන්නේ තමන්ගේ අවසන් තුරුම්පුව දියත් කිරීම වෙනුවෙන් බව වටහා ගන්නට මට හැකිවිය. රහස් රැකීම මගේ රැකියාවේ කොටසකි. වසර කීපයක සිට පාලක පංතියේ ඉහළ නිලදරුවන් පමණක් නොව රට කරවන මුල් පුටු හෙඹ වූ දෙතුන් දෙනාව පවා ඔවුන්ගේ පෞද්ගලික ගුවන් ගමන් රැගෙන ගියේ මා විසිනි. ඒ ගමන් සියල්ලක්ම ඩොලර් මිලියන ගණනේ ඒවාය. ඒ ගුවන් ගමන් වියදම් සියල්ලක්ම රටේ මහජන මුදලින් සොරා ගත් ඒවා බව මම දැන සිටියෙමි. මා දන්නා දේ මගේ බිරිඳට පවා නොකියා සිටීම මගේ රැකියාවේ කොටසකි. මා ඉහළ වැටුපක් ලබන්නේ , රාජ්‍ය වරප්‍රසාද ලබන්නේ හොරු ආරක්ෂා කිරීම වෙනුවෙනි. අද රටේ බොහෝ දෙනෙකුට මෙන් මගේ හිසට ඇත්තේ මගේ අත්ලේ ආරක්ෂාව පමණි . මගේ බිරිඳ , අට හැවිරිදි පුතු සහ මගේ මව ගේ ආර්ථික ස්ථාවරය පමණක් නොව සමාජ පැවැත්ම ආරක්ෂා කිරීමට වසර කීපයක සිට රට කරවන මහා හොරුන්ගේ මුදල් නාස්තිය මම දෑසින් දැක , නොදැක්කා සේ සිටිමි. සවනට වැටෙන දේ බිහිරෙකු ඉවසා ගනිමි. සියල්ල මනා සේ දැන ගොනා සේ හැසිරීම වෙනුවෙන් මම විශාල වැටුපක් ලබමි.
මට මා ගැන තිබුණේ ආඩම්බරයක් නොවේ. ආඩම්බර විය හැකි , සිතට එකග රැකියාවක් කිරීම පහසු වුණත් එයින් සුඛෝපභෝගී දිවියක් ලබන්නට නොහැකිය.
වසර දෙකකට පෙර නමක් නොදන්නා ඉන්දීය ධන කුවේරයෙකුගේ පෞද්ගලික ගුවන් යානය රටේ බලවතාගේ ප්‍රයෝජනය පිණිස ලබා දුන් මොහොතේ , එහි නියමුවා හදිසියේ අසනීප වීම මේ සියලු සිදුවීම් වල ආරම්භයයි. මේ Legacy 600 - T7-JSG ගුවන් යානය මට නොපුරුදු එකක් නොවේ. ගුවන් නියමු පාඨමාලාව වෙනුවෙන් ඉන්දියාවේදී වතාවන් කීපයකදීම එය මගේ දෑතට හසුවිය. දොළොස් දෙනෙකුට ගමන් කල හැකි එය සුපිරි යානයකි. මේ විශේෂ ගුවන් පක්ෂියා සමග පැය පනහක පමණ කාලයක් ගත කළ පසු JetSetFly ආයතනය මට ඔවුන්ගේ ආයතනයේ ගුවන් නියමු රැකියාවක් යෝජනා කළ බව දන්නේ කීප දෙනෙකු පමණි. එහෙත් එය මම ප්‍රතික්ෂේප කළෙමි . මගේ එකම සිහිනය වූයේ මගේ රටට සේවය කිරීමයි. මව්බිමේ ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු වීමයි.
"තමුසේ Legacy 600 ෆ්ලයි කරලා තියනවා නේද..? ලොක්කට තිරුපති වලට යන්න තියනවා. ඉන්දියන් පයිලට් ට සනීප නැහැ "මගේ ප්‍රධානියා කිවේය. රටේ නායකයින්ගේ මිලියන ගණනක් වැය වන පෞද්ගලික ගුවන් ගමන් වල නියමුවා වීමේ අවස්ථාව මට ලැබුණේ ඒ අයුරිනි.
"නුවන්.. තමුසේ තමයි මේ මොහොතේ ලොක්ක ලාගේ හිත දිනාගෙන තියන එකම පයිලට්. ඔයාගේ අවංක කමට , පක්ෂපාතී කමට හැමෝම කැමතියි. දැන් මම ඉල්ලන්නේ යන්නේ මේ බිත්ති හතර ඇතුලේ විතරක් තියාගත යුතු රහසක්. මේ වැඩ කෙරුවොත් ඔයාටයි , ෆැමිලි එකටයි ලොක්කලා හොඳට සළකනව . කොටින්ම කියනවා නම් ඔයාලා හැමෝටම යුරෝප් වල කැමති රටක පදිංචි වෙන්න පුළුවන්. අපිට පුළුවන් ඔයාට එහේ කොම්පැනි එකක රස්සාවක් හොයලා දෙන්න..කොටින්ම අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් වැඩිය එළි පහළියට එන්නේ නැතුව ඉන්න ඕනා අඩුම තරමින් මේ මිනිස්සුන්ගේ සද්දේ අඩුවෙනකන් ..."
"සර් මගේ Co - Pilot කව්ද..?"
"ඔයත් එක්ක ෆ්ලයි කරන අලුත් කොල්ලා ..මොකක්ද මිනිහගේ නම..? "
"සදේශ .."
"එයා හොඳයි..හැබැයි ඔයාට දෙන දේවල් එයාට දෙන්න අපිට හැකියාවක් නැහැ.. ගමන් ඉවර වුණාට පස්සේ ලංකාවට එන්න හදලා දෙනවා . මුදලක් එක්ක..ඒ ඇතිනේ.."
"සදේශ ට අවුරුද්දක බබෙක් ඉන්නවා සර්.. බැරිද වෙන හොඳ දෙයක් කරලා දෙන්න..."
"බැහැ නුවන්..මේක අනුන් ගැන හිතන්න හොඳ වෙලාවක් නෙමෙයි.. ඔයාගේ වැඩේ ගැන හිතන්න. ලොක්කලා ව රටින් පැන්නුවා . ඔයා ඔයාගේ ෆැමිලි එක එක්ක යහතින් ඉන්නවා නේ . ඒ ඇති.. "