අරගලය ස්වයං මෝහනයෙන් සහ ස්වයං වංචාවෙන් ඔබ්බට

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    1426205.jpg


    මැයි 9 වනදා මහින්ද ගියේය. ජුනි 9වැනිදා බැසිල් ගියේය.ජුලි 9 ගෝඨාභය රාජපක්ෂ එළුවා දැමුවෙමු. මොනවා උනත් ගෝල්පේස් අරගලය හා ඒ හා බැඳි සිදුවීම් නිසා රාජපක්ෂ පවුල් පාලනය සෑහෙන දුරට පසුපස ගිය බව නම් සැබෑය. පසුබැස ගිය ද ඔවුන් තවමත් පරාජය කර නැත. ඒ නිසා පසුබැස ගිය සතුරා වඩාත් වියරු වන්නේය. ඔහු තම සියලු ශක්තියෙන් එකතු කර පෙරළා සටන් වැදීමට පසුබට නොවනු ඇත. උන්ගේ පරිවාර ආර්ථික ආරක්ෂක සේනා උන් රැකීමට පෙරටත් වඩා ඉදිරියට එනු ඇත. එමෙන්ම සතුරාගේ පන්ති මිතුරන් ද ඔහු රැකීමට දෙවරක් සිතන්නේ නැත. රනිල් ගේ ආගමනයෙන් එය හොඳින්ම ඔප්පු වන්නේය.

    පන්ති සතුරා හරියට හදුනාගෙන ඔහුව තීරණාත්මකව දේශපාලනිකව පරාජය කරන තුරු කිසිදු සමාජ අරගලයක් ජයගත නොහැක පන්ති සතුරා කපුටන්, මයිනන් එල්ලවන්නා සේ පහසුවෙන් එලවා දැමිය නොහැක. කෙනෙකුට සමාජ සත්‍ය ලෙසම පරාජය කිරීමට අවශ්‍ය නම්, ඊට නිවැරැදි දේශපාලන කියවීමක් හා මඟපෙන්වීමක් තිබිය යුතුමය. පසු බැස ගිය සතුරා නැවත වේදිකාගත වීම සහමුලින්ම නවතා දැමිය හැක්කේ එවිටය. නැතිනම් නැවත බලයට පාර කපා ගන්නා ඔහු චන්ඩ සැඩ පහරක් සේ මිනිස් හිස් ගලවාගෙන ගලා යනු ඇත. මෙහිදී වඩා වැදගත් වන්නේ අරගල පාවිච්චි වන සෑම සටන් පාඨ එකම පිටුපස තිබෙන පන්ති දේශපාලන අරුත සහ උවමනාව තේරුම් ගැනීමය. එය වටහා නොගන්නා තුරු කවරක් සිදු කළා වුවද වංචාවේ සහ ස්වයං වංචාවේ ගිලී යනු ඒකාන්තය

    නියමුවා
    2022 ජූලි