අර්ජුන_සංගාට දෙහි කපයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අර්ජුන_සංගාට දෙහි කපයි

    සුදුපිරුවටයෙන් වැසී සිටින ක්‍රීඩකයින්ගේ අභ්‍යන්තරය ගැන මමත් හොඳින් දන්නවා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග සංගක්කාරට දෙහි කපයි


    2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහාද විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අද (13) උදෑසන පුවත්පත් මාධ්‍යවේදීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සුදුපිරුවටයෙන් වැසී සිටින ක්‍රීඩකයින්ගේ අභ්‍යන්තරය ගැන තමන් හොඳින් දන්නා බවයි.

    එමෙන්ම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ 2009 වර්ෂයේ පකිස්ථාන සංචාරය සිදු කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කළේ එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ව සිටි එස්. ලියනගම මහතා බවයි.

    කෙසේ වෙතත් අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළා,

    “දැන් ඔය සංගක්කාර මහත්තයා කියනවා නම් පරීක්ෂණයක් පවත්වන්න කියලා පරීක්ෂණයක් පවත්වන්න. මමත් කියන්නේ පරීක්ෂණයක් පවත්වන්න. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස සිටියේ ලියනගම. ඊට මාස කිහිපයකට පෙර මම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති. අපි ආසියානු තරගාලිය පකිස්ථානයේ පැවැත්වුවේ. එය ඉතාමත් හොඳට තිබුණා. ඊට පස්සේ අයි. පී. එල්. තරගාවලියට යන්න ඕන කියලා චාලි ඔස්ටින්ගේ කණ්ඩායම ඇවිත් මට කිව්වා. එතැනදී මම කිව්වේ රට පාවලා දීලා එයට මට අත්සන් කරන්න බැහැ කියලා. ඊට පස්සේ ගාමිණී ලොකුගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අයින් කළා. ඊට පස්සේ තමයි පකිස්ථාන සංචාරය තිබ්බේ. එහිදී තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට පත් වුණේ. මං හිතන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

    නමුත් අමතක කරන්න එපා, ඔය පාකිස්ථානයට ගිය ක්‍රීඩකයෝ ඊට පෙර ඒ රටේ පැවැති ආසියානු කුසලානයට ගියා. ඒ ගොල්ලෝ දැක්කා මම ඉන්න කාලේ කොච්චර ආරක්ෂාවක් තිබුණද කියලා. මම වෙනම පුද්ගලයෙක්ව යැව්වා ඒ ආරක්ෂාව බලන්න. ඊළඟට මම තවත් දෙයක් කියනවා. ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලිය යනකොට ඕනතරම් බෝම්බ යනවා. එතැනදී අපේ එක ක්‍රීඩකයෙක්වත් කියලා තියෙනවද බෝම්බ යනවා, අයි. පී. එල්. ඕනේ නැහැ කියලා. නමුත් රටට ගහන්න වෙන කොට බෝම්බ ගහනවා කියලා කථා කරන්න නම් ක්‍රීඩකයෝ ගොඩාක් ඉන්නවා.


    මම කියන්නේ 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මොකද වුණේ කියලා පරීක්ෂණයක් කරන්න. ක්‍රීඩා ඇමැතිවරු කරන්න ඕන ඕවා. තරගවල උඩ පන්දු අතහරින ඒවායි, බඩවල් ගැනයි කථා නොකර තරග පරදින හේතු හොයලා බලන්න. ඔය කථා කරන ක්‍රීඩකයින්ටත් දැන් හරි කාලේ ඇවිල්ලා තියෙනවා, මොනවා හරි වෙලා තියෙනවා නම් මෙන්න වෙච්ච දේ කියලා ඇවිල්ලා කියන්න. ඒ තරගාවලියේදී මමත් ඉන්දියාවේදී විස්තර විචාරයේ යෙදුණා. මටත් ලොකු කනස්සල්ලක් සහ සැකයක් ඇති වුණා. මට දැන්ම කියන්න බැහැ ඒවා මොකද්ද කියන එක. මම කරුණුත් එක්ක කවදක හරි දවසක ඒවා කියනවා. මං නම් කියන්නේ පරීක්ෂණයක් කරන්න ඕන නම් කරන්න ඕන මෙවැනි දේවල් ගැන.


    විශේෂයෙන්ම අමතක කරන්න එපා, පකිස්ථානය 96 ලෝක කුසලාන තරගාවලියට පෙර තමන්ගේ රටේ කණ්ඩායමෙන් භාගයක් ඉන්දියාවත් එක්ක අපේ රටට එව්වා. එදා ඔවුන් අපේ රටේ ප්‍රශ්නයක් නැහැ, ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා ලෝකයටම පෙන්නුවා. ඒවත් අපි අවධානයට ගන්න ඕන. පාකිස්ථානය අපේ ආසියාවේ සහෝදර රටක්. ඒව ගැන දන්නේ නැතිව මේ එක එක ක්‍රීඩකයෝ එක එක දේවල් කියනවා. අනෙක් පැත්තෙන් ගත්තහම ඉන්දියාවේදි තමයි එල්. ටී. ටී. ඊ තර්ජනය අපිට වැඩියෙන්ම තිබුණේ. නමුත් ඔය එකම ක්‍රීඩකයෙක්වත් ඉන්දියාවට යන්න බැහැ කිව්වේ නැහැ. මොකද ඒ ගොල්ලෝ දන්නවා බැහැයි කිව්වොත් අයි. පී. එල්. තරගාවලිය ලැබෙන්නේ නැහැයි කියලා. අයි. පී. එල්. තරගාවලියට යනකොට බෝම්බයක් ගියත් ඒවා මේ ක්‍රීඩකයින්ට පේන්නේ නැහැ.


    අපේ ක්‍රීඩකයින්ට වැදගත් විය යුත්තේ රටේ ක්‍රිකට්. ඒ ගොල්ලන්ගේ මැනේජර්ලයි, ඒගොල්ලන්ට සල්ලි හම්බ කරලා දෙන අයයි නෙමෙයි වැදගත් විය යුත්තේ. අද රටේ ක්‍රිකට් වැටිලා. ඒ ගැන ඔය ක්‍රීඩකයෝ කථා කරන්නේ නැහැ. නමුත් රට ඉඳන් තමන්ගේ මැනේජර් බේර ගන්න කථා කරනවා. මම නම් කියන්නේ ඒජන්තවරුන් සම්බන්ධයෙන් වන නීති පැනවිය යුතුයි. එක් ඒජන්තවරයකුට ක්‍රීඩකයෝ දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් කියලා නීතියක් ගෙන ආ යුතුයි. මම දන්න විදියට එක කණ්ඩායමකට ඔය චාලි ඔස්ටින් කියන තැනැත්තගේ ක්‍රීඩකයෝ පහ, හය, හත ගහලා තියෙනවා. අනිත් එක මේ පුද්ගලයා පිටරටින් ආපු පුද්ගලයෙක්. ඔහු මේ රටෙන් උපයන මුදලට බදු ගෙවලා තියෙනවද ? ඒව ගැන සොයන්න. මම කිසිම ක්‍රීඩකයෙක් පහත් කරලා කථා කරන්නේ නැහැ. නමුත් සුදුපිරුවටින් වහන් ඉන්න අයගේ ඇතුළේ මොනවද තියෙන්නේ කියලා මම දන්නවා....


    arajuna-sanga.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    oya kiyan kawruth sudu wun neme
    habyi arjunata nam aluth wun ekka podi jelak thiyanwa

    මොකක්ද බන් ජෙල?අර්ජුන කියන්නේ අළුත් උන්ට දැන් තැන දෙන්නේ නැහැ කියලා නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඔය වගේ බලු කතා වලට කියන්ඩ තියෙන්නෙ...මහතුනි රාජ්ය බලය ඔබ ලගයි...වල්පල් පුරසාරම් තැන තැන අගුපිල් වල කතා නොකර කරුනාකරල නිතිය ක්‍රියාත්මක කරන්න...එහෙම නැතුව රටක් වටින රටට ගරුත්වයක් ගෙනාපු පුද්ගලයන්ට මෙහෙම මඩ ගහන්ඩ එපා කියලයි....
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මොකක්ද බන් ජෙල?අර්ජුන කියන්නේ අළුත් උන්ට දැන් තැන දෙන්නේ නැහැ කියලා නේද?
    arjuna aravinda
    sanga mahela mali ekka bn
    source nam illana epa owata src denna widiyak nha mata
    ipl salli, mu kiayan de ahuwa nathi ekayi waliyak thiyenne
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    arjuna aravinda
    sanga mahela mali ekka bn
    source nam illana epa owata src denna widiyak nha mata
    ipl salli, mu kiayan de ahuwa nathi ekayi waliyak thiyenne

    ඒ උනාට අර්ජුන තාම එක AD එකකටවත් ඉදලා නැහැ බන්.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඒ උනාට අර්ජුන තාම එක AD එකකටවත් ඉදලා නැහැ බන්.

    arjuna kiyanna lankawe cricket wala hodama nayakaya eke dekak nha
    snga mahela marvan,vass,dilata kap[illa damma wage arjuna asanka gurusinhanata wade dunna

    malinga konada kapala cricket ghanna kiwwama wu bha kiwwa ekata hena gemak adda wu injured wela inna kota
    sanga mahela seen eka engi tour eka

    oya kawaruth sudu charitha neme bn arjuna issara cb banniddi wuge malli ayyda lanakwe cricket wiida parana wun ekka ekatu wela ewata mukuth nha

    dan slc wala hama dema charlie austin pite dahala wahanna yanne hamoma
    nayakaya maru karala wadak nha slc okkma maru karanna one
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    මුයි මුගේ ගෑනියි තරම් advertisement රගපපු වෙන cricketer කෙනෙක් නැති තරම්
    මුන් ක්‍රිකට් වලින් කොච්චර හම්ඹ කරද ?