අර්බුදය උග්‍ර අතට - වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑසුත් නැතිව යයි

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    gas-issue.jpg

    ලාෆ්ස් සමාගම ගෑස් බෙදාහැරීම නතරවීම නිසා විකල්පයක් ලෙස ලිට්‍රො ගෑස් ලබාගැනීමට උනන්දු වූවද අද උදෑසන වනවිට ලිට්‍රෝ ගෑස් හිඟයක්ද රට පුරා මතුව ඇතැයි ගෑස් අළෙවිකරුවෝ සහ පාරිභෝගිකයෝ පවසති.
    කොළඹ අවට සහ පිට පළාත්වල අද පෙරවරුව වන විට ලිට්‍රෝ ගෑස් තොග අවසන්ව ඇතැයි වාර්තා විය.
    මේ නිසා ගෑස් හිඟය නිසා ඉවුම් පිහුම්වල නිරතවීමට නොහැකිව පාරිභෝගික ජනතාව අපහසුතාවලට ලක්ව තිබේ.අද පස්වරුව වන විට ගෑස් ලැබෙනු ඇතැයි ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන නමුත් එය විශ්වාස නැතැයිද වාර්තාවේ.

    ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා මීට දින දෙකකට පමණ පෙර පවසා තිබුණේ කහ නිල් ඕනෑම පාටක ශ්‍රී ලංකාවේ සමස්ත ගෑස් ඉල්ලුම සිය සමාගමට ලබාදිය හැකි බවයි.
    ශ්‍රී ලංකාවේ ගෑස් අලෙවිය සිදු කරන්නේ මෙකී සමාගම් දෙක පමණි.

    හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මීට දින කිහිපයකට පෙර ගෑස් හිඟයක් මතුවිය හැකි බවට අනාවැකි පළකරමින් ඒ ගැන තැබූ සටහනක් පහත පරිදිය.

    ලංකාවට පිටරටින් ගෑස් ගෙන්වන්නට ඩොලර් අවශ්‍යයි.

    ලාර්ෆ් සමාගම පාරිභෝගිකයාට අඛණ්ඩව ගෑස් දෙන්න නම්, මාසයකට ඩොලර් මිලියන 7 ක ගෑස් ලංකාවට ගෙන්විය යුතුයි.

    පසුගිය සති තුන තුල ලාර්ෆ් සමාගම ලංකාවේ ආණ්ඩුවේ හා පුද්ගලික බැංකුවල ‘ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්‘ (ණයවර ලිපි නැතිනම් එල්සී) විවෘත කරන්නට උත්සහ කලා. නමුත් ලංකාවේ තියෙන ඩොලර් හිඟය නිසා ණයවර ලිපි විවෘත කිරීම සිදුව නැත.

    නිල්පාට ලිට්රෝ ගෑස් ගෙන්වන්නට මාසයකට තවත් ඩොලර් මිලියන 20 ක අවශ්‍යයි.

    මේ සමාගම් දෙකට අවම තත්වය යටතේ ඩොලර් මිලියන 30, උත්සව සමයේ දී ඩොලර් මිලියන 36 කට ආසන්න විදෙස් මුදල් නැතිනම් ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගන්න බෑ.

    2021 වසරේ ගෙවල්වල ගෑස් ලිප් ටික නොදැවී පත්තු කරන්නම් අවම වශයෙන් ගෑස් මෙ.ටො. 400,000 ක් ගෙන්වන්න අවශ්‍යයි. ඩොලර් මිලියන 260 ක් (CIF) අවශ්‍යයි.

    ලිට්රෝ සමාගමට අලුතෙන් සභාපතිවරයෙකු පත්වී තිබෙනවා. ඔහු කියනවා ලාෆ් සිලින්ඩර් වලට ලිට්රෝ සිලින්ඩර් නිකුත් කරනවා කියලා. අලුත් සභාපති ගේ දැනුම එයින් පේනවා. ආරියශීල වික්‍රමනායක මුන්ඩෝ කියලා ගෑස් සමාගමක් හදලා ඕනෑම ගැස් සිලින්ඩරයකට මුන්ඩෝ ගෑස් නිකුත් කලා. නඩුවක් වැටුණා. ආරියශීල පැරදුනා. සමාගම වැහුණා. කහ සිලින්ඩරයට නිල් සිලින්ඩරේ දෙන්න බෑ. හිතුන හිතුන ගමන් මාරුකරන සභාපති ලා පව්!

    අද ලාෆ් සමාගමට තියෙන ඩොලර් ප්‍රශ්නය හෙට ලිට්රෝ එකට එනවා.

    බැංකුවල ඩොලර් එක රු 203 යි. කළු කඩේ අද ඩොලර් එකක් රු. 240 යි.

