අරගලය යනු පොහොට්ටුවේ ප්‍රති-පක්ෂය නොවේ.

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරගලය යනු පොහොට්ටුවේ ප්‍රති-පක්ෂය නොවේ.

    මේ වන විට රටේ දකින පැහැදිලි බෙදී යෑම් අතර යළිත් මතු වන දෙපිළ වීමක් නම් අරගලය සහ පොහොට්ටුව ලෙස කඳවුරු දෙකක් නිර්මාණය වීම ය.

    පොහොට්ටුව හෙවත් රාජපක්ෂ රෙජීමය බිඳ දැමීම අරගලයේ ප්‍රමුඛ කාර්යයක් වූවත්, අරගලයේ මූලික අරමුණ ඉන් වඩාත් ඔබ්බට ගිය එකකි.

    ගෝඨාට ඡන්දය දුන් 69 යේ බොහෝ මිනිසුන් 'මුලින් අපියි පාරට බහින්නේ' යැයි පොරොන්දු වූ පරිදි නොවූවත් පසුවට හෝ අරගලයට ආවත්, පොහොට්ටු දේශපාලනයෙන් බඩ වියත රැකගත් මිනිසුන් එයට විරුද්ධ වූයේ ය. එසේම, බඩවියත නොරැකුණත්, දිවිහිමියෙන් ගෝඨා රට හදනු ඇතැයි විශ්වාස කළ මිනිසුන් ද තවමත් ඒ විශ්වාසයෙන් බැහැර වී නොමැත. ඔවුන් සමස්ථයක් ලෙස අරගලය දෙස බලනුයේ වෛරයකිනි.

    අර්බුදයක් ද එය පසුබිම් කර ගෙන අරගලයක් ඇති වන බව දැන, එය විසිරී ගිය හිංසාවාදී එකක් නොවී, අවිහිංසාවාදය පෙරටු කර ගෙන එය නිර්මාණය නොකරන්නට මැයි 9 වෙනිදාවල් ගණනාවක් ද ජීවිත හා දේපළ හානි වීම් රැසක් ද මෙහි ඇති වීමට තිබුණි. දැන් වන විට අරගලයෙන් ඉතිරි වූ සුළු වළක්වා ගත නොහැකි වූ හිංසාවන් ද පොහොට්ටුවේ යලි නැගිටින දේශපාලන ක්‍රියාකරුවන් ද එකිනෙක ගැටීම ආරම්භ වී තිබේ.

    අවිහිංසාවාදය පරයා හිංසාවාදය හිස එසවීම ඇරඹී තිබේ. එය යලිත් ගැටුම් උස්සන්න කරන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අරගලය ගෝල්ෆේස් එකෙන් ඉවර වන්නට ඇත. එහෙත් එහි පශ්චාත් බලපෑම් වලින් අරගලයට සහභාහී වූවන්ට මිදිය නොහැකිය. එය තනි තනි වශයෙන් හෝ එකා දෙන්නා ලෙස හෝ මුහුණ දීමට අපට සිදු වනු ඇත.

    මේ දේශපාලනිකව බෙදී මරා ගන්නේ මේ රටේම මිනිසුන් බව යලිත් සිහි කර ගත යුතුය. උතුරේ දෙමළා හා දකුණේ සිංහලයා සටන් වැදුණා මෙන්ම, පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් සිංහල මත ගැටුම් ඇති වූවා සේම, අරගලයෙන් පසු මේ බෙදී මරා ගන්නේද අපේම මිනිසුන් ය. රටක් අභ්‍යන්තරයෙන් බිඳී ගිය පසු, එයට බාහිරය සමග තරග කිරීම උගහට ය. අභ්‍යන්තර සටනින් අප දුර්වල වේ, අඩපණ වේ, අර්ධ වේ. ඉතිහාසය පුරාවට අපට සිදු වී ඇති විනාශය එයයි. ඒ ඒ කලට අප බෙදි මරා ගැනීමට කරුණු මුල් කර ගත්තා මිසක, රටක් ලෙස ආදරයෙන් සිටීමට මගක් නොසෙවුවේය.

    යුද්ධයෙන් පසුව උතුර දකුණ යා කර ගැනීමට අප අපොහොසත් වූයේ ද ඒ නිසාම ය. වසර 1963 දී ඉංග්‍රීසි ජාතික මහාචාර්ය වරයෙකු වූ B H ෆාමර් ලියු 'ශ්‍රී ලංකාව බෙදුණු ජාතියක්' නම් පොතේ ඇති අයුරින්ම අප බෙදී වෙන්වී මරා ගැනීමට රුචියක් දක්වන්නන් යැයි කිව හැකිය. එහෙත් එය වෙනස් කිරීමට අප වෙහෙසෙන්නෙමු.

