අර්ටිෆිශල් ඉන්ටලිජන්ට් එවුන් වරෙල්ලා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    19,767
    9,193
    113
    Sherwood වගේ තැනක
    සිංහල්ලු දැන් දේශපාලනේ දැකල දැකල ඇති වෙලා.. පොඩ්ඩක් වරෙල්ල Ai ගැන කතා කරන්න..
    මං ඉන්නෙ Advertising, Content Creation සයිඩ් එකේ.. මේ පහුගිය අවුරුද්දට මං ChatGPT, Elevenlabs විතරක් පාවිච්චි කරල සෑහෙන වැඩ ටිකක් ලේසියෙන් කරගත්ත.. ඉස්සර කරන්න එච්චර උනන්දුවක් තිබ්බෙ නැති ඒව පවා..

    ChatGPT හින්ද මට තේරුන එක negative effect එකක් තමයි.. ඉස්සර මට මොකක් හරි වැඩක් ආවම, ටිකක් ඉඳගෙන අයිඩියාස් කල්පනා කරනව.. හීනියට හරි පොඩි Brain storming පාරක් යනව.. දැන් ඒක ටික ටික අඩු වෙනව.. ඕන ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලාවල් ඇවිල්ල තියෙනව නිකං ChatGPT එකේ ගහල බලනව ඌ මොනාද දෙන අයිඩියාස් කියල.. මට මේකෙන් තේරුණ දෙයක් තමයි මගේ ක්‍රියේටිවිටි කියන එක සීමා වේගෙන එනව උගේ අදහස් වලට.. උඹල මොකද හිතන්නෙ මේ ගැන ?

    අනික් එක මට තේරුණ දෙයක් තමයි ඉස්සරහට IT සෙක්ටර් එකේ ඉස්සරහට යන උන්ට AI දැනුම තියෙනව නං හොඳ තැනක් තියෙනව වගේ..

    උඹල හිතන්නෙ ඉස්සරහට මේ සයිඩ් එකේ මොන වගේ දේවල් ඉගෙන ගන්න එකද හොඳ ? මොකද මට දැන් හිතෙනව මගේ දැනුම අප්ඩේට් වෙනව මදි.. ඉස්සරහට ඕක ප්‍රශ්නයක් වෙයි කියල..

    මොන වගේ AI සර්විසස් ද ඉස්සරහට වැඩිපුර කැපී පේන්න පුලුවන් ?
    කොහොමද මේ ෆීල්ඩ් එකේ අප්ඩේට් වෙවී ඉන්නේ ?
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    2,843
    4,625
    113
    දැන් අපි creative වෙන එක අඩු වෙනව. True. මොකක් ඕනෙ උනත් investigation, analysis කෙලින්ම ChatGPT ගිහින් උගෙන් අහල කරගන්නව. ඒක තනියම කරන්නෙ කොහොමද කියල තනියම හිතන එක අඩුම වෙලා ගිහින් තියෙන්නෙ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,483
    113
    32
    Crynet Solutions
    bit.ly
    ඉස්සරහට කොහොමත් එන්නෙ prompt engineering.
    creativity එක සීමා වෙන්නෙ නැහැ තව creativity වැඩි වෙනවා මිසක්.
    logically හිතන එක නම් ඉස්සරහට එන පොඩි උන්ගෙ ගොඩක් අඩු වෙයි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,799
    14,658
    113
    127.0.0.1
    අර්ටිෆිශල් ඉන්ටලිජන්ට් එවුන් වරෙල්ලා

    ආහ් මේ thread එක human ලාට දාපු එකක් නෙමෙයි වගේ.

    Elakiri එකේ මාර රොබෝ ලා ගොඩක් නේ දැං ඉන්නෙ

    අපි ගියා එහෙනම්

    Beep beep
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    19,767
    9,193
    113
    Sherwood වගේ තැනක
    ඉස්සරහට කොහොමත් එන්නෙ prompt engineering.
    creativity එක සීමා වෙන්නෙ නැහැ තව creativity වැඩි වෙනවා මිසක්.
    logically හිතන එක නම් ඉස්සරහට එන පොඩි උන්ගෙ ගොඩක් අඩු වෙයි.
    Prompt engineering කියන්නෙ බං හරියට ප්‍රොම්ප්ට් එකක් කොහොමද ලියන්නෙ කියන එකද ?
    නැත්තන් ඒක ප්‍රෝග්‍රැමික් සයිඩ් එකේ වෙනම සබ්ජෙක්ට් එකක් වගේ යනවද දැන්?