    ඩොලර් නැති නිසා පොහොර නැවැත්තුවා. ගිය සතියේ අමාරුවෙන් තෙල් ටිකට සල්ලි ගෙව්වා. දැන් ගෑස්වලට ගෙවන්න ඩොලර් බැංකුවල නෑ.
    සලාක ක්‍රමයක් ලඟ ලඟම එනවා .....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    gas-issue.jpg

    ලාෆ්ස් සමාගම ගෑස් බෙදාහැරීම නතරවීම නිසා විකල්පයක් ලෙස ලිට්‍රො ගෑස් ලබාගැනීමට උනන්දු වූවද අද උදෑසන වනවිට ලිට්‍රෝ ගෑස් හිඟයක්ද රට පුරා මතුව ඇතැයි ගෑස් අළෙවිකරුවෝ සහ පාරිභෝගිකයෝ පවසති.
    කොළඹ අවට සහ පිට පළාත්වල අද පෙරවරුව වන විට ලිට්‍රෝ ගෑස් තොග අවසන්ව ඇතැයි වාර්තා විය.
    මේ නිසා ගෑස් හිඟය නිසා ඉවුම් පිහුම්වල නිරතවීමට නොහැකිව පාරිභෝගික ජනතාව අපහසුතාවලට ලක්ව තිබේ.අද පස්වරුව වන විට ගෑස් ලැබෙනු ඇතැයි ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන නමුත් එය විශ්වාස නැතැයිද වාර්තාවේ.

    ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා මීට දින දෙකකට පමණ පෙර පවසා තිබුණේ කහ නිල් ඕනෑම පාටක ශ්‍රී ලංකාවේ සමස්ත ගෑස් ඉල්ලුම සිය සමාගමට ලබාදිය හැකි බවයි.
    ශ්‍රී ලංකාවේ ගෑස් අලෙවිය සිදු කරන්නේ මෙකී සමාගම් දෙක පමණි.

    හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මීට දින කිහිපයකට පෙර ගෑස් හිඟයක් මතුවිය හැකි බවට අනාවැකි පළකරමින් ඒ ගැන තැබූ සටහනක් පහත පරිදිය.

    ලිට්සභාපති කිව්වා⁣ නේද ලාෆ් වලටත් දෙන්නම් කියලා.. කයිවාරු විතරයි එහෙම දෙන්න බැ කියලා එදාම කිව්වා. උන්ට LC එකට ලාෆ් එකට වඩා ඕනා. අනික මුන්ඩො එක

    දැන් ඉතින් කුඩුලිප් ගහමු
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    නියෝ ලිබෙරල් වාදයේ බිඳ වැටීම...
    වෙලාවට දරලිප් තියෙන්නේ තාම.අලුතින් ගෙවල් හදපු අයට ඒ නිරෝගිමත් මැටි වලං ලිප් අමතක කළා , ආර්ට් කරලා මොරටුවේ ඉංජිනේරු ෆැකල්ටියෙන් උපාධි ගත්තු නූතන ආකියෝ.....එංගලන්තේ වුනත් තාම දර ලිපක් තියෙනවා හැම සමාන්ය ගෙදරකම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සල්ලි තියෙනවනං ඕන එකක් ලංකාවෙ ගන්න පුළුවන් නේද?
    ඩොලර් තියෙනවනං?? 🤭
    ඩොලර් නෑ සුට්ටෝ.. මගුලක් වෙලා තියෙන්නේ. ඩොලර් 500 ක් විතර අරන් තාමා ආයේ ඔසී එන දවසට එන්න වෙන්නේ

    නියෝ ලිබෙරල් වාදයේ බිඳ වැටීම...
    වෙලාවට දරලිප් තියෙන්නේ තාම.අලුතින් ගෙවල් හදපු අයට ඒ නිරෝගිමත් මැටි වලං ලිප් අමතක කළා , ආර්ට් කරලා මොරටුවේ ඉංජිනේරු ෆැකල්ටියෙන් උපාධි ගත්තු නූතන ආකියෝ.....එංගලන්තේ වුනත් තාම දර ලිපක් තියෙනවා හැම සමාන්ය ගෙදරකම.
    මට පාදේණිය වගේ පේනවා උඹව
    ------ Post added on Jul 23, 2021 at 2:30 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මැදමුලන පවුලේ Black Money එලියට දැම්මොත් සහනයක් රටටම එයි.

    දායි බලන් ඉඳපන්කො. 🤣🤣

    නීතියක් දායි සහන කාලයක් දීලා ඒව ගේන්න කියලා. ගේන උන්ට සදාකාලිකවම උන්ට යටත් වෙලා ඉන්න වෙන්නෙ ප්‍රාණ ඇපකාරයො වගේ.
    රාජපපයල නං කීයටවත් ගේන්නෙ නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මරු මරු ආන්ඩුව එකින් එක ඩොලර් නැතුව හිර වෙනවා . සැම්බියා වී ආර් කමින් බේබීස් කමින් සූන්
    සැම්බියාව දැන් චිනෙට ද අයිති
     
    • Like
    Reactions: fdk and hodakolla

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    නියෝ ලිබෙරල් වාදයේ බිඳ වැටීම...
    වෙලාවට දරලිප් තියෙන්නේ තාම.අලුතින් ගෙවල් හදපු අයට ඒ නිරෝගිමත් මැටි වලං ලිප් අමතක කළා , ආර්ට් කරලා මොරටුවේ ඉංජිනේරු ෆැකල්ටියෙන් උපාධි ගත්තු නූතන ආකියෝ.....එංගලන්තේ වුනත් තාම දර ලිපක් තියෙනවා හැම සමාන්ය ගෙදරකම.

    පාදෙණිය උබේ ළඟම නෑයෙක්ද? 🤔