අර්ශස් රෝගයට ගෙදර හදාගත හැකි අත්බෙහෙත්
කොහිල අල කැඳ අර්ශස්‌වලට ඉතාම ප්‍රත්‍යක්‍ෂ බෙහෙතක්. මෙය හදන හැටි මෙහෙමයි. අඟලක් ගනකම අඟල් දෙකක් දිග කොහිල අලයක් අරගෙන පිරිසිදු කරගන්න. ගොටුකොළ මිටක් සහ පොතු ඉවත් කරගත් රතුළුEනු ගෙඩි පහකුත් ගන්න. මේවා වංගෙඩියක දමා කොටමින් වතුර කෝප්ප භාගයක් පමණ එකතු කරන්න. එහෙම නැත්නම් බ්ලෙන්ඩරයක දමා බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු ඉස්‌ම ටික පෙරා හෝ මිරිකාගෙන එළඟිතෙල් මේස හැඳි භාගයක් දමා ළිපේ තබා රත්කර ගන්න. නිවුණු පසු පානය කරන්න. හිස්‌බඩ සතියකට දවස් දෙක තුනක් මෙය පානය කරනවා. සති හතරක් තුළ ලැබෙන ගුණය ඔබ දැනගන්න.
වෛද්‍ය දිස්‌න රණවීර
නොමිලේ උපදෙස් සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.
Read more
වෛද්‍ය දිස්‌න රණවීර
නොමිලේ උපදෙස් සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.
Read more