Prompt engineering කියන්නෙ බං හරියට ප්‍රොම්ප්ට් එකක් කොහොමද ලියන්නෙ කියන එකද ?
නැත්තන් ඒක ප්‍රෝග්‍රැමික් සයිඩ් එකේ වෙනම සබ්ජෙක්ට් එකක් වගේ යනවද දැන්?
මොකද දැන් ක්‍රියේටිව් වැඩ කරන උන් අතරත් යනව ගොඩක් midjourney වගේ ප්‍රොම්ට් ගහන එක ස්කිල් එකක් විදිහට බලනව කියල..![]()
AI තියනව කියල සේරම කරගන්න පුළුවන් කියල knowledge එක ඕන නෑ කියල හිතනවා නම් ඒක වැරදී.
example හිතපන් bug එකක් ආවම මොකේ හරි උබට පුළුවන් වෙන්න ඕන ai එක මේ විදියට කරන්න. ඔහොම හරියන්නෙ නෑ කියල guid කරන්න.
ඒකට ඕන knowledge එක. github එකේ උනත් 90% වගේ අලුතෙන් තියන codes සේරම ai generated මම දන්න විදියට.
ඉස්සරහට programming language එකක ලියන විදිය syntax use කරන්න ඕන විදිය ඉගෙන ගන්න එක එක එක language එකට වෙන වෙනම කිසි තේරුමක් නැති වෙනව. අපිට ඕක ලොකු වෙනසක් තේරෙන්නෙ නැත්තෙ අපිට already knowledge එක තියන නිසා.
අලුතෙන් field එකට එන උන්ට නම් මට හිතාගන්න බෑ. මොකද පට්ට ලේසියෙන් කරගන්න පුළුවන් tool එකක් තියෙද්දී කවුරුත් පුප විකාගෙන ඔලුවෙන් හිතන්න යන්නෙ නෑ. ඒ side එක මොට්ට වෙලා යනවා. හරියට අපි ඉස්කෝලෙ යන කාලේ ටිකක් ලොකු ගණන් එක දිගට 50 විතර ලියල දුන්නොත් අපිට එකතු කරගෙන යන්න පුළුවන් පට පට ගාල. දැන් cal එක use කරන්න ගත්තට පස්සෙ උබ කොලයක් අරගෙන ලියල බැලුවොත් අනිවාරෙන් වරදෙනවා. ටිකක් වෙලා දගලලා අර පරණ එක එනව ඒත් නිතර පුරුද්දක් නැති උනොත් ඕක තමයි වෙන්නෙ. logically හිතන එකටත් ඕකම තමයි වෙන්නෙ. මොට්ට වෙනවා අපිව.
ගොඩක් පොඩි උන් දැන් exam වල උනත් paper එක චැට් GPT දැම්ම ලිව්වා ආව. අන්න ඒ level එකේ තියෙන්නෙ. ඉස්සරහට හිතපන් කො.