2014 අවුරුද්දේ මම වැඩ කරපු ඔෆිස් එකේ මැච් එකක් තිබ්බා, කටුනායක BOi පිට්ටනියේ. එදා කට්ටියට බොන්න බියර් ගෙනත් තිබුනත් මම බිව්වේ නෑ, මොකද එදා හවස අපි අවාරේ සිරිපාදේ යන්න ලැස්ති වෙලා උන්නේ.කොහොම හරි මැච් ටික ඉවර වෙන්න කිට්ටු කරල මම වැඩේ කට් කරලා ආව. මොකද ඇවිත් බෑග් ලැස්ති කරන්නයි, තව බඩු ගන්නයි වැඩ කිහිපයක් තිබ්බ නිසා.කටුනායක ඉඳල සීදුව පාරේ ඇවිත් පොඩි ෂොට් කට් එකකින් අපේ මහ පාරට දාලා අඩි 10 වත් එන්න උනේ නෑ, එකපාරටම ලේලන්ඩ් කහපාට ටිපර් එකක් සද්දෙට හෝන් ගහගෙන , මගේ ඉස්සරහ බ්රේක් කළා.ඒ වෙලාවේ එක පාරටම මම බයික් එක බ්රේක් කරලා නවත්තල බැලුව ඇයි කියල. යකෝ හන්දියෙන හරවල ඒ වෙනකන් මම ඇවිත් තියෙන්නේ රෝන්ග් සයිඩ්.මට ඒ වුනාට අද වෙනකන් 100 % ෂුවර් මම රෝන්ග් සයිඩ් නෙමේ ආවේ කියල. හන්දියේ ඉඳල මීටර් 10 -15 විතර ඉස්සරහට ඇවිත්.මම හිමින් සීරුවේ අයිනට කරලා හරි ලේන් එකේ දාගෙන කෙලිම්ම ගෙදර ආව. බයික් එකේ අවා උනත් පට්ට දාඩියක් දාලා, ඇඟ පන නැති වගේ වෙලා, කකුල් දෙක පවා වෙව්ලනවා.ටිකක් වෙලා ගිහින් තමා පියවි තත්වෙට ආවේ.අදටත් මට හිතා ගන්න බෑ හන්දියෙන් හරවල මම ඒ පොඩ්ඩ කොහොමද වැරදි පැත්තේ ආවේ කියල ? පස්සේ මම නෙට් එකේ එහෙම නිකන් හොයල බැලුව. සමහරක් වෙලා වලට අපේ මොලේ තත්පර ගානකට යම් යම් සිද්ධි වලට ප්රතික්රියා දක්වන්නේ නැතිලු. ඒ වෙලාවට නිකන් බ්ලින්ක් වෙලා වගේලු.සිරාවට මට අදටත් හන්දියෙන් හරවල, හෝන් සද්දේ ඇහෙනකන් තත්පර දෙක තුන මතකයේ නෑ.
ජීවිතේ මරණයෙන් ගැලවුණු දෙවෙනි අවස්තාව.