අර්ජුනට පෝරියල්

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අර්ජුනට පෝරියල්

    කැබිනට් මණ්ඩලයේ දී අර්ජුනට පෝරියල්..! අර්ජුන සිතා මතා අර්බුදයක් ඇති කළ බව හෙළි වේ..!!

    පෙට්‍රල් හිඟයක් හේතුවෙන් රටම අංශභාග රෝගියෙකුව සිටියදී ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග ගේ මෝඩ හේතු දැක්වීම් නිසා අනෙකුත් ඇමැතිවරු රැසක් අර්ජුන රණතුංග දැඩි ලෙස විවේචනය කර තිබේ.

    අර්ජුනගේ හේතු දැක්වීමේ දී තමා ඔක්තෝම්බර් 18 වෙනිදා සිටම මෙවැන්නක් ඇති විය හැකි යැයි දැන ගෙන සිටි බව හෙළි විය. ඉන්දියානු තෙල් සමාගමේ තෙල් නැව ප්‍රතික්ෂේප වීම මේ අර්බුදයට හේතුව බවද ඔහු පැවසීය. ඒ අතරම ඔහු අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස කීවේ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට අද දෙරණ විසින් නිකුත් කරන ලද එස්එම්එස් පණිවුඩයයි. එම හේතුව නිසා දිනකට සාමාන්‍යයෙන් මෙ.ටො.2600 ක් ව පැවැති පෙට්‍රල් ඉල්ලුව මෙ.ටො.4000 ක් දක්වා වැඩි විනැයි ඔහු පැවසීය.

    මේ හේතු දැක්වීම් වලට විරුද්ධව කතා කළ චන්දිම වීරක්කොඩි හිටපු ඛනිජ තෙල් ඇමැතිවරයා කියා සිටියේ 18 වෙනිදා සිට දැන සිටියා නම් අදාල තෙල් සංචිත සකසා නොගත්තේ මන්ද කියාය. ඔහු ඇමැතිව සිටියදී සෑම විටෙකම සතියකට අවශ්‍ය තෙල් සංචිත රට තුල රඳවා ගත් බවත් සෑම සතියකට වරක්ම ඒ පිළිබඳ වාර්තාවක් කැඳවූ බවත් පැවසූ වීරක්කොඩි ඇමැතිවරයා අමාත්‍යාංශයේ එකී සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුගමනය නොකෙළේ මන්දැයි ප්‍රශ්න කෙළේය.

    මලික් සමරවික්‍රම ඇමැතිවරයා අර්ජුන රණතුංගගේ හේතු දැක්වීම් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඉන්දීය තෙල් සමාගම වෙළඳ පොලේ සියයට 16 ක් පමණක් දරද්දී ඔවුන්ගේ තෙල් නැවක් ප්‍රතික්ෂේප වීම නිසා සියයට 84 ක් වෙළඳ පොළ ධාරිතාවක් ඇති ඛනිජ තෙල් සංස්ථාවට එය බලපාන්නේ කෙසේද කියාය. අර්ජුනගේ හේතු දැක්වීම බොරුවක් බව කී මලික් සමරවික්‍රම ඇමැතිවරයා “මි්ස්ටර් රණතුංග මෙතැන නිකම් විහිළු කරන්න එපා“ යයි කීවේ ය.

    මේ අතර තවත් හිටපු ඛනිජ තෙල් ඇමැතිවරයෙකු වූ අනුර ප්‍රියදර්ශන යාපාද අර්ජුන රණතුංගේ පලු අරිමින් විමසා සිටියේ මෙවැනි අවස්ථාවක ලංකාව අනුගමනය කරන සැලසුම් පිළිවෙතක් තිබෙන බවත් එයවත් අනුගමනය නොකෙළේ මන්ද කියා ය. එම සැලසුම් පිළිවෙත නම් ලංකාවේ යම් ඉන්ධන අර්බුදයක් ඇති වූ සැනින් ඉන්දියාවෙන් තෙල් ආනයනය කිරීමය. ඒ සඳහා ඉන්දියාවේ ‘එලායන්ස්‘ නමැති සමාගම සමග ගිවිසුමක්ද අත්සන් කර තිබෙන බවත් අර්බුදයක් වූ සැනින් ඔවුනට දැනුම් දුන් විට දින 3 ක් ඇතුලත ලංකාවට තෙල් සපයන බවත් අනුර ප්‍රියදර්ශන යාපා හිටපු ඛනිජ තෙල් ඇමැතිවරයා හෙළි කෙළේය.

