අරණායක තව කන්දක් නාය යන ලකුණු
මහ වැසි නිසා අරණායක හමුදා මෙහෙයුම් අද පස්වරු 3.30ට පමණ යළි නතර කැරිණි.
මින් මද වේලාවකට පෙර ගල් ගොඩක් සමග පස් කන්දක් අඩි 500ක් පමණ පහළට ඇද වැටුණේය.
සාමසර කන්ද සමීපයේ පිහිටි අම්බල කන්ද නාය යෑමේ ලකුණු පහළ වීම නිසා ගම්තුන හා බැලුම්ගල වැසියන් ඉවත් කළ බව ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.
නාය ගිය ස්ථාන බැලීමට යාම බරපතල අවදානමක් බව පොලිසිය කියයි. අරණායකට අදත් තුන් හාර
දහසක් පැමිණි බවත් සහන කටයුතුවලට එය බලවත් අවහිරයක් බවත් එහෙයින් තමන්ගේ ආරක්ෂාවත් සහන සේවකයන්ගේ පහසුවත් වෙනුවෙන් එම ස්ථාන බැලීමට නොයන ලෙස පොලිසිය ඉල්ලයි

පොලිසියට තියෙන්නෙ ඉල්ල ඉල්ල ඉන්නෙ නැතුව පාර වහල දාන්න. රේඩියෝ එකේ කිව්වා හරක් එන වාහන පාර පුරා නතර කරල එම්බියුලන්ස් එකකට වත් යන්න පාර ඉඩ නෑලු 