    මොකද දැන් ක්‍රියේටිව් වැඩ කරන උන් අතරත් යනව ගොඩක් midjourney වගේ ප්‍රොම්ට් ගහන එක ස්කිල් එකක් විදිහට බලනව කියල.. :(

    ආහ් මේ thread එක human ලාට දාපු එකක් නෙමෙයි වගේ.

    Elakiri එකේ මාර රොබෝ ලා ගොඩක් නේ දැං ඉන්නෙ

    අපි ගියා එහෙනම්

    Beep beep
    එහෙම තමයි යකෝ මාකටින්.. :ROFLMAO: අවධානේ තමයී ඕනා...
    ------ Post added on Sep 19, 2024 at 12:32 AM
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    19,767
    9,193
    113
    Sherwood වගේ තැනක
    දැන්නම් ඇත්තටම අලුතෙන් හිතල කරන්න දේවල් නෑ වගෙ.

    බයකුත් හිතෙනවා පොඩි එවුන්ගේ අනාගතය ගැන

    දැන් අපි creative වෙන එක අඩු වෙනව. True. මොකක් ඕනෙ උනත් investigation, analysis කෙලින්ම ChatGPT ගිහින් උගෙන් අහල කරගන්නව. ඒක තනියම කරන්නෙ කොහොමද කියල තනියම හිතන එක අඩුම වෙලා ගිහින් තියෙන්නෙ.

    AI ideas ඕනවට වඩා පවිච්චි කරන්න එපා වැඩක මුල ඉදලම . . creativity එක අවුල් යන්ව. අන්තිමටම ඒක මතම යැපෙන්න ගන්නවා .
    මට නං ඕක දරුණුවටම බලපාල තියෙන්නෙ දැන්...
    Presentation එකකට වුනත් main topics, sub topics වල්ට කඩා ගන්නත් දැන් කම්මැලී :ROFLMAO:

    ඒකත් නිකං පුරුදු උනහම ඩ්‍රග් එකක් වගේ තමයි..
     
    • Like
    Reactions: rumesh.fbi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,099
    140,501
    113
    එකමත් එක රටක
    මට නං ඕක දරුණුවටම බලපාල තියෙන්නෙ දැන්...
    Presentation එකකට වුනත් main topics, sub topics වල්ට කඩා ගන්නත් දැන් කම්මැලී :ROFLMAO:

    ඒකත් නිකං පුරුදු උනහම ඩ්‍රග් එකක් වගේ තමයි..
    කරන්න තියෙන්නේ කලින් කරපු ක්‍රියේටිව් process එකේ කෑලි වලට ඉම්ප්රුව්මන්ට් එකක් විදියට AI පාවිච්චි කරන එක .
    නැත්නම් කාලයක් ගහින් AI නැතුව කලින් වගේ හිතන්න පුලුවන් එක අමතක වෙලා යනවා ..
     
    • Like
    Reactions: rumesh.fbi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,099
    140,501
    113
    එකමත් එක රටක
    creativity එක සීමා වෙන්නෙ නැහැ තව creativity වැඩි වෙනවා මිසක්.
    සිමා වෙන්ව බන් . අත්දැකීමෙන් කියන්නේ .
    මිනිස්සු AI වලට වඩා ක්‍රියේටිව් . මිනිස්සු තමයි අලුත් ට්‍රෙන්ඩ් හදන්නේ .
    AI කරන්නේ පවතින ට්‍රෙන්ඩ් වලින් සොලුෂන් දෙන එක .
    ඕක මත්තෙම හිටියම creativity එක සෑහෙන අඩු වෙන්ව . ගොඩක් කාලයක් එකම මත්තේ හිටියම , කලින් තිබ්බ ක්‍රියේටිව් ප්‍රැක්ටිස් එකත් නැති වෙන්ව