අරුම පුදුම පුහුනු තරඟ

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    අරුම පුදුම පුහුනු තරඟ

    සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

    තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර50 තුළදී කඩුලු 9ට ලකුණු 287ක් රැස්කිරීමට සමත්විය.

    නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 77ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 61ක් රැස්කිරිමට සමත්විය. එසේම වේගවත් පිතිහරඹයක නිරත වූ ඉසුරු උදාන පන්දු 26කදී ලකුණ 40ක් රැස්කළේ හයේ පහර හා හතරේ පහර තුන බැගින් වාර්තා කරමිනි.

    එංගලන්තය වෙනුවේන මොයින් අලී කඩුලු තුනක් දවා ගැනීමට සමත්විය.

    පී. සරා පිටියේ පැවැති තරගයේ ලකුණු 288ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම අයපහත් කාලගුණය හේතුවෙන් තරගය නිමා කරන විට පන්දුවා ර 35.3කදී කඩුලු දෙකකට ලකුණු 215ක් රැස්කරගෙන සිටියේය.

    ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 43ක ජයක් හිමිවිය. එංගලන්ත ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 41ක් තුළදී දැවී ගියත් ජෝ රූට් හා නායක මොගන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 174ක නොබිඳුණු සබඳතාවක් පැවැත්වූහ.
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    චන්දිමාල් නේද ජාතික කන්ඩයමේ කැප්ටන්.දැන් පුහුනු තරග වලත් කැප්ටන් කරනවා.පලමු දහදෙන අතර ඉන්න වටින්නේ නැති හාල් කෑල්ලක් කැප්ටන් කරාම ඔහොම වෙනවා.හැබයි ද්ලංකාවේ විතරයි.ඉස්සර පුහුනු තරඟ දුන්නේ නවකයන්ට.අලුතෙන් එකෙක් එයි කියලා බයේ මුන් ඒකට හුකනවා.මේවා තමයි ලංකාවේ ක්‍රිකට් විනාස කරන යටිකූට්‍ටු වැඩ.
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මෙතන වෙන කෙක් කැප්ටන් කරල ඌ දිනුවනම් මුන්ගේ ගේම අවුල් වෙනවා.මොකො චන්දියා වන්ඩේ ටික පැරදුනොත් හිකෙනවා.ඒක නිසාම ඌ කැප්ටන්සි කරන්න පුහුනු තරගෙට රිංගුවා වෙන්න පුලුවන්.ඒ කලේ සංග,මහේල යන්ගස්ටර්ලට දෙන්නේ නැතිව උනුත් පුහුනු තරග ගැහුවා.:lol: