එළකිරි එකේ ඉස්සර හිටියේ ටිකක් සාක්ෂරතාව තියන එවුන් ටිකක්. මට හම්බවෙන පෝස්ට් මෙකේ දැම්මේත් ඒකයි. ඒත් කියන්න කනගාටුයි මෙකේ ඉන්නෙත් රටේ ඉන්න සෙට් එකේම අය තමයී. ඉතිං එහෙම වෙන්න එපායෑ. අඩුගානේ දාලා තියන එක කියවලා බලන්නේ වත් නෑ, අම්මට සිරි අපි තමයී පට්ට rebellions ලා කියලා වැලලෙන්න හදනවා. තොපි මෙකේ මැරෙන්න හදන නිසා post එක copy කරලා දාන්නම්.
ලංකාවේ ඉන්න බහුතර ජනතාව මෙහෙම හිතන්න හේතුව ගැන මට එක් කල්පිතයක් තියනවා. ඉතිහාසය ගැන ප්‍රාමාණිත දැනුමක් නැතත් මේ සදහා යොදාගත් තොරතුරු හැමෝම දන්නා සත්‍යය යැයි සම්මත ඒවා.
ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධ නිදහස් අරගල කිහිපයක් තිබුණා. ඒ අතරින් ඌව වෙල්ලස්ස සටනෙන් කැප්පෙටිපොල නිලමේ ඇතුළු වීරයන් සහ නිර්භීත ජනයා සමූල ඝාතනය කළා. ලංකාවේ සාරවත්ම කුඹුරු ගිනි තැබුවා, යාල වනෝද්‍යානය පැත්තේ දඩ බිම් කරා. හරියට අද කරලා තියනවා වගේ වී වගාව විනාස කරලා මිනිස්සු හාමත් කරා.
ඊළඟට ආය මිනිස්සු සංවිධානාත්මකව නැගී හිටියේ 1848. කලින් වගේම අපේම මිනිස්සුන්ගේ පාවාදීම් නිසා ඒ කැරැල්ල මර්දනය වුණා. අදටත් කැරැල්ල මර්දනය කර රට වෙනුවෙන් නැගී සිටිය මිනිස්සු මරා දමා විසුරුවා දැමූ ස්ථානයේ සුද්දන් හිටවූ ගල් කණුවක් තියනවා. නුවර සිට මාතලේ A9 පාරේ යද්දි නගරයට කලින් පාරේ දකුණු පැත්තේ තියන්නේ. (ඡායාරූප බලන්න) එතැන කරපු ජන ඝාතනය ගැන ආඩම්බරයෙන් සුද්දො ලියලා තිබ්බ කියල මං අහල තියනවා. ඒ කාලේ සාමාජ මාධ්‍ය, දුරකථන නැතුව මිනිස්සු සංවිධානය වුනේ අද වගේ පහසුවෙන් නෙවෙයි කියලා මං හිතන්නේ.
කොහොම හරි සුද්දො ඒ අරගල කරුවන් ටිකත් නිහඩ කරා.
මං හිතන්නේ ලංකාවේ නිදහස ගැන හිතන පරපුරක ජාන මිනිස්සු අතරින් මැකී ගියේ එහෙමයි. දැන් ඉතුරු අපි ඒ අරගල වලට නොගිය නිවට මිනිස්සුන්ගෙන් පැවැත එන මිනිස්සු ද මංදා.
ඊට පස්සේ රට නිදහස් වුණත් ඒකට මිනිස්සුන්ට පාරට බැහැලා අරගල කරන්න වුණේ නැහැ. LTTE. ප්රශ්නය වුණත් සාමාන්‍ය ජනතාව දායක නොවී අවසන් වුණා.
අපි තවත් බලාගෙන ඉන්නේ මේ ප්රශ්නයේදී ත් කවුරු හරි අපි වෙනුවෙන් සටන් කරයි කියලා.
නමුත් මේ සටන වෙනස්,
දැන් අපේ සතුරා ඉන්නේ අපේම ඡන්දයෙන් පත් වෙලා, රටේ නීත්‍යනුකූල බලය අරං.
අනික තවමත් අපේ මිනිස්සුම කොටසක් ඒ දූෂිතයන් වීරයෝ කියලා හිතනවා.
ඒ දූෂිතයන්ගේ චෞර වළල්ලේ කෙලවරවල් උඩම පුටුවේ ඉඳන් හොරට සමෘද්ධි සහනාධාර ගන්න, සුදුසුකම් නැතුව රජයේ රැකියා වලට යන ගමේ මිනිහා ගාවට එනකංම අඬු විහිදාගෙන ගිය පිළිකාවක් වගේ.
ඉතිං ඒ අරගලය රටක මිනිස්සු එකාවන්ව පිටතින් ආපු සතුරෙක් එක්ක සටන් කරනවා වගේ නෙවෙයි. පිටරටින් ආව සතුරා එක්ක සටන් කරන්න සටනට නොගිය නිවට මිනිහෙක් වුණත් එදා දැනගෙන හිටියා පිටරැටි ආක්රමණිකයා සතුරෙක් කියලා. අද ගෙදර ඉන්න හෝ නිහඩව ඉන්න මිනිස්සු එහෙම නෙවෙයි, එක්කෝ හොරුන්ගේ නෑයෝ, ඔවුනගෙන් ප්‍රයෝජන ගත්ත අය.
මේ සටන අසීරු වෙන්නේ ඒකයි.
අමතක වී ගිය ඒ නිදහස් සටන ගැනත්, මාතලේ ස්මාරකය ගැනත් කියවන්න link පහලින් ඇති.
https://roar.media/sinhala/main/travel/places-to-visit-at-matale/amp
https://www.lankadeepa.lk/Rasawitha/මරට-අවසන-කරලල-අවසන-හර-කහපය/57-519237

Last edited: