අර්ජුන් මහේන්ද්‍රන්ට නඩු පවරන්න බැහැ - ජී.&#34

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අර්ජුන් මහේන්ද්‍රන්ට නඩු පවරන්න බැහැ - ජී.&#34

    ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව ව්‍යවස්ථා කටයුතු සහ අධිකරණ හිටපු අමාත්‍යවරයෙකු වන ජී.එල් පීරිස් මහතා කියයි.ශ්‍රී ලංකා පොදුජන පොරමුණෙ සභාපතිවරයෙකු වන ජී.එල් පීරිස් මහතා මේ බව කියා සිටියේ පුංචිබොරැල්ල වජිරාශ්‍රමයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කළ තක්සේරුව අපි පිළිගන්නේ නැහැ. මේක ලෝක විහිළුවක්. මේ අලාභය කිසිසේත්ම අයකර ගැනීමට හැකියාවක් නැහැ. මේ මුදල් මේ වනවිටත් අපේ රටේ නැහැ. ඒවා තියෙන්නේ සිංගප්පූරුවේ බැංකුවලයි. පවතින නීති හෝ අලුත් නීති යටතේවත් ඒ මුදල් නැවත ලබාගන්න බැහැ. අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව නඩු පවරන්න බැහැ. ඒ බව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාත් දන්නවා. අවම වශයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය තාවකාලිකව හෝ අත්හිටුවන ලෙසට අපි ඉල්ලීමක් කළේ ඒ නිසයි. නමුත් එවැනි පියවරක් ගත්තේ නැහැ. අශ්වයාට ගාලෙන් පනින්න අවස්ථාව සලසා දුන්නේ ජනාධිපතිවරයාමයි. ජනාධිපතිවරයාගේ මේ කතා අසමින් අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් සිනාසෙනවා ඇති. අර්ජුන් මහේන්ද්‍රන් මේ රටේ පුද්ගලයෙක් නොවන නිසා ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. ඔහු දැනටමත් ලංකාවේ නැහැ. ඔහු පිටුවහල් කරන ලෙසට සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කළ යුතුයි. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට එවන්න ඔවුන් බැඳිල නැහැ. ඒ නිසා තමන් කියන කතාවල කිසිම හරයක් නැති බව ජනාධිපතිවරයා හොඳාකාරවම දන්නවා.

    ජනාධිපතිවරයා පෙරේදා දිනයේදී කළ කතාව ඇසූ පුද්ගලයන්ට අඬන්නද, සිනාසෙන්නද කියලා සිතාගන්න බැහැ. බැඳුම්කර වංචාව එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාවක් බව කියමින් සුදනා වීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. මහබැංකු අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ ජනාධිපතිවරයායි. ඒ නිසා සියල්ලටම ජනාධිපතිවරයා වගකිව යුතුයි. ඇමැතිවරුන් නිර්දේශ කළ පමණින්ම ඒ පත්කිරීම් සිදු කිරීමට තරම් විධායක ජනාධිපතිවරයා රබර් මුද්‍රාවක් නොවිය යුතුයි. එවැනි පත්කිරීම්වලදී ජනාධිපතිවරයා ස්වාධීන මනසකින් ක්‍රියා කළ යුතුයි.

    පළමු බැඳුම්කර සිදුවුණේ 2015 පෙබරවාරි මාසයේදී. දෙවැනි බැඳුම්කර වංචාව සිදුවුණේ 2016 වසරේ මාර්තු මාසයේදීයි. මේ වංචාවන් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මැතිතුමා විසින් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්වුවා. එදා ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබූ සම්බන්ධය අද පවතින සම්බන්ධයට වඩා හාත්පසින්ම වෙනස් සම්බන්ධයක්. ඒ නිසා වාර්තාව නිකුත් කරන්න පැය 24ක් තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ජනාධිපතිවරයා එදා එවැනි පියවරක් නොගත්තානම් අද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ.

    එමෙන්ම 2008 සිට 2014 වසර දක්වා කාලය තුළදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව හොයාබලන බවත් ජනාධිපතිවරයා කිව්වා. ඒ කතාව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. ඒ කතාව කිව්වේ අගමැතිවරයායි. ඒ යුගයේදී සිදුවූ දේවල් සම්බන්ධයෙන් සොයන්න මේ කොමිසමට කිසිම බලයක් නැහැ. 2008 සිට 2014 වසර දක්වා කාලය තුළදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කිසිම ප්‍රමාදයකින් තොරව කොමිසමක් පත්කරන්න. ජනාධිපතිවරයාගේ මේ කතා දෙක කලවම් කරලා ජනතාව මුළාකිරීම සඳහා ජනාධිපතිවරයා උත්සාහ ගන්නවා. ජනාධිපතිවරයා තමන්ගේ කඩුව පාවිච්චි කරන ආකාරය සම්බන්ධව මුළු රටම බලාගෙන ඉන්නවා. පසුගිය වසර දෙකහමාර තුළදීම ජනාධිපතිවරයා කළේ කතා කිරීම පමණයි. ඒ නිසා මේ සිදුවීමේදී ජනාධිපතිවරයා ගනු ලබන පියවර දෙස මුළු රටම බලාගෙන ඉන්නවා. රජයේ පාරිශූද්ධ බව සම්බන්ධයෙන් ලොවට පෙන්නුම් කළ හැකි අවස්ථාව මෙයයි. හැමදාම ජනතාව රවට්ටන්න නොහැකි යැයිද කීය.


    http://www.lankadeepa.lk/top_story/%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B1%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90----%E0%B6%A2%E0%B7%93-%E0%B6%91%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A/10-522556
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Munge ammalata hamanenna ara duppath ekek hari ekiyek hari pol gediyak kada gattot tamai ellum gas yawanne me wage ponna polticians lawa raten pituwahal karala suddonta rata dunnanam iwarai. :D:D:D:D:D:D:D
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ඕකට පඹය කියල කියන්නෙ නිකන්ය ඉතිං
    රටේ අවාසනාවට ආපු කාලකන්නියෙක්....
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages


    Munge ammalata hamanenna ara duppath ekek hari ekiyek hari pol gediyak kada gattot tamai ellum gas yawanne me wage ponna polticians lawa raten pituwahal karala suddonta rata dunnanam iwarai. :D:D:D:D:D:D:D

    ඕකට පඹය කියල කියන්නෙ නිකන්ය ඉතිං
    රටේ අවාසනාවට ආපු කාලකන්නියෙක්....

    bump
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    එමෙන්ම 2008 සිට 2014 වසර දක්වා කාලය තුළදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව හොයාබලන බවත් ජනාධිපතිවරයා කිව්වා. ඒ කතාව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ.

    Mahinda hodaaaaaiii :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකට පඹය කියල කියන්නෙ නිකන්ය ඉතිං
    රටේ අවාසනාවට ආපු කාලකන්නියෙක්....

    :yes::yes:ඔකගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    Hmmm ekath ehemada
    Kawuda singapore bank wala funds billion ganan save karanne ida dunne. Central banka eka nidiyagenada hitiye