අර්චුනා රාමනාදන්

mamaAJ

Member
Aug 23, 2024
10
13
3
අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සමාජ ජලා කළඹවන ප්‍රවෘත්ති මැවෙමින් පවතී.

ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් උතුරු පළාතෙන් මන්ත්‍රී ධූරයක් දිනාගත් ජනප්‍රිය නායකයෙකි. ඔහුගේ යම් හැසිරීමක් ඔහු විසින්ම නෙගටිව් මාකටින් කරන්නට ගොස් අනාගත් වාසිය ඔහුට විරුද්ධ වන සාම්ප්‍රදායික යාපනයේ දෙමළ දේශපාලකයන් වාසියට ගත් හැඩක් දැකිය හැකිය. සාම්ප්‍රදායික ඇදෙන ඉංග්‍රීසී ව්‍යවහාරයක් සහිත ඉංග්‍රිසි භාෂාව භාවිතා කරමින් විසුරුවා හරින පුවත් මගින් ද මෙය තහවුරු කරගත හැකිය. මෙයින් තවත් පැහැදිලි වන්නේ තරුණ නායකයෙකු මතුවීම සාම්ප්‍රදායික සුමන්තිරන් පරම්පරාව ඉවසන්නේ නැති බවයි. සුමන්තරන් වැනි දේශපාලකයන්ගේ හිතවත් දකුණේ මාධ්‍ය කුලී හේවායන් වැඩේ තිතටම කරගෙන යයි.

තවත් කරුණක් නම් පාර්ලිමේන්තු ආරම්භක සැසිය අවස්ථාවේ රිසි සේ අසුන් ගත හැකි බවට වේත්‍රධාරියා විසින් රූපවාහිනී වලට පවුඩර් උලාගෙන රගපාමින් කළ ප්‍රකාශය ක්ෂණික ලකුණු දා ගැනීමේ අවශ්‍යතාවය මත අමතක වීමයි. සජිත්ට තම විපක්ෂනායක අසුන අහිමිවේදෝයි සැකයක් නැතිවම නොවේ. ඔහු අසල සිටි අයෙකුගේ කණට ලංවී කියන්නට ඇත්තේ මගේ පුටුව අවශ්‍යයයි කියාය. ඒ සජිත්ගේ හැටිය. ඒ අසල සිටි පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා ඇතුළු සේවකයන් සුවච කීකරු බව අගවන්නට ගොස් අනාගත්තේය.

අර්චුනා සිද්ධිය යාපනයේ කථා වෙන්නේ බලපන් අපේ මන්ත්‍රීයාට ඉදගෙන ඉන්නවත් දෙන්නේ නැති හැටි. යම් යම් විෂබීජ පැලකරන්නට මෙය හේතුවක් වීම වලක්වාගන්නට නොහැකිය.
 
  • Like
Reactions: Asmodeus

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,848
    4,223
    113
    කොටි බේසික පුතාලටත් හෑලි ලියන උන් 😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    පාර්ලිමේන්තු මහලේකම් කියනවනේ පළවෙනි දවසේ කැමති තැනක ඉඳගන්න පුළුවන් කියලා.

    ඔතන කියන්නේ දවස ගැන නෙමෙයි මම හිතන්නේ. ඔතන කියන්නේ සෙෂන් එකක් ගැන. කතානායක, සභානායක තෝරනකන් ඉන්න පුළුවන් තමන් කැමති සීට් එකක. එහෙම තමා අර්චුනා විපක්ෂ නායක පුටුවේ හිටියේ. හැබැයි කතානායක, සභානායක තෝරලා සභාව කල් දැම්මට පස්සේ එන දෙවෙනි සෙෂන් එකේදී තම තමන් ඉන්න ඕන තම තමන්ට අදාල ආසනේ. එතකොට අරූ විපක්ෂ නායක පුටුවේ හිටපු නිසයි පොරව එතනින් අයින් කරන්න පාර්ලිමේන්තුවේ වැඩ කරන ඩයල් එක ඇවිල්ලා කිව්වේ.
     

    Similar threads