    ඇමැති මණ්ඩල රැස්වීමේ අර්ජුනගේ ක්‍රියා මාර්ගය දැඩි ලෙස විවේචනය කෙළේ දයාසිරි ජයසේකර ඇමැතිවරයා ය. “රටේ ප්‍රශ්න විසඳීමට කලින් රැවුල කපාගෙන මනුස්සයෙක් වගේ ඉන්න“ යි ද දයාසිරි අර්ජුනට කීවේය.

    පාඨලී චම්පික ද තෙල් මාෆියාවක් ගැන කරුණු කියමින් අර්ජුන රණතුංගට එරෙහිව අදහස් දැක්වීය.

    ඔක්තෝම්බර් 18 වෙනිදා සිටම අර්බුදයක් ගැන දැන දැනත් එය විසඳීම සඳහා අර්ජුන රණතුංග ඉහත කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැත්තේ සිතා මතා රට තුල අර්බුදයක් ඇති කිරීමට බව ඕනෑම කුඩා දරුවෙකුට වුව තේරුම් යන්නේ ය.

    කෙසේ වෙතත් තවමත් විසඳී නැති පෙට්‍රල් අර්බුදය විසඳීම සඳහා ඇමැතිවරු 4 කින් යුත් කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ක්‍රියා කළහ.

    මේ අතර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජවිපෙ නායක අනුර දිසානායක පෙට්‍රල් අර්බුදයට එක් හේතුවක් ලෙස කියා සිටියේ දිගු කාලීන ටෙන්ඩර් සැපයුම් කරුවන් සිටියදී දිගින් දිගටම ස්පොට් ටෙන්ඩර් මගින් වැඩි මිලට තෙල් මිලදී ගැනීමට යෑම නිසා මෙවැනි අර්බුදයක් හට ගත් බවයි. ස්පොට් ටෙන්ඩර් වලින් මිලදී ගැනීම නිසා පසුගිය මාස කිහිපයක් තුල ඩොලර් මිලියන 40 ක් රටට පාඩු සිදුව ඇතැයිද ජවිපෙ නායකයා පැවසීය.
     
    • Like
    Reactions: vito

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    mata hithenne Arjunata kelawana scene ekak thiyenne

    balahan ara Port case eka, chineta waraya wikunana case eka awa, anthimedi Army ekath danna una. uu ethakota Ministry of Highways, Ports & Shipping

    Dan Oil case eka, dan miniha Minister of Petroleum Resources Development

    :confused:

    uu yana yana thana case watena places walatama thama uwa danne
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    mata hithenne Arjunata kelawana scene ekak thiyenne

    balahan ara Port case eka, chineta waraya wikunana case eka awa, anthimedi Army ekath danna una. uu ethakota Ministry of Highways, Ports & Shipping

    Dan Oil case eka, dan miniha Minister of Petroleum Resources Development

    :confused:

    uu yana yana thana case watena places walatama thama uwa danne

    pora panditha wadi. plan ekak athuwa nemei wedakaranne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mata hithenne Arjunata kelawana scene ekak thiyenne

    balahan ara Port case eka, chineta waraya wikunana case eka awa, anthimedi Army ekath danna una. uu ethakota Ministry of Highways, Ports & Shipping

    Dan Oil case eka, dan miniha Minister of Petroleum Resources Development

    :confused:

    uu yana yana thana case watena places walatama thama uwa danne
    hell yeah..
    his thinking is not going with this so called yahapaalane.....
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    ඒකට කමක් නෑ 96 කප් එක ගත්තනේ
    :(:(