    අරගලය හැමෝගේම ය. එය මහජන අරගලයක් වූයේ ය. එය අවිහිංසාවාදී වූයේ ය. ඉන් වසරක් ඉක්මී ඇති තැන් හී එම අවිහිංසාවාදයේ ඉතිහාසය යළිත් හිංසාවෙන් පුරවන්නට තැන් නොකරමු. පොහොට්ටුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, ඉතිහාසය වෙනස්කොට ලියන්නට දක්ෂයෝ ය. මහින්ද බුදුන්ගේ නෑයෙකු කළ ඔවුන්, සරත් ෆොන්සේකා යුද්ධ නොකළ බව දෙවරක් ඔප්පු කළේ ය. ඔවුන් යළිත් අරගලය ද ඉතිහාසයේ වැරදි තැනක ලියන්නට සිය සමාජ මාධ්‍ය ජාලා බල ඇණි බල ගන්වා තිබේ. විකෘති තොරතුරු වලින් පිරුණ සමාජ ජාලා මෙන්ම 75% ක් විද්‍යුත් මාධ්‍ය අවකාශය ඔවුන්ගේ තෝතැන්නයි.

    එනයින්, මේ රටේ පක්ෂ වලට ගැති නොවූ නිදහස් පුරවැසියන් හට යලිත් සිතන්නට සිදුවේ. පක්ෂ යනු ඔබේ විළි වසනා ඇඳුමක් නොවේ. එක ඇඳුමක් ගැලවූ සැනින් තව එකක් ඇඳීම අත්‍යාවශ්‍ය නොවේ. ඔබට හුස්ම ගැනීමට දේශපාලන පක්ෂ අවශ්‍ය නොවේ. ඒ නිසා අරගලයෙන් අත් කර ගත් නිදහස දීර්ඝකාලීනව භුක්ති විඳින්න.

    අරගලය යනු පොහොට්ටුවේ ප්‍රති-පක්ෂය නොවේ. අරගලය යනු මේ දේශපාලන ක්‍රමයේ ප්‍රති-පක්ෂයයි. අරගලය යනු මේ රටේ හැරවුම් ලක්ෂයයි. අපි මිනිසුන් නිවැරැදිව ඉලක්ක ගත කර ගමු.

    මේ රට වෙනස් වෙන එක නැවැත්වීමට කිසිදු බලයකට නොහැකිය.
    ඔබේ විවෘත වූ මනස, ඒ වෙනස කැන්දාගෙන එන මගුල් රථයයි.

    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #හරිත
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    අම්මෝ බය වෙලා අලි පැටව් ටිකට තැනක් නැති වෙයි කියල

    ජහ අලිය ජහ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔබ මත් පැන් පානයෙන් රෝගාතුර වූයේ නම්, ඔබ අත හැරිය යුත්තේ මත්පැන් මිසක බොන බ්‍රෑන්ඩ් එක නොවේ.
    දේශපාලනයට ද මෙය අදාල ය.
    ඔබ වෙනස් නොවී, අනි කිසිවක් වෙනස් කිරීමෙන් අප මේ පත් වී ඇති අර්බුදයෙන් ගොඩ විය නොහැකිය.

    පැතුම් කර්නර්
    #හරිත
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඔබ මත් පැන් පානයෙන් රෝගාතුර වූයේ නම්, ඔබ අත හැරිය යුත්තේ මත්පැන් මිසක බොන බ්‍රෑන්ඩ් එක නොවේ.
    දේශපාලනයට ද මෙය අදාල ය.
    ඔබ වෙනස් නොවී, අනි කිසිවක් වෙනස් කිරීමෙන් අප මේ පත් වී ඇති අර්බුදයෙන් ගොඩ විය නොහැකිය.

    පැතුම් කර්නර්
    #හරිත
    ඒකනේ සිංහලෙන්ම කියන්නේ උබල ඔක්කොම එක වල්ලේ පොල් කියල. උබ අනුර රනිල් මහින්ද කියල වෙනසක් නෑ ඔක්ක එකම ආච්චුවේ බඩු.


    ඔබ වෙනස් නොවී, අනි කිසිවක් වෙනස් කිරීමෙන් අප මේ පත් වී ඇති අර්බුදයෙන් ගොඩ විය නොහැකිය.
    මේ කොටසට නන් සියට දාහක් එකඟයි. ♥️♥️👌
     
    • Haha
    Reactions: SLK_sri

    Sen-lu

    Well-known member
  • Codealodev GIF by Codealo Inc.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    ඔබ මත් පැන් පානයෙන් රෝගාතුර වූයේ නම්, ඔබ අත හැරිය යුත්තේ මත්පැන් මිසක බොන බ්‍රෑන්ඩ් එක නොවේ.
    දේශපාලනයට ද මෙය අදාල ය.
    ඔබ වෙනස් නොවී, අනි කිසිවක් වෙනස් කිරීමෙන් අප මේ පත් වී ඇති අර්බුදයෙන් ගොඩ විය නොහැකිය.

    පැතුම් කර්නර්
    #හරිත
    හීන් නූලෙන් රනිල්ගේ පුක ලෙවකන පැචූන් මල් පොන්නයා ද හොඳ හුත්තිගේ පුතෝ 😹 😹 😹 😹