    පිස්සුද? පිස්සු පීකුදුද? 96 වර්ල්ඩ් කප් එක පිටසක්වල ජීවීන් නිසා හම්බ උන එකක්.අර්ජුනට ක්‍රිකට් බෝඩ් එක දුන්න .ක්‍රිකට් කෑවා.වරාය දුන්න වරායත් කෑවා. තෙල් දුන්න. ඒකත් කනවා. කිස්ම වැඩක් බැරි මිනිහෙක්. පිටසක්වල සප් එකක් නිසා ලංකාව වර්ල්ඩ් කප් දිනුවේ
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    පිස්සුද? පිස්සු පීකුදුද? 96 වර්ල්ඩ් කප් එක පිටසක්වල ජීවීන් නිසා හම්බ උන එකක්.අර්ජුනට ක්‍රිකට් බෝඩ් එක දුන්න .ක්‍රිකට් කෑවා.වරාය දුන්න වරායත් කෑවා. තෙල් දුන්න. ඒකත් කනවා. කිස්ම වැඩක් බැරි මිනිහෙක්. පිටසක්වල සප් එකක් නිසා ලංකාව වර්ල්ඩ් කප් දිනුවේ

    tim-and-eric-mind-blown.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද? පිස්සු පීකුදුද? 96 වර්ල්ඩ් කප් එක පිටසක්වල ජීවීන් නිසා හම්බ උන එකක්.අර්ජුනට ක්‍රිකට් බෝඩ් එක දුන්න .ක්‍රිකට් කෑවා.වරාය දුන්න වරායත් කෑවා. තෙල් දුන්න. ඒකත් කනවා. කිස්ම වැඩක් බැරි මිනිහෙක්. පිටසක්වල සප් එකක් නිසා ලංකාව වර්ල්ඩ් කප් දිනුවේ
    ඔරියන් පොන්නයා ඩිටෙක්ටඩ්.........
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    wtf oi sathiyakata hariyanna witharada thiyaganne :O gon haththa adu gane masa 6k wath store karanna one :( ane manda munge mole pukewath nadda kiyala
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    wtf oi sathiyakata hariyanna witharada thiyaganne :O gon haththa adu gane masa 6k wath store karanna one :( ane manda munge mole pukewath nadda kiyala
    දැන් කියයි 'පේනවනේ, අපිට තෙල් ගබඩා නැති හින්දා ඇති උන අර්බුදය. අනාගතේ මෙහෙම නොවෙන්ඩ තෙල් ටැංකි ටික අලුත්වැඩියා කරලා භාවිතයට ගන්ඩ ඉන්දියාවට දෙන්ඩ ඕනේ' කියලා. ලංකාවේ උන්ගේ කයිවාරුවයි, ආටෝපය යි විතරයි. උත්සව වලට කෝටි ගණන් වියදම් කරනවා. අත්‍යාවශ්‍ය දේවල් වලට සල්ලිත් නෑ, තනියෙන් project එකක් කරන්ඩ උත්සාහ කරන්නෙත් නෑ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mata hithenne Arjunata kelawana scene ekak thiyenne

    balahan ara Port case eka, chineta waraya wikunana case eka awa, anthimedi Army ekath danna una. uu ethakota Ministry of Highways, Ports & Shipping

    Dan Oil case eka, dan miniha Minister of Petroleum Resources Development

    :confused:

    uu yana yana thana case watena places walatama thama uwa danne

    if all other crooks are against him he must be doing something right
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වරාය විකුණනවට විරුද්ධව කතා කරල වරාය ඇමතිකමට කෙලවගත්ත, දැන් ඛණිජතෙල් ඇමතිකමටත් කෙලවගන්න හදන්නෙ. තානාන්තර ඕනනම් ලොක්ක නාස්ලඛුව අදින විදියට දුවන එකයි තියෙන්නෙ. දැක්කයි වෙනස
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    විජේදාසට වුන අනිත් දේ තමයි මිනිහට වෙන්නේ,මලික්,පාඨලී,වගේ අය හදන්නේ මේ අවස්ථාව ප්‍රයොජනයට අරගෙන ioc එකට ඉතුරු ටිකත් දෙන්න.සමහර විට අර දේශපාලන බලපෑම් කළෙත් ඕකුන් ටිකම වෙන්න ඇති ioc බාල තෙල් ටික රටට ගන්න.
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    වරාය විකුණනවට විරුද්ධව කතා කරල වරාය ඇමතිකමට කෙලවගත්ත, දැන් ඛණිජතෙල් ඇමතිකමටත් කෙලවගන්න හදන්නෙ. තානාන්තර ඕනනම් ලොක්ක නාස්ලඛුව අදින විදියට දුවන එකයි තියෙන්නෙ. දැක්කයි වෙනස

    :yes::yes::yes: Sirawatama !